බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
Posted on April 9th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව අදහස් දක්වන බෙදුම්වාදීන්ගේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස සැලකෙන ජෙහාන් පෙරේරා නැමැත්තා සඳහන් කරන්නේ අන්තර්ජාතික තලයේ පැන නගින යුධ අපරාධ චෝදනාවලින් ගැලවීම සඳහා කුමන හෝ ක්‍රමයක් අවශ්‍ය බවය. ඒ අනුව ඔහු ඉදිරිපත් කරන විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමය.

මීට පෙර ඔහු විජිත හේරත් අමාත්‍යවරයාගේ ජිනීවා කතාව උපුටා දක්වමින් නවාස් කොමිසම් වාර්තාව ගැන සඳහන් කරමින් කියා සිටියේ අමාත්‍යවරයා විසින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවිය යුතු බවට ඇමතිවරයා මානව හිමිකම් සමුළුවේදී ප්‍රතිඥාවක් ලබාදීම ජේහාන් පෙරේරාගේ ඇගයීමට ලක් විය.

 ඉන්පසුව බටලන්ද කොමිසම පිළිබඳ සංවාදයේ ඉහළට පැමිණි අවස්ථාවේදී හෝ ඉහළට එසවූ අවස්ථාවේදී ද ජෙහාන් පෙරේරා සඳහන් කළේ අවසන් විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම බවය. ඒ අනුව දෙමළ ඩයස්‌පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග උත්සාහ කරන්නේ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම මගින් ආරක්ෂක හමුදා බිත්තියට හේත්තු කිරීම සඳහා බවට දේශපාලන විචාරකයෝ අදහස් දක්වති.

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress