මෝඩි-අනුර ගිවිසුම් ඉන්ග්‍රීසි, හින්දි සහ අරාබි භාෂාවලින් සකස්කොට ඇත. එය සින්හල භාෂාවෙන් නැතිළු
Posted on April 28th, 2025

ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර 27.4/25.

(Indo-Lanka energy agreements revealed (by Udaya Gammanpila)

2025.Apr 27 ™

මෝඩි-අනුර ගිවිසුම් ඉන්ග්‍රීසි, හින්දි සහ අරාබි භාෂාවලින් පමණක් සකස්කොට ඇති බවද සින්හල භාෂාවෙන් එය නැති බවද  ගම්මන්පිල මහතා පවසා ඇති බැවින් අදාල ගිවිසුම් වල ඇති නීත්‍යානුකූල භාවය පිළිබඳවද බරපතල නීතිමය ගැටළුවක්ද ඇත.ගිවිසුමේ ප්‍රධාන පාර්ෂවකරු වන මේ රටේ රාජ්‍ය භාෂාව වූ සින්හල භාෂාවෙන් එය නොතිබීම නීති ගැටළුවක් වීමට අමතරව එය හිතා මතාම මේ රටේ අයිතිකරුවන් වන සින්හලයින්ට කරණ ලද බරපතල අවමානයක් සහ නින්දාවක් ද බව කිව යුතුය.

එමනිසා මේ රටේ පරමාධිපත්‍ය ඇති සමස්ත ජනතාව, පාර්ලිමෙන්තුව මෙන්ම නීතිපතිවරයාගේද එසේම නීති විසාරධයින්ගේද  දැඩි හා ක්ශනික අවධානය මෙයට යොමුවිය යුතුයයි මම සිතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress