ධම්මික බණ්ඩාර සහ මහාචාර්ය සේනක රාජපක්ෂ
Posted on December 19th, 2020
ධම්මික බණ්ඩාර යනුවෙන් හඳුන්වන්නේ මෑතකදී කතා බහට ලක්වූ ධම්මික පැණිය හඳුන්වා දුන් මහත්මා ය. මට ඒ මහතා මුණ ගැසී ඇත්තේ දෙවරක් පමණි. ඒ ද විනාඩි කිහිපයක කාලයකට පමණි. සේනක රාජපක්ෂ යනු වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි. නිකන්ම කෙනකු නොව ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ (PGIM) අධ්‍යක්ෂකවරයාය. ඒ මහතා ද මට මුණ ගැසී ගැසී ඇත්තේ එක් වරක් හෝ දෙවරක් පමණි. එහෙත් ඔහු සමග කතාබහ කළ වගක් මට මතක නැත.
මම ද පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ කමිටුවක සාමාජිකයකු වීමි.ධම්මික බණ්ඩාර මහතා කොරෝනා රෝගය මර්දනය කළ හැකි ඖෂධයක් තමන් සතුව ඇති බවත් තමන්ට ඒ ඖෂධය ලැබුනේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන් කොට්ඨාශයකගේ උදව්වෙන් බවත් පවසන ලදි. එහි සත්‍ය අසත්‍යතාව මම නොදනිමි. එහෙත් ඒ ආකාරයේ සන්නිවේදන සිදු විය හැකි බව මම දනිමි.
පැණිය ගැන සමාජයේ ඇති වූ කතාබහ නිසා සහ රජයට ගලා ආ විවිධ ඉල්ලීම් නිසා සහ මෙම පැණිය පිළිබඳව සුදුසු පරිදි ගවේෂණයක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵල ජනතාවට දැනගැනීමට සැලැස්වීමට තීන්දු විය. ඒ සම්බන්ධයෙන් ඇතිවූ ඇති වූ එකඟතාව මත රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය විද්‍යාව පිළිබඳව ප්‍රධාන මහාචාර්යධුරය දරන විද්වතුන්ගෙන් (Chair Professor ) යුත් කමිටුවක් ඒ සඳහා පත් කෙරෙනි.
ඊට අමතරව බටහිර විද්‍යා ක්ෂේත්රයේ ප්‍රවීනයන් කිහිප දෙනෙක් ද එම කමිටුව නියෝජනය කරයි. ඒ සියලු දෙනා ස්වෙච්ජාවෙන් තමන්ගේ දායකත්වය ලබාදෙන අතර මෙම ප්රශ්නය දෙස මැදහත්ව සහ සාධාරණ ලෙස බැලීමට තරම් පරිණත පිරිසක් බව පැවසිය යුතුය. මහාචාර්ය සේනක රාජපක්ෂ මෙම කමිටුවට ඇතුළු නොවූයේ ඔහු වෛද්‍ය පීඨයක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආචාර්යවරයා නොවන හෙයිනි. රාජපක්ෂ මහතා එම තනතුරට ඉදිරිපත් වුව ද කොළඹ වෛද්‍ය පීඨයේ ඔහුට වඩා සුදුස්සෙක් සිටි බැවින් එම තනතුරු අහිමි විය.
ධම්මික බණ්ඩාර මහතා හමු වූ අවස්ථාවේ මා විමසා සිටියේ මාධ්‍යවලින් ප්‍රහාර එල්ල වනවා නොවේ ද යනුවෙනි. ඒ මහතා ඊට පිළිතුරු දුන්නේ තමන් ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බවත් ඔවුන්ට මෛත්‍රී කිරීම මේ අවස්ථාවේ සිදු කළ යුතු දේ බවයි. ඔහු කිසිවකුට හෝ පෙරලා මඩ ගැසූ වගක් මම නොදනිමි. මේ සමග දක්වා ඇත්තේ මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා විශේෂඥයන් නියෝජනය වන කොලිජියේ (SLCIM) සියලු දෙනාගේ දැන ගැනීමට යොමු කල මඩ පොස්ටුවකි. ඔහුට පෙරකී කමිටුවට සහභාගී වීමට අවස්ථාව නොලැබීම හෝ ධම්මික මහතා බොරුකාරයකු ලෙස පෙනීම හෝ දාර්ශනික නොගැලපීම නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ පැණිය සමග ප්‍රශ්නයක් තිබිය හැක.
ධම්මික මහතා බොරුකාරයෙක් වන්නේ ඔහුට දැනුම ලැබුණු ආකාරය හේතුවෙන්නම් අද ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වන ඇතැම් ආගමික ශාස්තෘවරුන් ද ඒ තර්කය අනුව බොරුකාරයන් විය යුතුය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා භද්‍ර කාලි මෑණියන් හමුවේ සිය තනතුර, වෘත්තීය ගරුත්වය,විනය, ශික්ෂණය සියල්ල අමතකව ගොස්ය. ඔහුට කොහෙන් හෝ ලැබුණු මඩ පොස්ටුව තැන නොතැන නොබලා බෙදා හරින්නේ එහෙයින් විය යුතුය. මේ පෝස්ටුව දුටු වෛද්‍යවරු කිහිප දෙනකුම සේනක රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස මට දන්වා සිටියේය. එහෙත් ධම්මික මහතාගේ දෙවියන්ගේ සත්‍ය අසත්‍යතාව, ඒ මහතාගේ සදාචාරය,
හැසිරීම බොහෝ සෙයින් ප්‍රශ්න කරන මේ දිනවල ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ ඉහල ආයතනයේ ඉහලම තනතුර දරන පුද්ගලයාගේ මේ පොස්ටුව ඒ ගැන උනන්දුවක් දක්වන අයගේ දැන ගැනීමට සැලැස්වීම නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට වඩා වැදගත් බව මම තීරණය කලෙමි.
සෞඛ්‍ය අංශයේ රාජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව මෙවැනි පොස්ටු බෙදා හැරීමට ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ (PGIM) අධ්‍යක්ෂකවරයාට ලැබී ඇති නිදහස අප රජයේ භාෂණයේ නිදහස පිළිබඳව ද කදිම සාක්ෂියකි. ඒ ගැන මට ඇත්තේ සතුටකි.
December 20th, 2020 at 3:29 am
Hon. Channa Jayasumana,
You have done a great service to our country and more particularly to Rajarata farmers for a relentless effort to rid CKDu, for which they have sent you to the parliament.
But you have more to do and perhaps your job is just beginning. Here’s a comment I wrote to an article by your mentor Prof. Nalin whose article appearing in this forum below. It applies to you as well. Please read it and watch the video if time permits. It appears authentic to me. And if possible get your researchers to carry out microscopic examination of bee’s honey from Kegalle area. Perhaps you may find the micro cavity structures ( Victor Grebennikov talks about in the video) that gives the ‘mystic powers to cure Covid-19’ there.
Here’s my comment to him:
“Nalin De Silva,
It is interesting to see the so called academics of our country continue to send the uneducated lot on the wrong path. Throughout history of mankind, they have been attributing what they could not explain to gods and mystic powers. As time goes on they discover the truth of these more and more. For example with what power did the ancient Egyptians carried those heavy stone up on to the pyramids. And people talk of a thing called telepathy. The existence of this has been proved by Chinese with experiments carried out on earth itself just a couple of years ago. How did our own ancient kings (Ravana?)carried water and other heavy items to the top of Sigiriya?.
Perhaps he following video would explain some of these.
Please stop promoting Hindu mythology as our rulers would think of even making sacrifices to kali amma. The other day one of the ministers has gone to Ruwanweli saya fully drunk in the middle of the night and made a huge din. It is quite obvious to me that he had not done it on his own. Later he was seen in his office keeping a kali amma statue behind his table. So, by writing articles like this you are encouraging un-Buddhist mythology which is quite dangerous to Sinhala nation. Are you having some kind of an agenda?.”
“https://youtu.be/CwiC9NKPfDk”
December 20th, 2020 at 5:13 pm
Kali is a Hindu goddess. If Dhammika wants to have faith in Kali he has full right to do so.Same as those people who have faith in God Katharagama or God Saman of Sri Pada, in Allah. Who are we to stop someone’s belief.
Kali is the chief of the Mahavidyas, a group of ten Tantric goddesses who each form a different aspect of the mother goddess Parvati.
Kali’s earliest appearance is that of a destroyer of evil forces. She is the most powerful form of Shakti, and the goddess of one of the four subcategories of the Kulamārga, a category of Tantric Saivism. She destroys the evil in order to protect the innocent. Over time, Kali has been worshipped by devotional movements and tantric sects variously as the Divine Mother, Mother of the Universe, Adi Shakti, or Adi Parashakti.[1][2][3] Shakta Hindu and Tantric sects additionally worship her as the ultimate reality or Brahman.[3] She is also seen as the divine protector and the one who bestows moksha, or liberation.[1] Kali is often portrayed standing or dancing on her consort, the Hindu god Shiva, who lies calm and prostrate beneath her. Kali is worshipped by Hindus throughout India and Nepal.[4]
December 22nd, 2020 at 9:06 am
People who assert their will on others by effective commumication control their destinty. I have read that God Saman, Katharagama deviyo and Ravana are people who have lived upon this soil. People who have the ability to understand the contemporary society eith thier intuitive perceptions do it effectivrly accordimg to a scholarly discourse that I watch yesterday. I will post it tomorrow. It appears to me like an extension of the video I have given above. It is about various Yuga including the kali yuga that we read in various texts.
Just like radios responds to different frequencies living beings also responds to certain forces that they experiece. This perhsps may be the influence of gravity waves of the planets people are born under. More than anything else gravity field must be affecting our lives. According to this video more than the genes that peoplr acquire from their parents the forces of these terrestrial bodies excert on people shape the character of such leaders.
It would appear that we have lost the knowledge the Ravanas had with respect to overcoming the gravitational forces. Flying machines are clearly depicted in painting inside pyramids.
So propagating myths about God Saman, kali etc are perhaps done according scripts provided to them.
I am sorry if I have heart the feelings of any devotees.
December 23rd, 2020 at 1:08 am
Here is the video regarding the ‘Kali yuga’ which presents a bundle of info; it appears factual to me.
Further more it gives the slave master relationship which is a controversial topic these days. History has innumerable cases of slaves becoming masters perhaps when their stars are aligned correctly; taking the right decision at the right time is the important thing, to my mind:
“https://youtu.be/tebccPrRGgg”