පොහොර – රසායනික ද්‍රව්‍ය තහනම -‘ශ්‍රී ලංකා තේ‘ ‘සිලෝන් ටී‘ නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අතුරුදන් කරනු ඇත
Posted on June 4th, 2021
පුවත්පත් නිවේදනය – රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර
පොහොර – කෘෂි රසායන නැති ‘කාබනික තේ’ ජනප්‍රිය සටන් පාඨයකි. ප්‍රායෝගිකව කිසි ලෙසකින් හෝ ජය ගත නොහැකි ඉලක්කයකි. රසායනික පොහාර – කෘමි, දිලීර, වල් නාශක තහනම් කිරීම ශ්‍රී ලංකාව සතු සුවිශේෂතම හා මිල කළ නොහැකි ‘ශ්‍රී ලංකා තේ සන්නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අහෝසි කිරීමට හේතු වනු ඇත.
ගහෙන් ගෙඩි ඒන්නා සේ එකවරම සියළුම රසායනික පොහොර ආනයක තහනම් කිරීම වැරදි, අන්තගාමී තීරණයකි. 2021 ලංකාවේ සමස්ත පොහොර අවශ්‍යතාවය මෙ.ටොන් 1,230,031.09 යැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය ගණන් බලා ඇත. පොහොර ටොන් ලක්ෂ 12 කට කාබනික ආදේශක ආනයනයෙන් තොරව සෙවී ‘කළුනික සෙවීම’ හා සමාන වැඩකි. සියළුම කෘෂි වගාවන්ට මරු පහරකි.
එක රැයකින්, එක් සතියකින් එම පොහොර අවශ්‍යතාව, කාබනික පොහොර ලෙස සපයා ගැනීම වැනි හීනයක් සාමාන්‍ය යෙන් උණ සන්නිපාත ලෙඩුන්ටවත් පෙනෙන්නේ නැත! පොහොර ආනයනය සඳහා වන වියදම ඩොලර් මිලියන 400 ක මුදලකි. නමුත්, පොහොර අමුද්‍රව්‍යයකි. ආයෝජනයකි. නූල් හා බොත්තම් නැතිව අඟළුම් කර්මාන්තය කළ නොහැකි ලෙසමට පොහොර හා රසායන යන මුලිකම අමුද්‍රව්‍ය නැති කල කෘෂිනිෂ්පාදන කළ නොහැකිය.
අද ලංකාවේ කිසිම තැනක අවශ්‍ය පෙහොර නැත. තේ තවාන් සඳහා ටී – 65 පොහොර අත්‍යවශ්‍ය ය. තේ රිකිල්ලක් පැල කරන්නේ ජීවානුහරණය කළ මැටි ගොඩක් වැනි මාධ්‍යයකය. තවාන් පොහොර නැතිව සාර්ථක තේ තවානක් කළ හැකි ආකාරය තේ පර්යේෂණ ආයතනය තබා නාථ දෙවියන් හෝ තවමත් තේරුම් කර දී නැත. තේ තවානට නිසි පෝෂණය නොලබන විට තේ පැලය ද, එයින් හැදෙන තේ ගස ද බාල වේ. එහි හානිය වසර 40 ක් පුරා පවතින්නේය.
රිකිලි තේ පැල වගා බිමේ සිටවූ පසුව වසර 3 ක් ටී – 200 පොහොර යෙදිය යුතුය. වසර තිහක් මාගේ තේ වගා අත්දැකීම ටී -200 පොහොර නිසි යෙදවීමක් නොමැති නම්, තේ පදුරේ අස්වැන්න ජිවිත කාලය පුරාවටම අඩුවන බවය. මා මේ කථා කරන්නේ තියරිය නොව ව්‍යවහාරය යි. තේ තවානේ සිට තේ කම්හලට දළු මිටිය අරගෙන යන තැන දක්වා සියළු ක්‍රියාකාරම් සිදු කළ, ඒ් සමඟ ජීවත් වූ සහ අලුත්වන දැනුම සහ ජිවිතාවබෝධය සමඟය. ටී – 200 පොහොර නැතිව පසුගිය වසර තුනේ තේ වගා කළ සියළු දෙනා ද ඒ අනුව අමාරුවේය.
ලංකාවේ තේ හෙක්ටයාර 265,000 ක් තිබේ. තේ හෙක්ටයාරයකට අස්වැන්නට අනුව, පොහොර (වර්ග සියල්ලම) ටොන් 1.2 සිට 1.5 දක්වා යෙදිය යුතු බවට නිර්දේශිතය. ඒ අනුව, තේ සඳහා අවම පොහොර අවශ්‍යතාව ටොන් ලක්ෂ 3.1 කි. ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 310 ක් පමණ වේ. එයින්, 75% ක් කුඩා තේ වතු හිමියන්ගේ රිකිලි තේ වගාව ය. රිකිලි තේ ගස සකස් කොට ඇත්තේ නිශ්චිත කාල රාමුවකට පොහොර ලබාදී උපරිම අස්වැන්නක් ලැබීමට ය. කාබනික පොහොර වලින් පමණක් වානිජ්‍යමය සාර්ථකත්වයක් සහිතව සිදු කළ හැකි කිසිදු කොලෝනයක් ලංකාවේ නැත! දළු අස්වැන්නේ ප්‍රමාණය අනුව වසරකට තේ අක්කරයට යෙදිිය යුතු පොහොර පිළිබඳ උඩරට, මැදරට, පහතරට වගා ආශ්‍රිතව දශක ගණනාවක් පර්යේෂණ කර ඇත. ඒ අනුව, ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කොට්ඨාශයට යෙදිය යුතු පොහාර ප්‍රමාණ ගණනය කර නිර්දේශ කර ඇත. කාබනික පොහොර මගින් පමණක් තේ වගාව සිදු කළ හැකි යැයි කිසිවෙකු කියන්නේ නම්, මේ පර්යේෂණ සිදු කළ , නිර්දේශ කළ විද්වතුන්/ පර්යේෂකයින් රටක් නොමග යැවූ ‘ද්‍රෝහීන් විය යුතුය! තකතීරු අමනයින් විය යුතුය.
පොහොර/රසායන නැතිව සුද්දා තේ හැදුවේ කොහොමදැයි අසන කුලීකරුවන් දැනගත යුත්තේ ඇට මගින් ලබාගත් තේ වගාව ලංකාවේ ඉතිරිවී ඇත්තේ 8%කට ත් අඩු ප්‍රමාණයක බවය. නවසීලන්තයේ – ඔස්ට්‍රේලියාවේ කිරි ළීටර් 30 ක් ගන්නා එලදෙන ගෙන් ලංකාවේ දී කිරි ලීටර් 5 ක් නොලැබෙන්නේ අවශ්‍ය පෝෂණය ඔවුන්ට නොලැබෙන විටය. සත්තුන්ට ආහාර වගේම ගස්-වැල්-මල්-අල-කොළ වලට පොහොර හා රසායන අවශ්‍ය ය.
ලංකාවේ තේ අලෙවි ආදායම රු. බිලියන 320 ඉක්මවයි. 2021 ජනවාරි – අප්‍රේල් තේ ආදායම රු. බිලියන 81.27 කි. අපේ ආර්ථිකයේ පණ ගැට ගැසී ඇත්තේ තේ නිශ්පාදනය මත ය. කොරෝනා නිසා ලොව පුරා තේ සඳහා වන ඉල්ලුම වැඩිවී තිබේ. පොහොර හා කෘෂි රසායන පමණකින් පවත්වාගෙන යන තේ වගාව විනාශවීම ආනයන ආර්ථිකයට පමණක් නොව කුඩා තේ වතු හිමියන්, වතු කම්කරුවන් හා වතු ආශිත ආර්ථිකයට සෘජුව බලපෑමක් ඇති කරයි.
තේ පර්යේෂණ ආයතනය, කුඩා තේ වතු අධිකාරිය, තේ මණ්ඩලය, කෘෂි නිලධාරීන් කිසිවෙකුත් තේ තවානේ සිට එක් එක් පියවර දී, එක් එක් සෘතුවේ දී රසායනික පොහොර, රසායන නැතිව වගාව පවත්වාගෙන යන්නේ කෙසේ දැයි කියන්නට දන්නේ නැත. උදාහරණයක් ලෙස මේ වැසි සමයේ දින 7-10 අතර දී තේ දළු නෙළිය හැකිය. නමුත්, දැන් දින 12 යන තෙක්ම දළු හැදෙන්නේ නැත. තේ ගසේ ඇත්තේ කහ පැහැති කොළ පමණී. ඒවා අතින් කඩන්නට නොව පිහියකින් කපන්නට ඕනෑය! තේ දළු කඩන විට ශාකයේ පෝෂණ කොටසක් ගසට අහිමි වෙයි. ගස වර්ධනයට නම් නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් ලෙස කොහෙන් හෝ ගසට දළු ලෙස අහිමි වන සංඝඨක ලැබිය යුතුය. පසේ ඒ ද්‍රව්‍ය නැතිනම්, හෝ ප්‍රමාණවත් නොවේ නම් ‘පොහොර ලෙස‘ එය ගසට ලැබිය යුතුය. එය නොලැබෙන විට ‘ඉස්තරම් තේ බවට පත් වන ලපටි දළු‘ හැදෙන්නේ නැත. ‘කොළ‘ පමණක් හෙමිහිට වර්ධනය වේ.
මේ වන විට නිරිත දිග මෝසම් කාලය සක්‍රීය වී ඇත. වැසි සමයේ උඩරට තේ ගස් මිදුම/අධික වැසි තත්වයෙන් බේරා ගැනීමට කෝපර් (කෝපර් ඔක්සි ක්ලෝරියිඩ්, කෝපර් හයිඩ්‍රොක්සයිඩ්) අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වූ විට තේ ගසේ කොළ ‘බුඹුුළු අංගමාරය‘ ට ලක් වෙයි. වැසි සමයේ උඩරට තේ වගාවේ ‘බුබුළු අංගමාරය‘ දළු අස්වැන්නෙන් 40% ක් දක්වා විනශ කළ හැකි ය. එක් රසායනයක් නැති කම නිසා උඩරට තේ වගාවෙන් 40% ක අස්වැන්නක් අඩුවන තේ වතු ගැන සිතා බලන්න!
වතු සමාගම් සතුව පොහොර තොග තිබේ. කුඩා තේ වතු හිමියා පොහොර යොදන්නේ නැති නමුත්, වතු සමාගම් තව කන්න දෙකකට අවම වශයෙන් පොහොර ගබඩා කර ගෙන තිබේ. මේ තහනම නිසා නන්න්තාර වී ඇත්තේ, කුඩා තේ වතු හිමියන් ය.
2021 වසරේ තේ වගාව සඳහා යුරියා ටොන් 127,046 ක්, MOP 48,760 ක්, සෙල්පේට් ඔෆ් ඇමෝනියා මෙ. ටොන් 42,470 ක්, ගීසරයිට් මෙ.ටොන් 42,410 , ඩයි ඇමෝනියම් සල්ෆේට් මෙ.ටො. 14,235 ක් , සින්ක් සල්ෆේට් මෙ.ටො. 33,675 , ජිප්සම් මෙ.ටොන් 107 ක් ලෙස පොහොර ටොන් 311,703 අවශ්‍ය වන බව පොහොර ලේකම් කාර්යාලයේ ගණනය කිරීම විය. ගැසට් පත්‍රයකින් තහනමක් පනවා කාබනික පොහොරවලට මාරු කරන්නට හදන්නේ පෙහොර මෙ.ටොන් ලක්ෂ තුනක අවශ්‍යතාවය යි.
දේශීය ක්‍රමයට වල් මර්ධනය කළ හැකි යැයි කියා අතුරලියේ රතන හිමියන් යහපාලන ආණ්ඩුවට නියම ලනුවක් දුන්නේය. වකුගඩු රෝග භීතිය වපුරමින් චන්න ජයසුමන ඇතුළු පිරිස එය දේශපාලන ව්‍යාපෘතියක් කර ගත්තේය. ඒ පිරිසම මේ රටට දැන් පොහොර සම්බන්ධයෙන් දෑතින් බදා දමා ගැනීමට මර තොණ්ඩුවක් දී ඇත.
පොහොර ආනයනය තහනම් කිරීමත් සමඟ තොග රැස්කර ගත් පිරිස් එවා ඉහළ මුදලට ඒවා විකුණමින් සිටී. රසායනකින ද්‍රව්‍ය ද එසේමය. ප්‍රමිතියෙන් තොර වල් නාශක නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් ගෙන්වා ගෙන රට පුරා අලෙවි කිරීමේ ජාවාරමක් මේ වන විට සිදු වේ. තහනම ජාවාරම්කරුවන්ට, කොමිස්කරුවන්ට ධන උල්පතකි. හොර පාරෙන් ඒන අධික විෂ සහිත රසායන නිසා ලංකාවට ජපානයේ තේ වෙළඳපොල අහිමි විය. යුරෝපයේ ද ඒවැනි තත්වයක් මතුවෙමින් තිබේ.
රසායනික ද්‍රව්‍ය හා පොහොර නොමැතිව මෙරට තේ වගාව, තේ නිෂ්පාදනය විනාශවීම යනු ශ්‍රී ලංකාව අභිමානයෙන් සියවසක් පවත්වාගෙන යන ‘ශ්‍රී ලංකා තේ‘ සන්නාමය විනාශ වීම ය. ලෝක ආහාර සංස්කෘතියේ අපේ ධජය අප රටට අහිමිවීමය.
දේශීය රසායනික පොහොර අවශ්‍යතාවයෙන් කොටසක් හෝ ගෙන්වීමත්, ප්‍රමිතියක් සහිත කෘෂි රසායනික/දිලීර නාශක සහ අත්‍යවශ්‍ය හෝමෝන වර්ග ආනයනය කිරීම සඳහා වන සීමාවන් ලිහිල් කිරීම අනිවාර්ය වූ අවශ්‍යතාවයකි. එය සිදු නොවන්නේ නම්, ‘සිලෝන් ටී‘ ‘ශ්‍රී ලංකා තේ‘ සන්නාමය පමණක් නොව සමස්ත කෘෂි කාර්මාන්තය බිඳ වැටීම නොවැලැක්විය හැකි වනු ඇත. ඉන්දියාව පමණක් නොව රුවන්ඩාව, කෙන්යාව වැනි අප්‍රිකානු රටවල් තේ වගාවට උපදෙස් ගත්තේ ලංකා විශේෂඥයින්ගෙනි. ලංකා තේ නිෂ්පාදනය බිඳ වැටීනු පසුව ‘ඒයාර් ලංකා ගුවන් සේවයේ’ ලාබදායී ගුවන් මාර්ග මැද පෙරදිග ගුවන් සමාගම් අත්පත් කර ගත්තේ යම් ලෙසක ද, එලෙසම ලෝක වෙළෙඳ පොල අපගේ තරඟකරුවන් අතට පත් වනු ඇත.
‘ශ්‍රී ලංකා තේ – සිලෝන් ටී‘ සන්නාමය රැක ගත යුතුය. ඒ සඳහා බලපෑම් කිරීම කෘෂි විශේෂඥයින්, විද්වතුන්, ගොවීන් ගේ පමණක් නොව තේ ලෝලීන්ගේ ද වගකීමකි.
රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර
June 4th, 2021 at 4:38 pm
මේ ප්‍රශ්න්යේදී ගොටාබය මහත්මයා පිස්සුවෙන් වාගේ වැඩ කරන්නේ. කෘශිකර්මාන්තය හරි හැටි දියුනු වෙලාවත් නැති තත්වයක පොහොර නැතිවෙන්කොට මුලු ගොවි ජනතාවම ඇද වැටීමකට ලක්විය හැකියි. ගොවි ජනතාවගේ චන්දෙන් බලයට පැමිනිලා ගොවි ජනතාවටම කෙලෝන එක ඒතරම් ඇඟට ගුන නැතිවෙයි.
June 5th, 2021 at 3:23 am
ඇමෙරිකානු මානසිකත්වයේ සිට ලංකාවේ ගොවිතැන සම්පූර්නයෙන්ම කාර්බනික බවට පත්කිරීම ගමරාල මනෝ ලෝකයේ පැටලී මුරුන්ග ගහ කැපුවා වාගෙයි. කාබනික පොහොරොයොදා දියුණු රටවලත් ගොවිතැන් කිරීමට අමාරුනිසා තමා ඒවායේ මිල ගනන් 75% කින් ගනන් වැඩි.
https://youtu.be/3EVvcjiavi8
Now he has gone to advise other countries to go exclusively organic. They will laugh at him. There should be a limit to his foolishness.දැන් ඔහු වෙනත් රටවලටත් පූර්නව කාබනික ගොවිතැනට යාමට උපදෙස් දීමට ගොස් ඇත. ලෝකයා ඔහුට සිනාසෙනු ඇත. ඔහුගේ මෝඩකමට සීමාවක් තිබිය යුතුය.