නෙලුම් මාවතේ Zoom සාකච්චාවක්.. Whatspp පිටපත් ලැබේ… ප‍්‍රහාරය මහින්දට..- ගම්මන්පිල තව රහස් හෙලි කරයි..
Posted on June 14th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ලිපිය නිකුත් කිරිමට පෙර නෙළුම් මාවතේ ZOOM සාකච්චාවක් තිබූ බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් හසුරුවන අදිසි හස්තය තමන් දන්නා බවත් එය සිදුවන්නේ විදේශයක සිට බවත් ඇමතිවරයා කියා සිටී.
මේ ප‍්‍රහාරය එල්ල වන්නේ තමනට නොව මහින්ද රාජපක්‍ෂ මහතාට යයිද පවසන ඇමතිවරයා තමන්ව ලෙහෙසියෙන් දේශපාලනයෙන් විසි කර දැමිය නොහැකි යයිද කියා සිටී.
තමනට හා ඇමති විමල් වීරවංශ මහතා පහර ගස්වන්නේ එකම අයෙක් විසින් බවද ඔහු තව දුරටත් සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.