කෘෂිකර්මයට, පරිසරයට ආදරය කරන සියළුම ශ්‍රී ලංකා පුරවැසියන් වෙත යොමු කරන විවෘත ලිපියයි.
Posted on September 28th, 2021
රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර
චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත්වී ඇත. පසුගිය ඉරිදා මේ බව මට්ටමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත වාර්තා කර ඇත.
කෙසේ නමුත්, ඊයේ දිනය පුරා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත චීන අසූචි පොහොර ලංකාවට අතුලත් කර ගැනීමට බලපෑම් කරමින් සිටී.
කෘෂිකර්මය යනු විද්‍යාවකි. එය දැනුම, දත්ත මත මිස ලැබෙන කොමිස් ප්‍රමාණය මත ලන්සු තබා ලක්බීමේ සරු පොළොව දුෂණය කිරීමට උත්සහ දරන ගිජුලිහිණියන්ගේ අවශ්‍යතාවයන් මත විනාශයට යා නොදී රැක ගත යුතුව ඇත.
වත්මන් කෘෂිකර්ම ලේකම්වරයා උත්සහ දරන්නේ කෙසේ හෝ රට තුලට චීන අසූචි මෙ.ටො. 20,000 ක් ඉදිරි සතිය තුල රටටගොඩබෑමටය. මේ වන වට මේ අසූචි තොගය ලංකාව බලා නැව් මගින් රැගෙන එමින් තිබේ. මෙම පොහොර තොගයේ සාම්පල ගණනාවක් මේ වන විට ලෝකය පුරා පරීක්ෂාවට ලක් කර ඇත.
පසුගිය සැප්. 22 දින මෙරටට ආනයනය කළ, ලංකාවේ සිදු කළ දෙවන පරීක්ෂණයෙන් අනාවරණය වූවේ එහි බැක්ටීරියා අන්තර්ගත බවය. බැසිලස් බැක්ටීරියා විශේෂ එහි අඩංගු වේ.
චීන අසූචි පොහොර ගොඩබෑමට ඉඩ දෙන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ට පාර්ශව රැසකින් බලපෑම් එල්ල වී ඇත්තේ මෙවැනි පරිසරයකය.
මේ චීන අසූචි කන්දට කර ගසා සිටින්නේ 2021.05.10 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, නිල් මැදුර ශ්‍රවනාගාරයේ පෙ.ව. 9.30 ට පැවති රැස්වීමට එදා කාබනික පොහොර ආනයන සමාගමක් වෙනුවෙන් සහභාගි වූ දැන් අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් දරණ නිලධාරියෙකි. ඔහු ඉටු කරමින් සිටින්නේ දේශපාලන අවශ්‍යතාවයකි. ආණ්ඩුවට කාබනික වගා සංකල්පය අලෙවි කළ ව්‍යාපාරිකයෙක්, භික්ෂූන්වහන්සේ නමක්, වෛද්‍ය වෘත්තීය සමිති නායකයෙක් එහි දුෂිත සන්ධානය යි.
ඔබ හොදින්ම දන්නා පරිදි, හිටපු කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාර මහතාට සිය ලේකම් ධූරය අහිමි වූවේ අවිද්‍යාව මත කොමිස් කාක්කන්ට ඉඩ ලබාදීම ඔහු විසින් සිදු නොකළ බැවිනි. එදා ද මම ඔබට මෙලෙසම ඒ අවනඩුව කීවෙමි. පළමු වටයේ කිසිවෙකුගෙන් වත් විරෝධයක් එල්ල නොවීය. දෙවැනි වටයේ ඔබ එයට එරෙහිව විරෝධය පළ කරන විට පුෂ්පකුමාර මහතාට ලේකම් ධූරය අහිමිවී අවසන්ය.
කෘෂි උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, වෘත්තිකයින් පමණක් නොව කෘෂිකර්මයට, පරිසරයට ආදරය කරන සියළු දෙනා මේ මොහොතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ රැකවරණය සඳහා ශක්තියක් විය යුතුව ඇත. එසේ නොවේ නම්, හිටපු කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාරට මේ දුෂිත සන්ධානය අත්කර දුන් ඉරණම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද උරුම වනු ඇත. ඔබගේ විරෝධය ජනගත කරන්න.
චීන අසූචි කන්ද ලංකාවේ හැලීමට එරෙහි වෙමු. අපි එක්ව චීන අසූචි බුදින්නන් පරදවමු!!
රජිත් කීර්ති තෙන්නකෝන්ද කුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර