සර්ව පාක්ෂික පරණ මිතුරු සංදර්ශනය
Posted on March 27th, 2022

ජයන්ත හේරත්

පසුගිය

සර්ව පාක්ෂික සමුළුවේදී

කබ්රාල්

පටන් ගත්තේ

පහුගිය ආණ්ඩුවේ

වැරදි නිසා

ආර්ථික දුෂ්කරතා

පැන නැගී ඇතිබවය.

කපටි 

සිනාවකින්

රනිල්

පිළිතුරු දුන්නේ

විජේ රජු

දක්වා යන බවයි.

විජේ

හොර ගෙඩියාය.

තක්කඩි යාය.

තාත්තා බැරිම තැන

විජේව

පිටුවහල් කළේය.

නැවක දමා

පාකර ඇරියේය.

නැව

ලංකාවට ආවේය

කුවේණි බැන්දේය.

ළමයි දෙන්නෙක්

ජාතක කලේය. 

එලවා දැම්මේය.

ලිහුවේය.

කුවේණිගේ ශාපයය.

රනිලුත් හරිය

කබ්රාලුත් හරිය.

පහුගිය ආණ්ඩු

කල

හොඳ සහ නරක

සලකා බැලීම

වැටී ඇති වලෙන්

ගොඩ ඒමට

හොඳය.

අපිත් ඊයේ

පොඩි සර්ව පාක්ෂික

පරණ මිතුරු

සංදර්ශනයක්

දැම්මේය.

ලංකාවේ

ප්‍රශ්න වලට

විසඳුම්

හෙවීමටය.

අයෙකු කීවේ

NPP JVP 

කාරයින්

කවදාවත්

ප්‍රශ්න විසඳුවේ නැති 

ප්‍රශ්න වලට

විසඳුම් නැති

බංකොලොත් පක්ෂ බවය.

තවත් අයකු

කීවේ

නීතියේ ආධිපත්‍යය ස්තාපිත  කල යුතු බවය.

රට මිලිටරීකරණය කල යුතුය.

තවත් අයකු

කීවේ

අපේ සංස්කෘතියේ

වැරදි ඇති බවයි.

හරිය.

අපි ඉස්සර 

විභාගෙට පෙර

ගියේ

දේවාලයටය.

පන්සලටය.

දෙයියන්ට

බුදුන්ට

සත පහක්

දහයක් දී

වැඩේ භාරදී එන්නේය

කපු රාල

මොනවාදෝ

නොතේරෙන භාෂාවකින්

කියා

වැඩේ කිරීම

දෙයියන්ට

භාර දෙන්නේය.

අපි

ගෙදර ඇවිත්

කාලය යොදා පාඩම් කර

විභාගයට ලිව්වොත්

පාස්  වෙන්නේය.

මහන්සි වී වැඩේ කලොත්

හරි යන්නේය

නැත්නම් ආපහු

ශත දහයක්

අරන් යන්නේ අර

දෙයියන් ගාවටමය.

ආත්ම විශ්වාසය

අප බංකොලොත්

කර තිබේ.

මේ ආත්මෙට පසු

ලබන ආත්මයක්

ඊට පසු තවත් ආත්මයක්

ඇත

යනු ආත්ම විශ්වාසයයි.

ආත්ම

අනන්තයක් ඇත යනු 

ඉන්දියානු ආගම් වල

පදනමයි.

දැකපු කෙනෙක් නැති උනත්

අපි ආත්ම

ඇති බව

විශ්වාස කලයුතුය.

ඊළඟ ආත්මය සරු වීමට

මේ ආත්මයේ

හම්බ කරන දේවල්

ආගමට දිය යුතුය.

ආගම

පවතින්නේ එම

දීම මතය.

විශ්වාසය මතය.

බුදුන් කියන්නේ

ඊළඟ ආත්මයක්

නැත කියාය.

මේ මාගේ අන්තිම ඉපදීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress