සජිත්ට තනියෙන් ජනපති/අගමැති විය හැකිද? පාර්ලිමේන්තුවෙන් පත්වන්නේ කවුද?
Posted on July 14th, 2022

රජිත් කීර්ති තෙන්නකෝන්

සජිත්ට තනියෙන් ජනපති/අගමැති විය හැකිද?

පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයට හිමි උපරිම ඡන්ද ගණන  62 කි. යථාර්ථවාදී සංඛ්‍යාව 58 කි.

 සජබ ට හරීන් හා මනූෂ නැතිව කෙළින්ම 45 කි.  එයට චම්පික රණවක ද ඇතුළත් ය. (ඔවුන්ගේ ඉෂාක් රහමන්, එම්.එස්.තවුෆික්, දිගාමඩුල්ලේ ෆයිසාල් කාසිම් සහ එච්.එම්.එම්.හාරීස් ද (සජිත්ට ඡන්දය දෙන්නේ නම් පමණක්  49 කි.)

 ද්‍රවිඩ ජාතික සන්ධානයේ 10 ම සජිත් සමඟය.  ගජේන්ද්‍ර පොන්නම්බලම් ගේ AITC මන්ත්‍රී 2 හා විග්නේෂ්වරන් ගේ TMTK මන්ත්‍රී ධූරය ද ලෙස ද්‍රවිඩ මන්ත්‍රීවරු 13 ක් සජිත්ට සහාය දේ.   

ජනතා විමුක්ති පෙරමුණ (3) සජිත්ට ඡන්දය දෙන්නේ නැත. 

ඒ අනුව සජිත් අවමය 58 කි.  උපරිම ඡන්ද 62 කි.

ශ්‍රීලනිප හා ඩලස් කණ්ඩායම

ශාන්ත බණ්ඩාර හා සුරේන් රාගවන් නැති ශ්‍රීලනිප හා පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායමට දැනට මන්ත්‍රීවරු 69 කි.  එය 70 ක් ද විය හැකිය.

පොහොට්ටුව ගන්නා ඕනෑම තීරණයකට එකඟ මන්ත්‍රී සංඛ්‍යාව 90 කි.   මැයි 9 කෝලාහලයෙන් නිවාස දේපල හානි වූ මන්ත්‍රීවරුන් 77 න් සිව් දෙනෙකු හැර අන් සියල්ලම ඉන්නේ මේ කණ්ඩායමේ ය. ඔවුන්ගේ ජනපති/අගමැති රනිල් සහ දිනේෂ් විය හැකිය.

ඒ අනුව, සජබ සජිත්ට සිදුවන්නේ තුන්වන ස්ථානයට පත්වීමටය.

සජබ හා ස්වාධීන මණ්ත්‍රීවරුන් එකඟතාවයෙන් අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් (සජිත්, මෛත්‍රීපාල, ඩලස් හෝ වෙනත්) ඒ අපේක්ෂකයා පැහැදිලිවම  ජයගන්නේය.

අනෙක් අතට, තිදෙනෙකු ඉදිරිපත්වන ඡන්දයක දී ජනාධිපතිවන්නට අවශ්‍ය බහුතර ඡන්දය මිස 113 ක් නොවේ.

රනිල් වික්‍රමසිංහ නොවන දිනේෂ් ගුණවර්ධන වැනි අපේක්ෂකයෙකුට (උදා- රමේෂ් පතිරණ) ස්වාධීන කණ්ඩායමේ කිහිප දෙනෙකු සහාය දෙන්නේ නම් ජයග්‍රහණය ඒ අපේක්ෂකයාට ය.   

අපේක්ෂකයින් තිදෙනෙකු නම්, ප්‍රධාන විපක්ෂය එනම් සජබ (සජිත්) තුන්වන තැනට පත්වීම නොවැලැක්විය හැකිය.

විපක්ෂයේ සත්‍ය බලය කොපමණද?

පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වල දී විපක්ෂයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව නියෝජ්‍ය කතානායක තරඟයේ දී (රෝහිණී කවිරත්න) ලැබූ ඡන්ද 76 යි.  ශ්‍රීලනිප හා ස්වාධීන ඡන්ද එයට හේතු විය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 4 ක් සජිත් ප්‍රේමදාස ට වඩා රනිල් වික්‍රමසිංහ ට සමීප ය. ටෙලෝ ඡන්ද කොහොමත් සජිත් ට වඩා සමීප රනිල්ට ය.  ශ්‍රීලනිප යේ 12 අතුරින් නිමල් සිරිපාල, චාමර සම්පත්, අමරවීර ඇතුළු 7 ක්ම සජිත් ට වඩා රනිල් ට සමීපය. රහස් ඡන්දයක විපක්ෂයේ අපේක්ෂිකාවට තිබූ වාසිය, සජිත් ප්‍රේමදාසට අවාසියක් විය හැක්කේ කවුරු කාට ඡන්දය දෙන්නේ දැයි අනාවරණය නොවන නිසාය.  

පොදු අපේක්ෂකයෙක් සොයාගත හැකි ද?

සජිත් හෝ ඩලස් නොවන පොදු අපේක්ෂකයෙකු සොයා ගැනීමට සජබ, ශ්‍රීලනිප, ස්වාධීන කණ්ඩායමට මේ අනුව සිදුවන්නේය.

එසේ නොවේ නම්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ජනාධිපති ධූරය පැවරීමට ඔවුන් අතර පොදු එකඟතාවයක් ඇති කර ගත හැකිය. එය ආරක්ෂිතම ප්‍රවේශය ලෙස ද විපක්ෂය මේ වන විට සලකා බලමින් ඇත. පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු හා පක්ෂග්‍රාහී පුද්ගලයෙකු ලෙස ඔහු සැලකෙන බැවින් එය බල දේශපාලනයේ දී විපක්ෂයට අවාසිය කි.

මාගේ අදහස නම්, තුන්වන තැනට පත්වන්නට සජිත් ප්‍රේමදාස ඡන්දයට ඉදිරිපත් වන්නේ නැති බව සහ ඉදිරිපත් නොවිය යුතු බවය.

අංක ගණිතය වැදගත්වන්නේ තම දේශපාලන න්‍යාය පත්‍රය වනෙුවට පොදු වැඩපිළිවෙලකට එකඟත්වය ලබා ගැනීමට ය.  2021 දෙසැම්බර් සිට අපි මේ ‘විපක්ෂයේ පොදු එකඟතාව ගොඩනගන්නට‘ උත්සහ කළෙමු.  ප්‍රධාන විපක්ෂය එය නොතකා හැරියේය. අවශ්‍ය නම් තවමත් කල් තිබේ.  නැතිනම් විපක්ෂය ඔවුන්ගේම විනාශයේ පාර කපාගනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress