නීති විද්‍යාලයේ අලුත් ගැසට් පත්‍රයද  ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ දිගටම පවතින සිංහල අධිකරණ භාෂා විරෝධය සනාථ කරයි.
Posted on June 5th, 2023

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන
2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත.

එකී ගැසට් පත්‍රය මගින්ද 1972 සිට ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකරමින් පවත්වාගෙන එනු ලැබූ සි‍ංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමෙන් වැළකී ඇත.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය සම්බන්ධයෙන් වන
2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයද නැවතත් සිංහල අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීම සිදුකර ඇත.

එසේම එකී ගැසට් පත්‍රය  මගින් 2023.03.21 පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ස‍ඳහන් සිංහල අධිකරණ භාෂාවට එරෙහි විධිවිධාන නැවත ඇතුළත් කිරීමද කරමින් පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද සහ පරිහාරද නොසළකා ඇත.

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදීම දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තිය යටතේවන ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමකි.

සිංහල අධිකරණ  භාෂාවෙන් නඩු විභාග කිරීමට හැකිවන පරිදි නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ ව්‍යවස්ථාව යටතේ අධිකරණයට කරන අයුතු බලපෑම් කිරීමක්ද වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධය නිවැරදි කිරීමට අධිකරණයේ නඩු පැවරීම ඵලදායක නොවන්නේ විධායක බලය සහ අධිකරණ බලය යන බල 2ක් හිමි අගවිනිසුරුවරයා විධායක ජනාධිපතිවරයාටත් වඩා නෛතික බලවතෙක් වීමත් එහි ආරක්ෂාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සෙසු සාමාජිකයන්ද ලබන හෙයිනි.

නීති විද්‍යාලයේ අලුත් ගැසට් පත්‍රයද  ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ දිගටම පවතින සිංහල අධිකරණ භාෂා විරෝධය සනාථ කරයි.
http://neethiyalk.blogspot.com/2023/06/blog-post.html?m=1

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress