ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද? ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද? ආසියාවේ නේටෝවට ලංකාවේ බැඳීම වෙනුවෙන්ද?
Posted on June 17th, 2023

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) 

ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද? ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද? ආසියාවේ නේටෝවට ලංකාවේ බැඳීම වෙනුවෙන්ද? ඉංග්‍රීසි ජාතික භාෂාවක් කිරීමට යාම ගැන සාකච්ඡාවක් මේ දිනවල සමාජයේ පවතී. ආසියාවේ නේටෝවක් ගැනද සාකච්ඡාවක් ඇත. මේ කෙටි ලිපිය ඒ සම්බන්ධයෙන් ය.

1. වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කළා…
2. බලය බෙදන්න 13වන සංශෝධනය ගෙනාවා…
3. දෙමළ රාජ්‍ය භාෂාව කළා…
4. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළා…
5. 13 වන සංශෝධනයෙන් දකුණේ පළාත් 7ක පිහිටවූ අධිකරණ වලින් සිංහලෙන් නඩු විභාග කිරීම නීතියට පටහැනිව වැළැක්වූවා….
6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැරදි ලෙස නතර කළා…
7. රජයේ දේපල පුද්ගලීකරණය කළා…
8. ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසියෙන් පමණක් නඩු තීන්දු දුන්නා…
9. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
9 වන ව්‍යවස්ථාවේ ඇති වෙනස යටපත් කළා….
10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසන අධිකරණ නොපිහිටුවා සිටියා…

ආසියාවේ නේටෝවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් පවතින වර්තමාන සමයේ ශ්‍රී ලංකාවේ නීතියෙන් ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් කිරීමේ සාකච්ඡාවක් ඇතිවීම ආසියාවේ සාමයට ඇති බලපෑම පිළිබඳ ලෝකයේ ඇති ජාත්‍යන්තර භාෂා 6 සමගම සළකා බැලීම කළ යුතුය.

ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද? ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද? ආසියාවේ නේටෝවට ලංකාවේ බැඳීම වෙනුවෙන්ද?

සිංහල බහුතරයගේ අයිතිවාසිකම් දෙමළ ජනතාවට මුවා වී ඉංග්‍රීසි අන්තවාදීන් අහිමි කිරීම වළක්වන තෙක් ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකිය. බෙදුම්වාදය අවසන් කළ නොහැකිය.

http://neethiyalk.blogspot.com/2023/06/blog-post_85.html?m=1

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ  නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress