රට නවීකරණය කිරීමට යැයි කියමින් දුරාචාරය ප්‍රවර්ධනය කිරීම ආණ්ඩුවේ අනිවාර්ය අංගයක් වෙලා – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
Posted on July 13th, 2023

 Lanka Lead News

2001 වසරේ සිට 2004 දක්වා පැවැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙල හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ රටට හානිකර සියලු දේ වර්තමානයේ දී ජනාධිපතිවරයා විසින් සිදුකරමින් සිටින බවත්, එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ලහිලහියේම අනපණත් ගෙනෙමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීමද එම වැඩපිළිවෙලේ එක් අංගයක් බවයි.

2001 වසරේදී ගෙනෙන ලද ‘නොනිදන නගර‘ සංකල්පය ද එදා ගෙන ආවේ මෙම දුරාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා බවද, එමගින් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීමට එදා උත්සාහ කළ බවත්, අද ආයුර්වේදය ඉදිරියට දමමින් දුරාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා චෝදනා නැගීය.

රට නවීකරණය කිරීමට යැයි පවසමින් බටහිර යුරෝපයේ මාර්ගෝපදේශ අනුව මෙම කටයුතු සිදුවන බව පෙන්වා දෙන තිරාණගම මහතා, මෙතෙක් කරගැනීමට නොහැකි වූ කංසා නීතිගත කිරීම වැනි කටයුතු ආයුර්වේද වෛද්‍ය වෘත්තිය ඉදිරියට දමා සිදුකිරීමට ආණ්ඩුව සැරසෙන බවත් පෙන්වා දෙයි.

මෙම පාපය ගෙවීමට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නොවන බවත්, ඔහුගෙන් පසුව එන ආණ්ඩුවලට හා රටේ ජනතාවට බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress