මේ රටේ දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ අමණකම් සහ නොසැළකිල්ල නිසා 1981 ෆෙබ සිට මේ දක්වා වසර 5 1/2 ප්‍රමාදවූ විදුළි රැහැන් ඇදීමේ අර්බුධයක් දින තුනක් ඇතුල විසඳීම වෙනුවෙන් ශ්‍රී ලන්කා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්‍ය මන්ජුල ප්‍නාන්දු මහාතාට මුලු මහත් ජාතියම ප්‍රශන්සා කළයුතුය.
Posted on August 18th, 2023
ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර
මෙම සිද්ධියෙන් මනාව පැහැදිළිවන පලමු කරුණනම් මෙතරම් ජාතික වැදගත්කමකින් යුතු දිස්ත්‍රික්ක 5ක මිනිසුන් දසලක්ෂ ගානක හා කර්මාන්ත ශාලා,රජයේ කාර්‍යාල, රෝහල් වැනි රාජ්‍යායත සිය දහස් ගානකට බලබපාන ඉතා වැදගත් සේවාකාක් ක්‍රියත්මක කිරීමට අමාත්‍ය මන්ඩල අනුමැතිය ලැබී චීන සමාගමක් සමඟ ගිවිසුම්ද අතසන්කොට වසර 5 ½ ක් ගතවනතුරුත් රජයේ සහ රාජ්‍ය ආයතනවල පවතින අකාර්‍යක්ෂමතාව සහ නොසැලකිල්ල නිසා මෙම සන්වර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ බවය.වර්තමාන සභාපතිවරයාට එය විසඳීමට ගතවී ඇත්තේ දින 5 ක් පමණකැයි මේ පුවතින් කියවේ.ඇදාල ඇමැතිවරයා සහ නිලධාරින් අවුර්දු 5 1/2ම මෙම ගැටළුව විසඳීමට පියවර නොගත්තේ මන්දැයි දන්වත් සොයා බලා අප්‍රමාදයට සහ වගකීම් පැහැර හැරීමට එරෙහිව වගකිවයුතු පුද්ගලයින්ට දඬුවම් කලයුතු නොවේද. වසර 5 ½ ක් තිස්සේ මෙය ක්‍රියාත්මක නොකෙරීම නිසා රටට සිදුවූ පාඩුවද ඔවුන්ගෙන් අයකරගත යුතුය
තමාට හිමි රාජකාරිය පිළිබඳ මනා අවභෝධයක් ඇතිව ඇපකැපවීමෙන් එය ජනතාව වෙනුවෙන් කෙරෙන දේවකාරියක් යන ආකල්පයෙන් යුතුව පිරිසිදු දෑතින් එය ඉටුකරන්නේනම් ඕනෑම දේශපලකයෙකුට මෙන්ම රාජ්‍ය නිලධාරියෙකුට වුවද මෙවැනි විස්කම් කිරීමට අපහසුවක් නැත
මෙහිදී තවත් වැදගත් කරුණු කීපයක් ගැන සඳන්කිරීමට මා කැමතිය. එනම් පළමුවම තක්සේරුමුදල දෙස බලමු. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව 16, 90,000 දාහකි (මිලිය 1.69 කි පුද්ගලික තක්සේරු කරුගේ තක්සේරුව රුපියල් කෝටි 4.1 කි. (මිලියන 41). ඉඩම් හිමියන්ගේ ඉල්ලීම ලක්ශ 90 කි (මිලිය.09. කී ආසියාණු සන්වර්ධන බැන්කුවේ නිර්ණායක අනුව එය රුපියල් ලෂ 96 කි(9.6 ම්). මෙයින් ගම්‍යවන පළමු කරුණනම් රජයේ තක්සේරුව නියම වෙළන්දපල වටිණාකම බවය. එයින් පැහැදිලි වනුයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව යථාර්තවාදි සහ සාධාරන තක්සේරුවක් බවය. පුද්ගලික අන්ශයේ තක්සේරුව මිලියන 41 වීම මේ රටේ පුද්ගලික අන්ශය රජය මෙන්ම ජනතාවද ගසාකන ආකාරය මැනවින් පෙන්වයි. ආකාරය පිළිබඳ කදිම උදාඅහාර්ණයකි. වර්තමාන රජය සියලුම රාජ්‍ය ආයත පුද්ගලීකරණය කිරිමට පාර්ළිමේන්තුවේ චන්දය දෙන මහජන නියෝජිතයින්ට මෙය කදිම පනිවිඩයකි. ආසියාණු සන්වර්ධන බැණ්කුවේ තක්සේරුරුව එතරම්ම භයානක නොවුවද එයද එම බැන්කුවේ පටන් වන්දිලාභියා දක්වා සිටින අතරමැදියන්ගේ මලුවලට යන ගාණනද ඇතුලත් බවට සැක නැත.
රාජ්‍ය මුදල් වියදම් කිරීමේදි මෙන්ම ජාත්‍යන්තර ආයතන වලින් ආධාර ලබා ගැනීමේදි අප කවුරුත් හොඳින් සිහියේ තබාගතයුතු කරුණු රැසක් මේ පත්තර වාර්තවෙන් අනාවරණය වී ඇතැයි මම සිතමි.
අවසාන වශයෙන් ඉඩම් හ්හිමියන්ගේ ඉල්ලීම වු ලෂ 90 (මිලියන 09) ඔනාම ව්‍යාපාරිකයකුගේ හැසිරීම අනුව සිතිය යුතුයයි සිතමි. කෙසේ වුවද පුවත් පතේ කියන ආකාරයට මේ ඉඩම් හිමියන් ශතයක්වත් නොගෙන මීට දැක්වූ විරෝධ ඉවත් කරගෙන මෙම සත් ක්‍රියාවට ඉඩ දුන් බව ඇසීම මුලු රටටම, විශේෂයෙන් දකුණු හා සබරගමු පලාත් වාශීන්ගේ ඉමහත් සතුටට හේතුවනු නොඅනුමානය. ඉඩම් හිමියන්ගේ නම ආටිගල බව ඇසූවිට මා සිහියට ආවේ අප පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ එහි උපකුළපති වරයා වශයෙන් කටයුතුකළ ප්‍රතාපවත්, අභීත මෙන්ම ශිෂ්‍යහිතවාදි සර් නිකොලස් ආටිගල මහතාය. එමපරපුරේ ගරුත්වය රැකීම පිළිබඳව මුලු මහත් රටවාසීන්ම අදාල ඉඩම්හිමියන්ට කෘතඥතාව දක්වන බව මට නිසැකය.
අවසාන වෂයෙන් වසර 5 1/2 ක් තිස්සේ කිසිම මැති ඇමතිවරයෙකුට හෝ නිලධාරියෙකුට නොකළ හැකිවූ ප්‍රාතිහාර්‍යක් රට වෙනුවෙන් ඉටුකළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහැදුරු තුමාට මම යළිත් වරක් මගේ ඉස්තුතිය සහ ප්‍රශන්සාව පුදකරණ අතරම මේරටේ සියළුම දෙශපාලකයින් සහ රාජ්‍ය නිළධාරින් තම රාජකාරිය කිරීමේදි එතුමා ආදර්ෂයට ගෙන ජනතා හිත සුව පිණිස දිවා රෑ කටයුතු කරණු ඇතැයි මම සිතමි.