අගමැතිවරයා හැර පොහොට්ටුවේ බහුතරය 13 ට පක්ෂයි – පා.ම. සරත් වීරසේකර
Posted on August 26th, 2023

 Lanka Lead News

පර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා තම ආධාරකරුවන් සමග පැවැත් වූ සාකච්ඡාවක දී හෙළිදරව් කළ කරුණක් ඔහුගේ ආධාරකරුවකු විසින් අප වෙත එවා ඇත.

ඒ පිළිබඳව සරත් වීරසේකර මහතා‍ගේ මතය විමසීමකින් තොරව එය පළ කරනු ලබන්නේ එම කරුණ ජාතික වශයෙන් වැදගත් වන බැවිනි. ඊට අදාළව තම මතය ප්‍රකාශ කිරීමේ අයිතිය සරත් වීරසේකර මහතා සතු වේ.

ඔහුගේ හෙළිදරව්ව අනුව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් 13 බලාත්මක කිරීමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බව සඳහන් කළ විට පොහොට්ටුවේ ප්‍රබලයින් මරාගෙන මැරෙන ආකාරයට 13 ට පක්ෂව අදහස් දක්වා ඇති අතර, අගමැතිවරයා පමණක් සරත් වීරසේකර මහතාගේ තර්කය අනුමත කර ඇත.

එසේ 13 ට පක්ෂව මරාගෙන මැරෙන්නම සූදානම් පිරිසට නිමල් සිරිපාල, ලාන්සා, ප්‍රසන්න රණතුංග, ඩයනා ගමගේ, සුසිල් ප්‍රේමජයන්ත ආදී පුද්ගලයන් අයත් වන බව රටේ බහුතර ජනතාවගේ පහන් සංවේගය පිණිස වාර්තා කළ යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress