සත්‍ය ධර්මය 5 – සත්‍ය ධර්මය විවර විය – නිවන හා ස්වභාවධර්ම ක්‍රියාවලිය.
Posted on October 24th, 2023

තිස්ස ගුණතිලක

මෙතෙක් ලිපිවලින් ඔබට ස්වභාවයේ පවතින ධර්මතාවයත් එය තුල සත්වයා විශේෂයෙන් මනු සත්වයා හැසිරෙන ආකාරයත් පැහැදිලි කිරීමට උත්සාහ කලෙමි. ස්වභාවධර්මය තුල පවතින ධර්මතාවයන් හා ඒවා හසුරුවන නැතහොත් පාලනයවන ආකාරය පලමුවෙන්ම දත යුතුය. අනාත්මීයව පවතින ස්වභාවධර්මය නැතහොත් අනාත්මීය භාහිරය යතාර්ථයයි (reality). එය නියාම පහකින් හසුරුවයි: බීජ, සෘතු, කම්ම (ක්‍රියා), චිත්ත හා ධම්ම නියාම වලට යටත්ව හැසිරෙයි.

ස්වභාවධර්මයෙන් නැතහොත් අනාත්මීය භාහිරයෙන් නිකුත්වන අංශු කම්පන, තරංග ඔස්සේ පැමින විපරිනාම වේගයක පවතින පංචේන්ද්‍රිය හා ස්පර්ශවෙයි. 

Note: මජ්ඣෙසුත්‍රයේ දැක්වෙන ඵස්ස (ස්පර්ශ) සංසිද්ධිය මෙයයි. ඵස්ස නිසා ඇතිවන භවය සකස් කරන සමුදය (උදය) හා භව නිරෝධය (වය) එහි එන අන්ත දෙකයි (යො උභොන්තෙ විදිත්වාන). මෙම අන්ත දෙක අතර පවතින ඵස්සය නිසාම ඇතිවන නිබ්බිදාව එනම් ‘බොල්’ ප්‍රසාද ධාරාව (ලෝක සංඥාව සුඤ්ඤවන අවස්තාවේ ඇතිවන චෛතසික ස්වභාවය) නැතහොත් අසංඤ්ඤතලයට ඇතුළුවන අවස්තාව ‘මධ්‍යයයි’. බුදුන්වහන්සේගෙන් ධර්මය අසා දැන ගැනීමට පැමිනි බොහෝ දෙනා ජටිල, නිඝණ්ඨ, බ්‍රාහ්මණ පැවතුම් තුල සිටි අයයි. මොවුන් සමත භාවනාව විමුක්තිය සදහාවූ මාර්ගය ලෙස තෝරාගත්‍ අයයි. ‘මම’ දිය නොකර (විඤ්ඤාණඤ්චායතනය සහිතව) අසංඤ්ඤතලයට එලැඹිය හැකි මොවුන්, ඔවුන්තුල කෙනෙක් තවමත් සිටිනා බැවින් අසංඤ්ඤතලයේ සිරවෙයි. ඒ ඔවුන් තුල සිරවීමට ‘කෙනෙක්’ තවමත් සිටිනා බැවිනි. ලෝක සංඥාව දියකරන විපස්සනාව වඩා ‘මම’ නැතිකර (විඤ්ඤාණඤ්චායතනය සුඤ්ඤකර) මධ්‍යයේ වූ අසඤ්ඤතලයට එලබෙන්නා තුල එහි සිරවීමට ‘කෙනෙක්’ නැත. ඔහු අසංඤ්ඤතලය බාදාවකින් තොරව නොඇලී තරණය කරයි (මජ්ඣෙ මන්තා න ලිප්පති).  බුදුන්වහන්සේ මහා පුරැෂයා (තං බ්‍රූමි මහාපුරිසොති) ලෙස හැඳින්වූයේ ආත්ම සංඥාව (මම, මගේ දෘශ්ඨිය) දුරුකර අසංඤ්ඤතලයේ (මධ්‍යයේ) සිරනොවී, වය (බුද්ධ ස්වභාවය) අන්තය දෙසට ගමන්කල හැකි තැනැත්තාටයි.

සිත සාදන ස්වභාවධර්ම ක්‍රියාවලිය

අනාත්මීයව භාහිරයේ පවතින රූපයකින් තරංගයක් (වර්ණ රූප තරංග, ශබ්ද රූප තරංග, රස තරංග ආදිය) නිකුත්වීමත් එම තරංග පංචේන්ද්‍රිය සමග ස්පර්ශ වීමත් ස්වභාවධර්මයේ ක්‍රියාවකි. එය කම්ම (ක්‍රියා) නියාමයට අනුකූලව සිඳුවෙයි. 

මෙසේ ස්පර්ශයෙන් ප්‍රසාදවන පංචේන්ද්‍රිය අරමුණ නැමති ක්‍රියාවලිය සිත තුල සම්භූත කරයි. ස්පර්ශය යනු සම්මතය හා පරමාර්ථය (චෛතසිකය) අතර සීමාවයි (boundary). ස්පර්ශ ක්‍රියාවලියේ සම්මතය පැත්තේ අංශු කමිපනත්, පරමාර්ථය (චෛයිතසිකය) පැත්තේ සංඥාවත් ක්‍රියාත්මකයි. සිත/අරමුණ/සිතුවිල්ල යනු සංඥාවයි, නැතහොත් සංඥා විපරිනාමයයි (transfomation). සිත යනු සංඥාවලින් සෑදුන අතථ්ය (not being real) වේදිකාවකි (vertual platform manifests on perception. It collapses when perception is absent). ‘සිත’ යනු ප්‍රසාදයට අනුකූල සංඥාවක් ඇතිවිට සම්භූතවන හා ප්‍රසාදය හා සංඥාව නැතිවිට සම්භූත නොවන ස්වභාවධර්ම ක්‍රියාවලියකි. උදාහරනයක් ලෙස තද නින්දේ පසුවන්නාට ප්‍රසාදයක් සිඳුනොවන නිසා සිතක්, අරමුණක්, සිතුවිල්ලක් හට නොගනී. මෙම මුළු ක්‍රියාවලියම ස්වභාවිකව සිඳුවෙයි. සම්මතය තුල වන ස්පර්ශ ක්‍රියාවලිය කම්ම (ක්‍රියා) නියාමයටත් ඒ නිසාම පරමාර්ථය තුල වන ප්‍රසාද/සංඥා ක්‍රියාවලිය චිත්ත නියාමයටත් යටත්ව ස්වභාවිකව ඇතිවෙයි.

ප්‍රසාද/සංඥා ක්‍රියාවලිය නිසා ප්‍රසාද සංඥා ධාරා තුනක්: උදය (සමුදය/අරමුණ/සිතුවිල්ල), නිබ්බිදාව හා වය (සංකාර ඇති නොවන විසංකාරවූ බුද්ධ ස්වභාවය) සංඥා ධාරා ලෙස ඇතිවෙයි. එයද කිසිවෙකුටත් වෙනස්කල නොහැකි, බාදාකල නොහැකි – not being able to interfere) ස්වභාවධර්ම ක්‍රියාවලියකි.

එනම් ස්වභාවධර්මය තුල පවතින වස්තුවකින් නිකුත්වන අංශු කම්පනයත්/තරංගයත්, අංශු කම්පනය පංචේන්ද්‍රිය හා වන ස්පර්ශයත්, ඒ නිසා පරමාර්ථය තුල ඇතිවන සංඥා ප්‍රසාද ධාරා තුනත් යන සියල්ලම අපට පාලනයක් හෝ කිසිම දෙයක් කල නොහැකි ස්වභාවධර්ම ක්‍රියාවලියක් බව සිහියට ගත යුතුය. බොහෝ දේශකයින් සිතුවිල්ල නැවැත්විය යුතුයි, සිතුවිල්ලෙන් මිදිය යුතුයි ආදි විකාර කතා කියන්නේ මෙම ස්වභාවධර්ම ක්‍රියාව ගැන අවබෝධයක් නොමැති කම නිසයි. උදය ප්‍රසාද ධාරාවත්, නිබිබිදාව (බොල්) ප්‍රසාද ධාරාවත්, වය නොහොන් ප්‍රභාශ්වරයත් කිසිවෙකුට වෙනස්කල නොහැකි ස්වභාවධර්මයයි, ධර්මතාවයකි. 

නිවන් දකින ප්‍රතිපදාව

ප්‍රතික්‍රියාවකට හසුනොවී ස්වභාවධර්මයට බාදා කලහැකි (intervene) කිසිම ජගතෙක් මෙලොව නැත. ඉහත සදහන් සිතුවිල්ලේ ස්වභාවධර්ම ක්‍රියාවලියට ප්‍රතික්‍රියාවකට හසුවී හෝ හසු නොවී කිසිවෙකුටවත් intervene විය නොහැක. එසේනම් ඉහත වෙනස්කල නොහැකි ස්වභාවධර්ම ක්‍රියාවලියට යටත්ව නිවන් දකින ප්‍රතිපදාව කුමක්ද?

නිවන් දකින ප්‍රතිපදාව ඉහත සඳහන් ස්වභාවධර්මයේ ක්‍රියාවලිවලියෙන් ස්වායත්තව පවතින්නකි. අප සියළු දෙනාම උපන්දා පටන් මේ මොහොත දක්වා පැමිනි සංසාර ගමනේදී ස්වභාවයෙන්ම සිත තුල ස්වයංභූත වන සමුදය (උදය) සංඥා ප්‍රසාද ධාරාවේ සිරකරුවන් වී සිටිමු. තෘෂ්ණාවේ ඇලී පංචකාම (පස්කම් සැප) සම්පත්තිය විඳිමින් සිටිමු. තන්හාව හා අවිද්‍යාව නිසා සිඳුවන එම සංසිද්ධිය මින්පෙර lankaweb අඩවියේ පලවූ ලිපි කිපයකින් පැහැදිලි කිරීමට උත්සාහ කලෙමි. ස්වභාවධර්මයට අනුව සිඳුවන මෙම භවය සකස්වී සත්වයා දුකට පත්වන ක්‍රියාවලිය නැවැත්වීමට හෝ වෙනස් කිරීමට එම ස්වභාවධර්ම ක්‍රියාවලිය තුල නොහැකිබව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි.

කලයුත්තේ ස්වභාවධර්මයෙන් ස්වායත්තව විපස්සනාව වඩා අපද අයත්වන හා අපවටා ඇති භාහිරයේ සුඤ්ඤතාවය අවබෝධකරගෙන (දැක) චෛතසිකවද භෞතිකවද සියල්ල අතහැරීමයි. එවිට ඔබතුල ඇති සක්කාය දෘශ්ඨිය හා ආත්ම සංඥාව ප්‍රහාණය වන, දියවන ක්‍රියාවලියකට (ක්ෂය ධම්මා වය ධම්මා) ඔබ එලැබෙයි. ලෝක සංඥාවද, විඤ්ඤාණඤ්චායතනයද සුඤ්ඤකරනා ඔබ දැන් දෙයක් නැති කෙනෙක් නැති ආකිඤ්චඤ්ඤායතනය (total nothingness) අත්විඳියි. මෙම තත්වය නිබ්බිදාව නැතහොත් අසංඤ්ඤතලයට ආසන්න අවස්ථාවක් වන අතර එය සිහියට හසුවෙයි. ඔබ තුල ක්‍රමයෙන් ‘මම’ දියවීයන ස්වභාවය තුල ප්‍රසාදය නිසා සකස්වන සංඥාව පෙර මතකය හා විතක්ක විචාර කිරීමට කෙනෙක් නැත. ඒ නිසා සංකාර සකස් නොවෙයි. ‘සබ්බ සංකාර සමතෝ’ ලෙස බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ මෙම සංකාර සකස් නොවන අවස්තාවයි. 

‘ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං’

සියල්ලම අතහැරීම තුල ආතතිය දුරුවී බොජ්ජංග ධර්ම හරහා ඔබ නිරායාසයෙන්ම විඤ්ඤාණං අනිදස්සනං අනිමිත්තංස්වභාවයකට පත්වීමෙන් බුද්ධ ස්වභාවය හා සමාන ස්වභාවයක් ලඟාකර ගනී. 

සමනාන්තරය

දැන් ඔබ තුල විසංකාර ස්වභාවය හරහා අත්පත් කරගත් අනිදස්සන ස්වභාවයත්, ස්වභාවධර්ම ක්‍රියාවලියෙන් හටගන්නා බුද්ධ ස්වභාවයත් යන අවස්තා දෙකම එක ලඟ (side by side) පවතියි. බුදුදහමේ එන සමනාන්තරය මෙයයි.

අතහැරීම හා බොජ්ජංග හරහා ඔබ ලඟාකරගත් අනිදස්සන ස්වභාවය, (ස්වභාවයෙන්ම) ඔබ තුල පවතින බුද්ධ ස්වභාවය හසුකරගනී. නිවන යනු ස්වභාවධර්මය/අනාත්මීය භාහිරය හා බද්ධවන්නේය යනු මෙම සංසිද්ධියයි.

tgunite@tpg.com.au

තෙරුවන් සරණයි.

තිස්ස ගුණතිලක

2023 ඔක්තොබර් 25 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress