ශී‍්‍ර ලංකා භූමියේ මුල් ම වාසීන් දෙමළ ජනයා ද?-2
Posted on April 5th, 2024
විමල් පටබැඳිගේ (ශාස්ත්‍රවේදී, නීතිඥ, විශ්‍රාමික සොලිසිටර්)
පල්ලව පාලනය
කලාබ්රයන්ට පසු ද්‍රවිඩ භූමියේ කොරමණ්ඩල ප්‍රදේශය ඇතුළු උතුරු කොටස ව්ය.ව. 9 වෙනි සියවස පමණ දක්වා පල්ලවයන් යටතේ විය. දකුණු කොටස පාණ්ඩ්‍යයන් යටතේ ය. පල්ලවයන් ද්‍රවිඩ වාර්ගිකයන් නොවේ. දකෂිණාපථයේ (ඩෙකාන් ෘැජ්බ) සාතවාහන අධිරාජ්‍ය සම්බන්ධය තිබූ, කලකට පසු වත්මන් ආන්ද්‍ර ප්‍රාන්ත භූමියට සංක්‍රමණය කළ ස්වදේශික ජන වර්ගයකි. ජෛන සහ බෞද්ධයෝ ය. චීන වාර්තා අනුව අගනුවර ආශි‍්‍රත ව බෞද්ධ විහාරරාම සියයක් පමණ විය. 7 වෙනි සියවසේ ලංකාව සමග ද සම්බන්ධතා විය. ජෛන භක්තික මහේනද්රවර්මන් රජු හින්දු භක්තික වූ පසු බුදු දහම පහත හෙළා ඇත. සමහරු බමුණු බිලිපූජා ක්‍රම ද පවත්වා ඇත. විෂ්ණු භක්තිය ද විය. සංස්කෘත ඔවුන්ගේ නිල භාෂාව ය. මුල් ලේඛන සංස්කෘත ප්රාකෘතයෙනි. ඔවුන්ගේ පාලන අගනුවර වූ කාන්චිපුර වත්මන් තමිල් නාඩුවට ඇතුළත් ය.
සියවස් කීපයක් පුරා පල්ලව අධිරාජ්‍යය යටතේ පැවති ද්‍රවිඩ භූමියේ විශාල වෙනසක් සිදු විය. භාෂාව, දෙමළ අකෂර, කලා, සාහිත්‍ය, සංගීත, නැටුම්, ගෘහනිර්මාණ සම්ප්රදාය ආදී සෑම අංශයක් ම සාධනීය වෙනසක් ලැබී ය. ව්ය.ව. 4 වෙනි සියවසේ සිට ගොඩනැගෙන ගුප්ත අධිරාජ්‍යයේ ඇති වූ සංස්කෘත සහ හින්දු ආගමික පුනරුදයේ බලපෑමට ද ද්‍රවිඩ භූමිය නතු විය. දෙමළ භාෂාව දැඩි සේ් සංස්කෘතකරණය (ී්බිජරසඑසි්එසදබ) වීම සහ දෙමළ අකෂර සකස් වීමට පල්ලව අකෂර බලපෑ බව පිළිගත් කරුණකි. පල්ලව ජනයා දෙමළ කථා කරන ජන කොටසට අයත් නැත.
පුරාණ ද්‍රවිඩ උගතුන් දැක් වූ ද්‍රවිඩ භූමිය
පුරාණ ද්‍රවිඩ විද්වතුන් 5 වෙනි සියවසේ සිට පැවති ද්‍රවිඩ භූමිය ගැන තබා ඇති ඓතිහාසික සටහන් අමතක කළ යුතු නැත.
පල්ලව පාලන කාලයේ රචනා කළ ලෙස සැලකෙන සිලප්පදිකාරම් දෙමළ කාව්‍යය දෙමළ භූමිය පැහැදිලිව ම සළකුණු කරයි. ජෛන පදනමක් ඇති මේ කාව්‍යය ව්ය.ව. 5 වෙනි සියවසේ ඉලංගෝ අඩිගල් කවියාගේ රචනය කි. ඉංගිරිසි යුගයේ විද්වතුන් මේ කාව්‍යයේ කථා නායිකාව කන්නගී ලංකාවේ —පතිනි දෙවඟන˜ බවට පත් කොට ඇත. (ගජබා රජු කන්නගී (පත්තිනි) පාසළඹ ගෙනා කථාව වෙන ම සාකච්ඡා කළ යුතු වෙයි.)
සිලප්පදිකාරම් කාව්‍යය එකල දෙමළ ජනයා පදිංචි භූමිය හතර මායිම් සහිතව දක්වා ඇත. උතුරෙන් වෙන්කට කඳු (තිරිපති), නැගෙනහිරෙන් සහ බටහිරෙන් මහා සාගරය සහ දකුණෙන් කුමාරි (කොමරින්) තුඩුව යන හතර මායිම් තුළ පිහිටි ප්‍රදේශය ද්‍රවිඩ/දෙමළ ජනයා වාසය කළ භූමිය බව පැහැදිලිව ම කියයි. ලංකාව මේ සීමාවෙන් පිටත පමණක් නොව කිමී. 40කට වඩා පළල මහා සාගරයෙන් ද වෙන් ව, ඈත් ව පිහිටා ඇත.
කන්නගීගේ සැමියා, කෝවාලන් සහ මාදවී නලඟන අතර සම්බන්ධයෙන් උපන් දුවණිය මණිමේඛලාගේ ධාර්මික පැවැත්ම කියන, ඒ කාලයේ ම සාට්ටන් කවියා විසින් රචිත, බෞද්ධ චින්තනය පදනම් වී ඇති මණිමේඛලා දෙමළ කාව්‍යය ඇය නාගදීප වන්දනාවේ පැමිණි බව කියයි. ද්‍රවිඩ/දෙමළ ජනයා සිටි බවට සඳහනක් ඇත. 5 වෙනි සියවසේ රචිත ලෙස සැලකෙන කාව්‍ය දෙක ම එකල ද දෙමළ ජනයා ලංකාවේ නො සිටි බව හෙළි කරයි.
තෝල්කාප්පියම් නම් දෙමළ ව්‍යාකරණ ග්‍රන්ථය දෙමළ කථා කරන ජනයා පදිංචි ප්‍රදේශ ලෙස පළාත් දොළහක් නම් වශයෙන් දක්වා ඇත. එයට විවරණයක් කළ, ව්ය.ව. 1275 පමණ කාලයේ සිටි සේනවරයියාර් නම් ටීකාකරු ඒ පළාත් දොළහේ පිහිටීම ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ පළාත් සියල්ල ම තුංගභද්‍රා නදිය සහ කුමාරි (කොමරින්) තුඩුව අතර පිහිටි භූමිය තුළ වූ පළාත් වීය. ව්ය.ව. 8 වෙනි සියවස සහ ව්ය.ව. 1275 වසර වෙන විටත් දෙමළ කථා කරන ජනයා ස්ථීරව පදිංචිව නො සිටි නිසා ඔවුන් දෙමළ කථා කරන ප්‍රදේශ නාම ලේඛනයට සිංහලදීප (සීහලම්}ඊළාම්) හෝ අඩුම වශයෙන් නාගදීප (යාපනේ) නම හෝ ඇතුළත් කළේ නැත.
ව්ය.ව. 13 වෙනි සියවස අවසාන කාලය වෙන විට පවා ඉන්දියාවේ ද්‍රවිඩ භූමියෙන් පිටත දෙමළ ජනයා පදිංචිව නො සිටි බව පුරාණ ද්‍රවිඩ උගතුන් තහවුරු කොට ඇත.
ව්ය.ව. 4 වෙනි සියවස දක්වා දකුණු ඉන්දියාවේ සෙල්ලිපි ලිවීමට ප්රාකෘත සහ බ්රාහ්මී අකුරු භාවිත කොට ඇති බව, 4 වෙනි සහ 7 වෙනි සියවස් අතර සංස්කෘත භාෂාව යොදාගෙන ඇති බව, 7 වෙනි සියවසෙන් පසු ලියා ඇති සෙල්ලිපිවල ආරම්භය සහ අවසානය සංස්කෘත භාෂාවෙන් ලියා සෙල්ලිපියේ මැද කොටස දෙමළ හෝ කණ්ණඩ හෝ තෙලි`ගු භාෂාවෙන් ලියා ඇති බව සහ තනිකර දෙමළ හෝ කණ්ණඩ හෝ තෙලි`ගු භාෂාවෙන් ලියන ලද සෙල්ලිපි ලැඛෙන්නේ ව්ය.ව. 10 වෙනි සියවසෙන් පසුව බව ආචාර්ය කේ.ඒ. නීලකණ්ඨ ශාස්තී‍්‍ර කරන පැහැදිලි කිරීම දෙමළ භාෂාව පිළිබඳව ඉතා වැදගත් ඓතිහාසික කරුණක් අපට කියා දෙයි. තනිකර දෙමළ භාෂාව පමණක් භාවිත කොට සෙල්ලිපි ලියා ඇත්තේ ව්ය.ව. 10 වෙනි සියවසෙන් පසුව ය. එනම් දකුණු ඉන්දියාවේ දෙමළ භාෂාව භාවිත කළ ස්වාධීන ජන කොටසක බිහිවීම පල්ලව පාලන කාලයේ පමණ සිට සිදු වී ඇති බව ය. භාවිත කරන පාරම්පරික භාෂාව ජන වර්ගයක අනන්‍යතාවය තහවුරු කරන මූලික ම සාධකය යි. එය ඔවුන්ගේ මවුබස ය.
ලංකාව සහ සිංහල ජනයා
සිංහලයන් ඉන්දීය ජන්මයක් ඇති ඉන්දීය ජන වර්ගයක් නො වේ. පුරාණ පර්සියාව ඔස්සේ ඉන්දීය භූමියට සංක්‍රමණය කළ සිය ගණනක් ආර්ය ජනවර්ග වලින් එකකි. කලක් පංජාබි ප්‍රදේශයේ පදිංචිව සිට විවිධ හේතූන් නිසා සින්දු ගඟ දිගේ පහළට බැස, සින්දු ඩෙල්ටාව අසල හිංගූර් (සිංහපුර) නම් ප්‍රදේශයේ කලක් වාසය කොට බටහිර මුහුදු තීරය ඔස්සේ පැමිණ දිවයිනේ මවුබිම් වාසීන් වී ඇත. ව්ය.ව.පූ. 8 වෙනි හෝ 9 වෙනි සියවස පමණ කාලයේ සිංහලයන් දිවයින සමග සම්බන්ධතා පැවති බවට සාධක පුරාණ අනුරාධපුර ඇතුලූ නුවර (ජසඒාැක) කැණීම් මගින් ආචාර්ය ශිරාන් දැරණියගල හෙළි කොට ඇත.
අවම වශයෙන් අවස්ථා පහක් සම්බන්ධයෙන් මහාභාරතයේ —සිංහල˜ වචනය සඳහන් වෙයි. භාරතයේ වයඹදිග පුරාණ කාම්බෝජ මහජනපදයේ සින්දු ගඟ සහ සතදෘ (සට්ලෙජ්) ගඟ අතර දෙගංබඩ ප්‍රදේශයේ තිබූ —සිංහල˜ රාජ්‍යය සහ ඥාතීන් වූ අසල්වැසි —මද්ද˜ රාජ්‍යය කුරුකෙත සටනින් දැඩි ලෙස හානියට ලක් වී ඇත.
මගධ ජනපදයේ හර්යංක රජ පෙළපතට සමගාමීව ලංකාවේ සිංහල රාජ්‍යයක බිහිවීම සිදු වී ඇති බව ඓතිහාසික තොරතුරු හෙළි කරයි. ස්වදේශීය ජන වර්ග අභිබවා සිංහල ජන වර්ගය ව්ය.ව.පූ. 6 වෙනි සියවසේ දිවයිනේ දේශපාලන බලවතුන් බවට පත් වී සිංහල රජපෙළපතක් අරඹා ඇත. යක් පලකයාගේ ආභරණ පැළඳ, යක් පාලක සහායකයන්ගේ ආභරණ ඔහුගේ සහායකයන්ට පැළඳීමට සලස්වා දේශපාලන නායකත්වය ප්‍රකාශ කළ විජය ආරම්භයේ ම දේශීයත්වය සහ ලංකාවේ ස්වෛරී පැවැත්ම තහවුරු කොට ඇත.
විජයගේ ඥාති පුත්‍ර (සහෝදරයාගේ පුතා) ප~ුවස්දෙව් රජු සමයේ සිංහල සහ ශාක්‍ය රජ පෙළපත් දෙක අතර ඥාති සම්බන්ධය සිදු විය. ඒ අතරතුර ශාක්‍ය ජනයා දිවයිනේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශ තුළ ශාක්‍ය ජනපද බිහි කොට ස්වදේශික ජනයා සමග සුහදව සිටි අතර අනුරාධපුර රාජ්‍ය සේවාවේ නිරත වී ඇත.
පණ්ඩුකාභය රජුට රුහුණුරට (නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයේ) දේශීය ජනයාගේ පූර්ණ සහාය වීය. රජු එකල සිටි සියලූ ජනයාගේ ආගමික විශ්වාස අනුව ඔවුන්ගේ දෙවිවරුන් සහ ආගමික පූජකයන් වෙනුවෙන් ස්ථාන වෙන් කළ නමුත් ද්‍රවිඩ/දෙමළ ජනයාගේ මුරුගා/මුරුගන් දෙවියන් ගැන කිසි සඳහනක් නැත. එසේ ම එකල දිවයිනේ සිටි සොහොන් පල්ලන්ට, සැඩොල් ජනයාට සහ ස්වදේශිකයන් නො වූ —යවන˜ ජනයාට පවා, එනම් එකල දිවයිනේ සිටි සියලූ ජන වර්ගවලට ගම් වෙන් කොට දී ඇතත් ද්‍රවිඩයන්ට ස්ථාන වෙන් කළ බවක් සඳහන් නැත. ඒ ද්‍රවිඩ හෝ දෙමළ ජන කොටසක් නො සිටි නිසා ය.
බ්රාහ්මී සෙල්ලිපි හෙළි කරන සත්‍යය
ශී‍්‍ර ලංකාවේ සතර දිසාවෙන් ම ව්ය.ව.පූ. 3 වෙනි සහ ව්ය.ව. 2 වෙනි සියවස් අතර කාලයට අයත් දැනට සොයාගෙන ඇති තුන් දහසකට වැඩි බ්රාහ්මී සෙල්ලිපි සියල්ල ලියා ඇත්තේ පුරාණ සිංහල ප්රාකෘත භාෂාවෙන් ය. ඒවායින් එකක් හෝ ද්‍රවිඩ භාෂාවකින් හෝ දෙමළ භාෂාවෙන් ලියා නැත. කබොජ, මිලක, භරත ජනයා ගැන සඳහන් වෙතත් ඒ සෙල්ලිපි එකක හෝ ද්‍රවිඩ වාර්ගිකයන් ගැන සඳහනක් නැත. එසේ නො වීමට හේතුව එකල ද්‍රවිඩයන් දිවයිනේ නො වීම ය.
දිවයිනේ මුල් වැසියන් කථා කළ ලෙස සැලකෙන ඔස්ට්‍රෝආසියාතික භාෂා ලකෂණ ඇති වචන, මුල් සිංහල ප්රාකෘත බ්රාහ්මී සෙල්ලිපිවල ඇතුළත් ව ඇතත් එක දෙමළ වචනයක් හෝ දෙමළෙන් බිඳගත් වචනයක් හෝ සඳහන් නො වෙන බව මහාචාර්ය රාජ් සෝමදේව දක්වා ඇත. එමෙන් ම, සිංහල භාෂාවට ආරම්භයේ සිට ම වාගේ එකතු වී ඇති, අදත් භාවිත කරන වචන රැසක් තිඛෙන බව පෙන්වා දෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන කිසි ම ඉන්දු ආර්ය භාෂාවකට සම්බන්ධ නැති ඒ වචන කිසි ම ද්‍රවිඩ භාෂාවකට කවරාකාර හෝ සම්බන්ධයක් නැති බව සහ ඒවා දිවයිනේ මුල් වැසියන් භාවිත කරන ලද වචන විය හැකි බව පෙන්වා දෙයි.
අනාදිමත් කාලයක සිට භාවිත කරන භාෂාව (මවුබස) ජන වර්ගයක අනන්‍යතාවය තහවුරු කරන මූලික ම සාධකය යි. මවුබස භාවිතය නතර කිරීම අනන්‍යතාවයේ අවසානය යි.
ඉහත කෙටියෙන් දක්වා ඇති ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක සිංහල ජනයා දිවයිනේ පාලකයන් බවට පත් වූ කාලයේ සිට ගත වූ සියවස් පහළොවකට වැඩි කාලය තුළ දෙමළ වාර්ගික ජනයා ලංකාවේ පදිංචි ව නො සිටි බව සනාථ කරයි. එමෙන් ම, ව්ය.ව. 13 වෙනි සියවට පෙර දෙමළ ජනයා ලංකාවේ පදිංචි ව නො සිටි බව දෙමළ උගතුන් පවා පිළිගෙන ඇත.
ද්‍රවිඩ ජනයාගේ නිජබිම වෙන ඉන්දියාවේ අතීතයේ පැවති zචෝලZ, zපාංඩිZ සහ zචේරZ යන දේශපාලන ඒකක ව්ය.ව. 13 වෙනි සියවසෙන් පසු අභාවයට පත් විය. 14 වෙනි සියවස ආරම්භයේ ද්‍රවිඩ භූමිය ද මුස්ලිම් සුල්තානයක් බවට පත් විය. ද්‍රවිඩ භූමියේ වැසියන් බොහෝ දෙනෙකු මුස්ලිම් භක්තිකයන් වී ඇත. බමුණු, හින්දු පූජකයන් රැසක් සරණ පතා ලංකාවට සංක්‍රමණය වී ඇත. ඒ සියවසේ දෙවෙනි භාගයේ විජයනගර රාජ්‍යය මුස්ලිම් බලය මැඩ කුමාරි (කොමරින්) තුඩුව දක්වා ද්‍රවිඩ භූමියේ ඇති කළ හින්දු පුනරුදය නිසා ඒ බමුණු, හින්දු පූජකයන් ආපසු සියරට ගිය බව නිසැක ය. විජයනගර අධිරාජ්‍ය බලපෑම ලංකාවට ද පැතිරුණු බව හෙළි වෙයි.
ව්ය.ව. 1449 පමණ සපුමල් කුමරු කර්නාටක හමුදාව පරදවා විජයනගර රාජ්‍යයේ නියෝජිත ආර්යචක්රවර්ති නෙරපා හැරීමෙන් පසු තුන් සිංහලයේ ම රජු හයවෙනි පරාක්‍රමබාහු රජු විය. 15 වෙනි සියවසේ අවසාන කාලයේ තන්ජෝරයේ සහ මදුරාවේ මුස්ලිම් සුල්තානය යළිත් බලවත් විය. 16 වෙනි සියවසේ සිට ද්‍රවිඩ/දෙමළ භූමිය සහ ලංකාව පුර්තුගීසි, ලන්දේසි, ප්‍රංශ සහ ඉංගිරිසි ආදි යුරෝපීය බල අරගයට ගොදුරු විය.
ලංකාවේ ද්‍රවිඩ පදිංචිය
13 වනි සියවසට පෙර ලංකාවේ දෙමළ ජනයාගේ ස්ථීර පදිංචියක් නො තිබූ බව ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල පැහැදිලි කොට ඇත. 16 වෙනි සියවසේ සිට පුර්තුගීසීන්, ලන්දේසීන් සහ ඉංගිරිසීන් විසින් වරින්වර ගෙනවිත් ද්‍රවිඩයන් ලංකාවේ ස්ථීර ව පදිංචි කරවා ඇත. එතෙක් නොනිල වශයෙන් පැවති සමාජ කුල ඛෙදීම තේසවලමෙයි නීතිය මගින් තහවුරු කිරීම පමණක් නොව වහලා සහ වහල් හිමියා ලෙස දෙමළ සමාජය නීතිය මගින් ඛෙදා තහවුරු කළහ.
විශේෂයෙන් ම, 19 වෙනි සියවසේ මලබාර් සහ කොරමණ්ඩල ප්‍රදේශවලින් ගෙන්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ කොලනි පිහිටු වූයේ ඉංගිරිසි කොලනි පාලකයන් ය. දකුණු ඉන්දියාවෙන් වහලූන් ලෙස අහිංසක දෙමළ ජනයා ගෙනවිත් කඳුකර ප්‍රදේශයේ පදිංචි කරවීය. ලංකාවේ දෙමළ ජනයාගේ් පදිංචිය දස ලකෂ ගණනින් ඉහළ ගියේය. ඔවුන්ගේ දිවි පැවැත්ම වහල් කඳවුරු ජීවිතයට වඩා වෙනස් වූයේ සුළුවෙනි. වරින් වර ලන්සු තබමින් වැඩි මුදලකට ඔවුන්ගේ ශ්‍රමය විකුණා යැපුණු දහසකට වැඩි කංකානිලා (වහල් වෙළෙඳුන්) —සමින්දාර්ලා˜ ජීවිත ගත කළ අතර, ඔවුන් වතු හිමියන්ට රන් පවුම් උල්පත් විය.) එසේ ම නිදහස් සංචරණය අනුව පැමිණ ලංකාවේ පදිංචි වූ බි්රතාන්ය ඉන්දීය කොලනි පුරවැසියන් වූ දෙමළ ජනයා අපමණ ය. ලංකාවේ ජන සංයුතිය බරපතල ලෙස වෙනස් විය.
යුරෝපීය ආක්රමණිකයන්ගේ නිල ලේඛනවල පවා ව්ය.ව. 1900 අවසන් වෙන තෙක් යාපනේ හෝ —දෙමළ˜ නමින් ජන කොටසක් සිිටි බව සඳහන් නො වීය. විසිවෙනි සියවසට පෙර —ලංකා දෙමළ˜ යනුවෙන් ජන කොටසක් ලංකාදීප භූමිය තුළ සිටියේ නැත. zමලබාර්Z (මලයාලම්) වෙනුවට zලංකා දෙමළZ නාමය ආදේශ කොට 1901 දී පළමු වරට රාජ්‍ය නිල ලේඛනයක ඇතුළත් කළේ පොන්නම්බලම් අරුණාචලම් ය.
—තමිල් නාඩු˜ බිහි වීම සහ එහි දිගුව
ඉංගිරිසි පාලන කාලයේ නිදහස් —ද්‍රවිඩස්ථානයක්˜ සඳහා පැවති උත්සාහය අසාර්ථක වීය. නිදහසින් පසු දෙමළ භාෂාව කථා කළ ජනයා බහුල ව සිටි ප්‍රදේශය නම් කළේ —මදුරා ප්‍රාන්තය˜ යනුවෙන් මිස —දෙමළ ප්‍රාන්තය˜ නමින් නො වේ. (ඉංගිරිසීන්ගේ පාලන ඒකකයක් වූ මැඩ්රාස් ප්රසිඩෙන්සි නො වේ.) තමන්ගේ දේශපාලන අභිලාශ අනුව, ව්ය.ව. 1968 ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ පනත් සම්මතයෙන් සහ 1969 දී ප්‍රාන්ත ආණ්ඩුවේ යෝජනා සම්මතයෙන් —මදුරා ප්‍රාන්තය˜ නම වෙනස් කිරීමෙන් ඉන්දියාවේ දෙමළ ප්‍රාදේශීය පාලන ඒකකය —තමිල් නාඩු˜ බවට පත් වීය.
තමිල් නාඩු දේශපාලනය සහ සමාජය තුළ සිදු කෙරුණු සහ සිදු වූ වෙනස්කම් ලංකාවේ දෙමළ ජනතාව කෙරෙහි ද අඩු වැඩි වශයෙන් රෝපණය වීමට ඔවුන් අතර පැවති මවුබිම් සබඳතා සහ ඉතා සමීප ඥාති (පවුල්) සම්බන්ධතා ද උපකාරී විය.
කෙසේ වෙතත්, ඉංගිරිසි කොලනිවාදීන් වැදගත් සහ ප්‍රධාන අංශ තමන් වෙත රඳවාගෙන ඩොමීනියන් පාලනයක් තම අනුගාමිකයන්ට පවරා දුන් 1948 වසරේ, බි්රතාන්ය කොලනි පුරවැසියන් වූ දෙමළ ජනයා අතහැර දමනු ලැබීය. රටක් නැති අය බවට පත් කරනු ලැබීය. ඔවුන්ගේ මවුබිම වූ ඉන්දීය ආණ්ඩුව හෝ තමිල් නාඩුව (—මදුරා ප්‍රාන්තය˜) හෝ භාරගත්තේ නැත. යුරෝපීය ජාතීන් ඔවුන්ගේ සේවා සඳහා ගෙන ආ ජනයා රටක් නැති අය බවට පත් කරනු ලැබූහ.
1948 පෙබරවාරි 4 වෙනි දා සිට ලංකාවාසීන් බි්රතාන්ය කොලනි පුරවැසියන් වූයේ නැත. කුමන පටු අරමුණකින් ඉදිරිපත් කළත්, පනත තමන්ගෙA පටු දේශපාලන අරමුණු සඳහා යොදා ගනු ලැබුවත්, 1948 පුරවැසි පනත, තමන්ගේ පුරවැසියන් කවුරුන් දැZයි තීන්දු ගැනීමට නිදහස් රටකට ඇති පූර්ණ, ස්වෛරී අයිතියට පටහැනි නැත.
ශී‍්‍ර ලංකාවේ උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත් ඇතුළු දිවයිනේ ජීවත් වූ බි්රතාන්ය කොලනි පුරවැසියන් වූ විදේශික ජනයා ලංකා පුරවැසියන් බවට සුදුසුකම් ලැබුවේ 1948 වසරේ පුරවැසි පනත මගිනි. සදුසුකම් නො ලැබූ මධ්‍යම පළාතේ ලකෂ ගණනක් දෙමළ ජනයාට සැනසුමක් ලද හැකි වූයේ සිරිමා ශාස්තී‍්‍ර ගිවිසුම නිසා ය.
උතුරු සහ නැගෙනහිර සිංහල ජනයා
1815 වසරෙන් පසු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පදිංචි ව සිටි මවුබිම් වැසියන් වූ සිංහල ජනයාට සිදු වූයේ කුමක් ද? ඔවුන් සමූල ඝාතනයට ලක් වී ද? නැත. පිටුවහල් කරනු ලැබී ද? නැත. එසේ නම් කුමක් වී ද?
ඉංගිරිසි කොලනිවාදීනAගේ පාලන පිළිවෙත්වලින් සහ 1818 සහ 1848 කළ සිංහල සංහාර සහ ක්‍රවුන්ලෑන්ඩ් (එන්ක්‍රෝච්මන්ට්) ඕඩිනන්ස් සහ වේස්ට්ලෑන්ඩ් ඕඩිනන්ස් ආදී නීති මගින් උන්හිටි තැන් අහිමි කරනු ලැබ තැනින් තැනට මාරු වෙමින් ජීවිකාව සරිකර ගත් ලකෂ සංඛ්‍යාත සිංහල ජනයා දෙමළකරණය වූ බව, දෙමළකරණයට ලක් කළ බව ඉංගිරිසි නිල වාර්තා සාක්කි දරයි.
1833 නිර්මාණය කරන ලද උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාගෙන් විශාල කොටසක් ඉංගිරිසි පාලන සමයේ දෙමළකරණයට ලක් වූ, ලක් කරනු ලැබූ සිංහල බෞද්ධයන්ගෙන් පැවතෙන අය බව නිසැක ය.