සතර සතිපට්ඨානය හෙවත් සතර විපස්සනාව
Posted on August 15th, 2024

තිස්ස ගුණතිලක

පසුගිය ධර්ම සාකච්ඡාවලදී සාකච්ඡාවට භාජනයවූ කරුනු සද්ධර්මය තුල හමුවන ආර්ය ප්‍රතිපදාවට අනුකූලව සකස්කරගන්න, ගලපාගන්න බලමු. ප්‍රතිපදාව යනු නිවන් මාර්ගයට අනුගතවන ප්‍රතිපදාවයි.

  1. නිවන පවතින්නේ ස්වභාවධර්මය හෙවත් reality එක තුල එනම් අසංඛතය තුල බව දැන් අපි දනිමු.
  2. අසංඛතය, ස්වභාවධර්මය තුල පවතින නිවන අවබෝධවීමට, නිවනට කිට්ටු වීමට ස්වභාවධර්මය තේරුම්ගත යුතු බවත් අපි දනිමු.
  3. ස්වභාවධර්මය යනු ආශ්වාදයක් හෝ වෛරයක් නැති, රාගයක් හෝ ද්වේශයක් නැති, කාමචන්දයක් හෝ ව්‍යාපාදයක් නොපවතින – විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, නන්දියක් නැති, ගින්නක් නැති, අගයක් නැති ස්වභාවයේ පවතින්නකි.
  4. ස්වභාවධර්මයේ පවතින ඉහත සඳහන්  ස්වභාවය ශුන්‍යත, අනිමිත්ත ස්වභාවයක් ලෙස හඳුන්වමු.
  5. ස්වභාවධර්මගත වීමට නැතහොත් නිවන් දැකීමට මෙම ශුන්‍යත අනිමිත්ත ස්වභාවය දැකිය යුතුය, අවබෝධ කරගත යුතුය. එම ශුන්‍යත අනිමිත්ත ස්වභාවය හා බද්ධ විය යුතුය. එම ස්වභාවය අවබෝධ කිරීමට ඇති එකම මාර්ගය සතරසතිපට්ඨානයයි.
  6. සතර සතිපට්ඨානය අවශ්‍යවන්නේ: ‘ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං – භාහිර ලෝකයේ, ස්වභාවධර්මය තුල (in reality) ආශ්වාදයක් (අභිජ්ඣා-කාමචන්ද) හෝ වෛරයක් (දොමනස්සං-ව්‍යාපාද) නැතිබව සිහියට හසුකරගන්නා (යෝනිසෝමනසිකාරය) වීර්ය’ ඇතිකරගැනීමටයි. 
  7. කුමක්ද මේ සතර ආකාරයට (චත්තාරෝ) සිහියට හසුකරගැනීම (සතිපට්ඨානා)?
  8. කායෙ කායානුපස්සී විහරති, වෙදනාසු වෙදනානුපස්සී විහරති, චිත්තෙ චිත්තානුපස්සී විහරති, ධම්මෙසු ධම්මානුපස්සී විහරති.

සෑම සිතුවිල්ලක් හරහාම භාහිර ලෝකය අපට ග්‍රහනය වන්නේ අපගේ පංචේන්ද්‍රිය හා සයවන ඉංද්‍රියවන මනේන්ද්‍රිය හරහාය.

  1. චක්ඛු, සෝත, ජිව්හා සහ ඝාණ ඉංද්‍රිය සතර හරහා භාහිර ලෝකයේ පවතින වර්ණ රූප, ශබ්ද රූප, රස රූප හා ඝණ්ධ රූප අපට ග්‍රහනය වී ස්කන්ධ-පට්ච්චසමුප්පාද ක්‍රියාවලිය ඇතිකරයි. භාහිරයෙන් එන වර්ණ, ශබ්ධ, රස හා ඝණ්ධ රූප ආශ්වාදයක් හෝ වෛරයක් ඇති සේ process වී භවය සකස්කරයි. එහි කෙලවර සත්වයා (ආත්මය, ආත්ම දෘශ්ඨිය, ඉත්ථභාවය – ego, සක්කාය) ඇතිකරයි. එනම් අප ජීවත්ව සිටිනා බවක් දැනෙයි.
  2. පොට්ඨබ්බ ඉංද්‍රිය හරහා අපට සීතල, උනුසුම, තදගතිය හා ගලනා ගතිය (flowing effect) ආදී වේදනා ග්‍රහනයවී ස්කන්ධ-පට්ච්චසමුප්පාද ක්‍රියාවලිය ඇතිකරයි. භාහිරයෙන් එන පොට්ඨබ්බ රූප ආශ්වාදයක් හෝ වෛරයක් ඇති සේ process වී භවය සකස්කරයි. එහි කෙලවර සත්වයා (ආත්මය, ආත්ම දෘශ්ඨිය, ඉත්ථභාවය – ego, සක්කාය) ඇතිකරයි. එනම් අප ජීවත්ව සිටිනා බවක් දැනෙයි.
  3. මන ඉංද්‍රිය හරහා නොයෙකුත් මනෝමය සංකල්පනා සකස් කරගෙන ඒවා ග්‍රහනය වී ස්කන්ධ-පට්ච්චසමුප්පාද ක්‍රියාවලිය ඇතිකරයි. භාහිරයෙන් එන මන රූප ආශ්වාදයක් හෝ වෛරයක් ඇති සේ process වී භවය සකස්කරයි. එහි කෙලවර සත්වයා (ආත්මය, ආත්ම දෘශ්ඨිය, ඉත්ථභාවය – ego, සක්කාය) ඇතිකරයි. එනම් අප ජීවත්ව සිටිනා බවක් දැනෙයි.

බුදුන්වහන්සේ සත්වයා අර්ථ දැක්වූයේ ඉහත ක්‍රියාවලින්ට අදාල ‘ස්කන්ධයට’ අනුකූලවයි. සත්වයා ඇතිවීම යනු ‘සමුදය-උදය’ හෙවත් දුක ඇතිවීමයි. ස්කන්ධ ක්‍රියාවලියට විෂයවූ භාහිරයේ (ස්වභාවධර්මයේ, in reality) පවතින රූපය පවතින්නේ ආශ්වාදයක් නැති ‘වය’ ස්වභාවයෙනි.

මෙසේ සංඛතයේ සකස්කරන උදය හා අසංඛතයේ පවතින වය ස්වභාවයන් දැකීම සතර සතිපට්ඨාන ප්‍රතිපදාවේ මූලිකම සංසිද්ධියයි.

සතිපට්ඨාන ප්‍රතිපදාවන් සතර (කාය, වේදනා, චිත්ත හා ධම්ම) apply වන්නේ ඉහත සඳහන් සත්වයා ඇතිකරන ස්කන්ධ-පටිච්චසමුප්පාද ක්‍රියාවලින්ට අනුකූලව different විවිධ අයුරිනි.

එනම්;

1.කායානුපස්සනාව හරහා උදය-වය දැකීමෙන් නිරුද්ධ (ශුන්‍යත, අනිමිත්ත) කලහැකි වන්නේ චක්ඛු, සෝත, ජිව්හා සහ ඝාණ ඉංද්‍රියන් හරහා ස්පර්ශවී සකස්වන භවය හා අදාල සත්වයයි.

2.වේදානුපස්සනාව හරහා උදය-වය දැකීමෙන් නිරුද්ධ (ශුන්‍යත, අනිමිත්ත) කලහැකි වන්නේ පොට්ඨබ්බ ඉංද්‍රිය හරහා ස්පර්ශවී සකස්වන භවය හා අදාල සත්වයයි.

3. චිත්තානුපස්සනාව හරහා උදය-වය දැකීමෙන් නිරුද්ධ (ශුන්‍යත, අනිමිත්ත) කලහැකි වන්නේ මන ඉංද්‍රිය හරහා ස්පර්ශවී සකස්වන භවය හා අදාල සත්වයයි.

4. ධම්මානුපස්සනාව හරහා උදය-වය දැකීමෙන් නිරුද්ධ (ශුන්‍යත, අනිමිත්ත) කලහැකි වන්නේ ඉහත සඳහන් සය ඉංද්‍රියන්ට හසු නොවන භාහිරය තුල පවතින අනෙකුත් සංසිද්ධීන් නිසා සකස්වන භවය හා අදාල සත්වයයි.

පංච නීවරණ හා එහි ස්වභාවය

ඉහත සඳහන් 1-3 දක්වා ඇති කාය, වේදනා, චිත්ත ක්‍රියාවලින් ඔබට පහසුවෙන් තේරූම්ගත හැකියයි සිතමි. නමුත් කුමක්ද මේ ධම්මානුපස්සනාවට පමනක් හසුවන එහෙත් ඉහත සඳහන්‍ මුළු සයේන්ද්‍රියටම හසුනොවන සංසිද්ධීන්? මුළු සද්ධර්මයේම අවසන් ඵලය එනම් ශරීරයට බලපාන ක්‍රියාවලිය ඇතිවන්නේ මෙම අවස්ථාව තුලයි.

කායානුපස්සනාව, වේදානුපස්සනාව හා චිත්තානුපස්සනාව යන විපස්සනා වඩා ලෝක සංඥාව (ග්‍රාම සංඥාව, ආරණ්‍ය සංඥාව සහ පෘතුවි සංඥාව තුල පවතින සියළුම දේ වල ශුන්‍යත අනිමිත්ත ස්වභාවය පසක්කරනා ඔබට දැන් ඉතිරිවන්නේ අවකාශය තුල පවතින එහෙත් සයේන්ද්‍රියන්ටම පටිච්ච නොවනා (හසු නොවනා) ධර්මතාවයන් පමනයි. මෙම ධර්මතාවයන් කිරණ හා ශක්තීන් ලෙස අවකාශය තුල පවතියි. අවකාශය තුල පවත්නා කිරණ හා ශක්තීන් වල සිදුවන විපර්යාශ නිසාශරීරය තුල ඇති ලේ ධාතුව ඇතුළු සියළුම ධාතුවල (රසායනික ධාතුව) සිදුවන වෙනස්කම් වලට අනුරූපව සත්වයා තුල ඇතිවන ‘සත්ව ස්වභාවය’ එනම් ‘ස්කන්ධය’ වෙනස් වීමකට භාජනය වෙයි. ශරීරය තුල සිදුවන මෙම රසායනික වෙනස්වීමට අනුකූලව වරෙක සත්වයා (ඔබ) තුල ‘ආශ්වාදත්මක’ ස්වභාවයක්ද (කාමචන්දය-අභිජ්ඣා), වරෙක ‘වෛරී’ ස්වභාවයක්ද (ව්‍යාපාදය-දොමනස්ස), වරෙක ‘ශක්තිය මද ස්වභාවයක්ද lethargic (ථීනමිද්ධ), වරෙක ව්‍යාකුල ස්වභාවයක්ද (උද්ධච්ච – කුක්කුච්ච), වරෙක අතරමංවූ වැනි ස්වභාවයක්ද (විචිකිච්ඡා) ඇතිවෙයි. මේ ස්කන්ධ- පටිච්චසමුප්පාද ක්‍රියාවලියට භාජනයවූ අවකාශයේ පවතින ‘කිරණ හා ශක්තීන්‍’ වල වෙනස්වීම ඔබගේ ශරීරයට බලපාන ආකාරයයි.

බුදුන්වහන්සේ ඉහතසඳහන් රසායනික ක්‍රියාවලින් හැදින්වූයේ ‘නිවන වසනා පංචනීවරණ ධර්මතා’ ලෙසයි. ඔබ අවසානයේදී ප්‍රහානය කිරීමට නැතහොත් ශුන්‍යතාවය හෝ අනිමිත්ත බව දැකිය යුතුවන්නේ මෙම පංචනීවරණ ධර්මතාවලට මූලිකවන අවකාශයේ පවතින කිරණ හා ශක්තීන්වලයි. ධම්මානුපස්සනාව නැමති සතරවන විපස්සනාවෙන් මෙය සිඳුකල හැකිබව සතර සතිපට්ඨානයේ ‘පංචනීවරණ පබ්බයේ’ සඳහන් කරුනයි.

අනිමිත්ත චේතොවිමුක්තිය

දැන් ඔබ ලෝක සංඥාවද ආකාශ හෙවත් අවකාශ සංඥාවද අනිමිත්ත කොට විපස්සනාවතුල දෙවන ධ්‍යානය වන ‘ආකාසානඤ්චායතන’ ස්කන්ධ ස්වභාවයට පත්වී හමාරය. දැන් ඔබට මේ විශ්වය තුල පවතින එකම නිමිත්ත ඔබගේම ‘විඤ්ඤාණය’ පමනි. එයද සතර සතිපට්ඨානය තුල ඇති ‘ස්කන්ධ හා ආයතන’ පබ්බ වල දැක්වෙන ආකාරයට ධම්මානුපස්සනාව වැඩීමෙන් ශුන්‍යත, අනිමිත්ත කල තැන ‘විඤ්ඤාණඤ්චායතන’ නැමති ස්කන්ධ ස්වභාවය අත්කර ගනියි. ලෝක ධාතුව තුල පවත්නා සියල්ලම අනිමිත්ත කල තැන අත්විදින්නේ ‘අනිමිත්ත චේතොවිමුක්තිය’ හෙවත් අභිසංඛතය වන නිවනයි.

මෙම ලිපියේ අඩංගු කරුනු හා එම කරුනුවල දිගුවකට ඔබට ‘විපස්සනාව, සතර සතිපට්ඨානය හා සෝතාපන්නය’නැමති  YouTube ධර්ම සාකච්ඡාව තුලින් සවන්දිය හැකිය. එයට පිවිසීමට පහත සඳහන් link එක භාවිතා කරන්න.

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

tgunite@tpg.com.au

2024 අගෝස්තු මස 16 වනදා

Sent from Tissa’s Phone

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress