මාලිමාව දින්නොත් නඩු අහන්නෙ බංගලාදේශය වගේ පාරේ..
Posted on August 19th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ අත්හදා බැලීමේ කිරීමට හෝ වෛරයන් පිරිමැසීමට ගොස් රට නීතිය වල් වැදුණු බංගලා දේශයක් හෝ මිනී කඳු ගොඩ ගැහෙන රාජ්‍යයක් කරනවාදැයි ජනතාව අවසාන තීරණය ගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අවස්ථාවේ දී රට ගොඩ නැගිය හැකි කණ්ඩායම තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ගම්පහදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රටට වැඩක් කළ හැකි නායකයා සහ කණ්ඩායම කවුදැයි තෝරා ගැනීමට ජනතාව සූක්ෂම විය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා මෙදා පාරත් වැරදුණහොත් රට අන්ත අගාධයට ඇද වැටෙන බවද පෙන්වා දුන්නේය.

අතීතයේ මේ රටේ ලේ ගංගා බිහිකළ ජනතා විමුක්ති පෙරමුණ ෆෙස්බුක් රංගන වලින් අද නායකයන්ට අවසන් බවත් වෛරයෙන් ක්‍රෝධයෙන් කුහකත්වයෙන් පිරුණු ඔවුන්ගේ ළිං මැඩි සංකල්ප වලින් රටක් කිසි දිනක ගොඩ ගත නොහැකි බවද ප්‍රකාශ කළේය.

පාරෙ නඩු අහන බංගලාදේශයේ ක්‍රමවේදය ජනතා විමුක්ති පෙරමුණේද ක්‍රම වේදය බව අජිත් මාන්නප්පෙරුම ප්‍රකාශ කළේය.

– සුජිත් හේවාජුලිගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress