සජිත් දින්නාම වතු කම්කරුවන් ඉඩම් හිමියන් කරනවා..
Posted on August 19th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය, නිවාස ගැටළුව, සෞඛ්‍ය පහසුකම්, වතු කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිම ඇතුළු ගැටළු 48 ක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන බවට ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එකග වි ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (18) දින සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බගවන්තලාව ශ්‍රි තෙණ්ඩායුධපාණි හින්දු කොවිලේ උත්සව ශාලාවේ වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සදහා සංවිධානය කර තිබු රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ පසුගිය යහපාලන රජය තුල තම අමාත්‍යංශය යටතේ වතුකරයේ සංවර්ධන කටයුතු රැසක් සිදු කල බවයි.

වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන ලෙස ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කල බවත්, ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් ලබාදිම තුලින් තේ වගාවට බලපැමක් සිදු වන නිසා තමන් පදිංචි නිවාස වලටම උරුමය ඔප්පුවක් ලබාදිමට කැමැත්ත ප්‍රකාශ කල බවයි.

වතුකරයේ ජනතාව ලයින් කාමරවලින් ඉවත් කර පර්චස් දහයක ඉඩම් කැබැල්ලක නිවසක් ඉදි කර, වතු ගම්මාන ඇති කිරිම සජිත් ප්‍රේමදාස මහතාගේ අපෙක්ෂාව බවත්, එම අපෙක්ෂාව සැප්තැම්බර් මස සැබැ වන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

මෙම රැස්විමට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එම්.උදයකුමාර් මහතා සහ කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර යන මහතුන්ද සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress