රනිල් මාලිමා ප‍්‍රතිපත්තිය අගටම කියවයි.. උත්තර නැති ප‍්‍රබල චෝදනාවක්…
Posted on August 27th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පල කරයි.

මාවනැල්ලේ පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු කියා සිටියේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වත්මන් රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන දෙසීයක් අවම තරමේ අහිමි වනු ඇති බවයි.

එසේ අහිමිවන ආදායම උපයා ගන්නේ කෙසේදැයි කිසිදු තැනක සඳහනක් කර නැති බවටද හෙතෙම චෝදනා කළේය.

ජාතික ජන බලවේගය උත්සාහ කරන්නේ වැල් පාලම එක පැත්තකින් පමණක් නොව දෙපැත්තෙන්ම කපා දමා දැමීමට බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

මම බැලුවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශය. අඩුම බිලියන 200ක් වත් අඩු වෙනවා. ආදායම අඩු කරලා කොහොමද වියදම වැඩි කරන්නේ. ඒ ගණිතය දන්නේ නැතිනම්, ඒ ආර්ථිකය දන්නේ නැතිනම් මේ අය බලන්නේ වැල් පාලම එක පැත්තකින් කපන්න නෙමෙයි දෙපැත්තෙන්ම කපන්න. අපි මේ වැල් පාලම අතහරින්නේ නැතුවයි මේක කරන්නේ”

තමන් අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම කියූ බවත් පැවසූ ඔහු රටේ ජනතාවටද එය ඉදිරි මැතිවරණයට පෙර කියවන්නැයි ආරාධනා කරන බවත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress