13 තිබෙන තාක් කල්…
Posted on August 31st, 2024
ප්‍ර සමරසිංහ
ඉන්දියාව, ඒ රටේ පළාත් බෙදන දුම්රිය මාර්ග සිතියම කට් ඇන්ඩ් පේස්ට් කරලා, පිලිගත හැකි කිසිම පදනමක් නැතුව සිරිලංකාවේ උ සහ නැ එක්කාසු කරවලා,13ක් සිරිලංකාවේ ඇටෙව්වා. ඒ 13 දඩමීමා කරගෙන ‘උ සහ නැ පළාතේ’ ප්‍රධාන ඇමති-වර්ධරාජා පෙරුමාල් “වහාම ක්‍රියාත්මක වන පරිදි උ හා නැ පළාත වෙනම රාජ්‍යයක්ය” කියල ප්‍රකාශ කලා- අමතකද/දන්නේ නැද්ද?
එවක ‘විධායක’ ජනපති ආර් ප්‍රේමදාසට බලය තිබුනා ඒ සැනින්, වර්ධරාජා පෙරුමාල් එම තනතුරෙන් අස් කරල දාන්න සහ උ හා නැ පළාත් සභාව විසුරුවා දාන්න.
මෙහෙම මෑත ඉතිහාසයක් තියෙන රටක, ඒ ඔක්කොම නොදන්නා ගානට දාල, එහෙමත් නැත්නම් අමතක වුන ගානට දාල, විධායක ජනපති ක්‍රමය අවසන් කල යුතුය කිය කියා මහජනතාව නොමග යවන පෙත්තප්පුල/ ලියනප්පුලා නිකමටවත් කියන්නේ නෑ/ලියන්නේ නෑ, ඉන්දියාව අපට බලහත්කාරකමෙන් පංගාර්තු කරවාපු 13 මුලින්ම ඉවත් කල යුතුය කියල විධායක ජනපති ක්‍රමය අවසන් කරන්නට මත්තෙන්.
හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා,13 සම කලේ සිරිලංකාවට එල්ල කර ඇති අසිපත් තුඩක් විලසට සහ විධායක ජනාධිපති ක්‍රමය ඒ අසිපත් තුඩ බැඳ තබා තිබෙන රැහැන් පටක් ලෙසටය. එම නිසා 13 තියෙන තාක් කල්, දිවිහිමියෙන් මේ විධායක ජනාධිපති රැහැන් පට රැක ගත යුතු බවය.