“විජේවීර ඝාතකයෝ මාලිමා වේදිකාවේ” JVP ප්‍රභලයෙකුගෙන් හද කම්පාකරවන හෙළිදරව්වක් (වීඩියෝ)
Posted on September 15th, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඝාතකයින් අද සිටින්නේ මාලිමා වේදිකාවේ බවට, එම ඝාතනය ඇසින් දුටු හිටපු යුද හමුදා සෙබළෙකු වන ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව එල්ල කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මැදිරිගිරියේ ජන හමුවකට එක් වෙමින්.

\සමාජවාදී ජනතා සංසදයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේට සහය පළ කිරීමේ ජන හමුවක් මැදිරිගිරිය නගරයේදී පැවැති අතර, කලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා ද එක්වුණා.

එදා රෝහණ විජේවීර සහෝදරයා ගැන කතා කළ නිසා තමන්ට වසර 08ක් සිරගත වීමට සිදු වූ බවත් ඔහු එහිදී සඳහන් කළා.

අද මේජර් ජෙනරල් අශෝක තෝරදෙණිය මාලිමා රැස්වීම්වල ප්‍රධාන ආරාධිතයා වී ඇති බවත්, එම පුද්ගලයා විජේවීරට පිස්තෝලයෙන් වෙඩිතබා, පණපිටින්ම ආදාහනාගාරයට විසිකළ පුද්ගලයා බවත් ඉන්ද්‍රනන්ද පවසා සිටියා.

එමෙන්ම, හැකිනම් තමන්ට නඩු පවරණ ලෙසත් අභියෝග කළ ඔහු, එම සිද්ධිය අවස්ථාවේ ඡායාරූප ලබාගත් පුද්ගලයා තමන් බවද සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress