සිංහලද්වීපය අනාගමික රාජ්‍යයක් නොවිය යුත්තේ ඇයි
Posted on September 15th, 2024

ධර්මසිරි සෙනෙවිරත්න 

ගොතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩවාසය කලේ අද ඉන්දියාවය යි කියන දේශයේ නම් එහි සිට   තෙවරක්ම  සිංහල දීපයට වැඩම කිරීමට විශේෂ හේතුවක් තිබිය යුතුය . තම ධර්මය තම රටින් නොබෝ කලකින්ම අතුරු දහන්වී යන බව එතුමා  ‘දිවැසින්’ දකින්නටඇත. බුදු හිමි විශේෂයෙන්ම  ‘’රාජවංශයට කැළැල් වෙන’’හා ‘’වංශය කබල් ගෑමට ‘’විරුද්ධ මතයක් දැරීම   ප්‍රාග් වයිදික බ්‍රාහ්මණයන්ගේ දැඩි කෝපයටහේතුවී තිබුනි . ‘’ආචාරී මහාචාරී දිසාපාමොක් ‘’ලෙස බ්‍රාහ්මණ අධ්‍යාපන ආධිපත්‍යය’’ප්‍රයෝජනයට ගනිමින්  (((( හරියට මකොලි  උගතුන් වර්තමානයේ කලාමෙන් )) බහුතර ජනතාවගේ සුභ සිද්ධිය සඳහා දෙසු තම දහම ආත්මාර්ථය  සඳහා  රටෙන් තුරන් කිරීමටඔවුන් විසින් කටයුතු කරනබව දැන ගත්තේය.තමන්ගේ ජීවිත කාලය තුලතම දහම රැකගැනීමට තමන්ට හැකි වුවද පරිනිර්වාණයෙන් පසුව දහම ආරක්ෂා කළහැකි බුද්ධිමත් මෙන්ම ජීවිත පරදුවට තබා ඒ වෙනුවෙන් කැපවෙන බලවත් පිරිසක්ම අවශ්‍ය වෙන බව එතුමන්ටපෙනීයන්නට ඇත . . ඉනික්බිති තම දහම ආරක්ෂා කිරීමට ඇපකැපවෙන  බුද්ධිමත් ජනතාවක් සිටින්නේ  අප සිංහල ද්වීපයේ බව දැක ,දැන මෙහි වැඩමකර  ඒ බව නැවතත් සියැසින්ම  දැක  අනාගතයට   අවශ්‍ය වන්නාවූ  මුලික ඥාන  වර්ධනය  සඳහා  දම්දෙසා තමන් ,වැඩම කල බව සිහිගන්වනු පිණිස  පා සටහන්ද  තබා ආපසු වැඩම කර ඇත.

                                                             වසර ගණනාවක් ඉකුත් විය .පරිනිර්වාණයට කාලය බව දැන,තමන් මීට කලකට ඉහත අපේක්ෂ්ශා  කල තම ‘’අකාලික සනාතන දහම ආරක්ෂා කිරීමේ ‘’’ව්‍යාපෘතිය ‘’ට තෝතැන්නක්  ,පාරාදීසයක්  ,,අත්ලන්තීසයක්  , යුටෝපියාවක්   ලෙස තමන් විසින් පසක් කරගත්  සින්හලදීපය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අප මහා අමාමෑනියෝ  දහසක් දිවැස් ඇති දෙදෙව් ලොවටම අධිපති සක්දෙවියන් වෙත පැවරු සේක. සක්දෙවියෝ,  ඒ කාර්යයට සුදුසුම උපුල්වන් දෙවියන්  ඒ කාර්ය භාර නිලධාරී  තනතුරට පත් කළේය

                                                             යම් හෙයකින් බුදුහිමි වෙනරටක නොව මෙරටේම උත්තමයෙකියි ගතහොත්  එතුමන්ගේ ධර්මයත් ඒ ධර්මය සුරකින ප්‍රචලිත කරන සසුනත් ඒ දහම හා බැඳී ජීවන ක්‍රමයත් සුරක්ෂා කොට පෝෂණය කිරීමට සිංහල යන්ට  ඇති වගකීම හා අයිතිය තව දසදහස් වරකින් තීව්ර වන්නේය ..

                                                                   බුදුහිමි  සමයේ හෙළයන් , සිංහ ආදී  අනෙකුත් අය හා   ජාන හා ඥාන සම්මිශ්‍රනයෙන් පසු  ඇතිවූ සිංහල ජාතිය , බුදු හිමියන් අපේක්ෂා කල පරිදිම. අදිටන් කල පරිදිම ඒ කාර්ය භාරය කරටම ගත්තේය .ධර්මා ශෝක රජු ‘’කොහේ හිටියත්’’ තමදරුවන් ද මේ කාර් ය භාරය ඉටු කිරීම සඳහා යොමු කිරීමට ඔහුට සිතුනේ,ඒ කාර්ය භාරය භාරව සිටි දෙවියන්ගේ ඇනැවුම පරිදිම වියහැක. දෙවියන් බහට නතු දෙවියන්ට ලැදී  නිසාම හේ ‘’දෙවියන්ට ප්‍රිය ;;වන්නට ඇත .ඉන් පසු සිංහලයෝ වහ වහා යුහුසුළු වෙමින් සාෂණය ස්තාපිත කළහ ධර්මාවබෝහය දුෂ්කරවූ වන්ට  නිරන්තරයෙන් ධර්මය සිහි වෙනු පිණිස හා එයට යොමුවීම පහසු වනු පිණිස විවිධ අන්දමේ ‘’ස්මාරක’’ ඉදි කළහ .මේ අකාලික වුද සනාතන වුද දහම කොයිතරක් සිංහලයාගේ සිත් ඇදගත්තේදැයි කිවහොත්  මහරජ ගාමිණී වැනි  සිංහල රජදරුවන් හා ප්‍රජාව පරසතුරන් හා යුද වැදුන මු ඛ්‍ය පරමාර්ථය වුයේ ‘’ධර්මඥාන පාරිශුධ්ධතාව’’ රැකීමට මිස  ජාන පාරිශුද්ධ තාව රැකීමට නොවේ..’’මාගේ මේ ව්‍යායාමය බුද්ධ සාෂනයාගේ චිරස්ථිතිය සඳහාමය ‘’ යන්න මේ අදහස තහවුරු කිරීමට ප්‍රමාණවත්ය .

                                               එදාසිට  චෝල පාන්ඩ්ය  කේරල ආදීන් ද පරංගි ලන්දේසි ඉංග්‍රීසි ආදී සතුරන් ගෙන් දහම හා  සසුන රැ කගැනීමට ඇප කැප වූ සිංහල බෞද්ධයෝ 1815 දී පවා මහා බලවත් බ්‍රතාන්යය න් ලවා බුදුදහමත් සසුනත් ඒ හාබැඳි සංස්කෘතියත්  ආරක්ෂා කරන බවට ගිවිසවා ගනීමටදසමත් වුහ.සිංහල බෞධ්ධයන්ගේ බලවත් ඉල්ලීමකොතරම්ද යත්  උන් කෙතරම් අකමැති වුවද එය  ප්‍රතික්ෂේපකිරීමට ඉංග්‍රීසීන්ට නොහැකිවිය. එමතුද නොව බෞද්ධ වෙහෙර විහාර රටේ ඕනෑම තැනක බෞද්ධයන්ට කැමති පරිදි තැනීමට හැකිවුවත් අන්‍යා ගමිකයන්ට රජයේ අවසරයක් නොමැතිව එසේ ඔවුන්ගේ ආගමික ස්ථාන තැනීම  නීති විරෝධීබව ට ඉංග්‍රීසීහු 1892 නීතියකින්  පිළිගත් හ.ඒ නීතිය අදත් වලංගුය .පරංගි ලන්දේසි ඉංග්‍රීසි ආදීන් මොන තරම් බලවත් වුවත් මොන මොන විද්ධි ක්‍රම යෙදුවත්  මේ අකාලික දහමෙබ්න් පෝෂණය වූ ජනතාවගෙන් 5 % කට වඩා ‘’කිතුනු ‘’කරවන්නට ඔවුන්ට නොහැකිවිය . ඒ තරමට  රට සිංහල බෞද්ධ විය ලොව කොතැනවත් දක්නට නැති ‘’මාඝාත ‘’  NO SLAUGHTER නීති පැනවූ රට සින්හළේය ඒ බෞද්ධ කම නිසාමය .රජවරු ‘’බෝසත් ‘වරු විය යුතුය යන නියමය තිබුනේ මේ බෞද්ධ රටේය ..උතුම්වූ දළදා වහන්සේ  භාරකරු රජු ලෙස සැ ල කුවේ මේ බෞධ්ධකම නිසාය උතුම්වූ  ත්‍රිපිටක බුද්ධ ධර්මයමුල් වරට  පොත් පත් වල ලිව්වේ මේ සිංහල බෞද්ධ රටේය. මේ දහම හා ඒ හාබැඳි චින්තනය  නොවන්නට ලන්දේසීන්ට බියෙන් පැ නදිවූ අපේ හ තුරු පරංගිහා කතෝලිකයෝ එකෙක් වත් මේ රටේ නැත .මුස්ලිම් වරු නැගෙනහිරත් නැත අකුරණ ගම්පොලත් නැත  එමතුද නොවදෙමල ජනගහනයෙන් 50 % ක්  බස්නාහිර පළාතේනිරුපද්‍රිතව සිටින්නේත් නැතුවා මෙන්ම යාපනේ ත්‍රස්තවාදයෙන් බැට කෑ ලක්ෂ 3 ක දෙමලු  ‘’මානුෂික මෙහෙයුමකින් ගලවා ගන්නේද නැත ..යුද හමුදා සෙබළු ‘’මානුෂික වන්නේද නැත . මේ සිංහල බෞද්ධයාගේ චින්තනයයි, ජීවන ක්‍රමයයි.         

                                        ඉදින් මේ රට අනාගමික රාජ්‍යයක් කල යුතුයයි යමෙක් පවසන්නේ නම් හේ අක්මුල් සිඳගත් ,ඉතිහාසය කණපිට පෙරලීමට පරයන් විසින් මෙහෙයවනු ලැබූ ගැත්තෙක් මය . සිංහල බෞද්ධයෝ  මොවුන්ට විරුද්ධව පෙළ ගැසිය යුතුය ඊයේ පෙරේදා මෙසේ පෙළ ගැසීම නිසාම මුල් ස්ථාවරය  අ ත හැර  ව්‍යවස්ථාවේ 9 වගන්තිය වෙනස් නොකරන බව කියන්නට  මාක්ස්වාදී අනුර දිසානායක ට  සිදුවිය එය හරිනිගේ පුද්ගලික මතය මිස ජවිපෙ මතය නොවන බව කියා ගැලවෙන්නට හෝ සිදුවුයේ  ජාතිකවාදී පෙළ ගැස්මේ ප්‍රතිඵලය නිසයි  අනුරලා ගම්වල කොල්ලොය .මොවුන්ටද යහමගට එන්නට ඉඩ නොදෙන්නේ ‘රටවැසියන්’’ ලෙස නොව තමන් ‘’පුරවැසියන් ‘ (()කොලොම් -පුරවැසියන් පමණක්  වියහැක )) ’ ලෙස සලකන ලාල් විජේනායකලා හරිණි  අමරසුරියලා  වැනි ‘’මකොලි රජුන් හා රැ ජිනියන්ය .මොවුන්ගෙන් මේ ගමේ කොල්ලන්ද බේරා ගැනීමට පෙළ ගැසෙමු. .                 .        .    

                                                           .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress