අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට ගැලපෙන IMF වැඩපිළිවෙලක් මිස IMF ආයතනයට ගැලපෙන ලංකාවක් නොවේ
Posted on September 16th, 2024

Dilrook Kannangara

සියලු පක්ෂ විපක්ෂ IMF වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇත. එය අගය කල යුතුය. එහෙත් එක කණ්ඩායමක් පමණක් ඒ සම්බන්ධයෙන් අන්තගාමී වී ඇත. එම කණ්ඩායම හිතන්නේ ශ්‍රී ලංකාව සහ ලාංකිකයන් ජීවත් විය යුත්තේ සහ මියයා යුත්තේ IMF හාමු වහන්සේ සඳහාම බවයි. මෙය වැරදි ආකල්පයකි. සියලු IMF වැඩපිළිවෙලවල් තිබු රටවල් IMF වැඩපිළිවෙල රටේ අවශ්‍යතා සඳහා පමණක් යොදා ගත අතර, IMF සඳහා රට්ටුන් ජීවත් වියයුතුය යන මුග්ධ මතයේ නොසිටියහ. අවාසනාවට ලංකාවේ එසේ සිතන එකම එක කණ්ඩායමක් සිටියි. මොවුන් රටට් මෙන්ම IMF වැඩපිලිවෙලටත් තර්ජනයකි. මැතිවරණයේදී ඔවුන්ව පරාජය කළයුතුමය.

රටේ ආර්ථික දියුණුව මනින්නේ පෝලිම් වලින් නොවේ. ආර්ථික සංඛ්‍යා සහ දර්ශක මගින්ය. පෝලිම් එයට ඇතුලත් නොවේ. සියලු ආර්ථික දර්ශක 2022 සිට අයහපත් වී ඇත. ලෝක බැංකු සහ IMF වාර්තා අනුව දරිද්‍රතාවය 14% සිට 26 දක්වා උත්සන්න වී ඇත. Transparency International පලකරන corruption index (නාස්තිය සහ දූෂණය) නරක අතට පත්වී ඇත. 2022 36%ක් වී 101 වන ස්ථානයේ සිටි ලංකාව 2023 වන විට තවත් පහලට වැටෙමින් නාස්තිය සහ දූෂණය 34%ක් වී 115 වන ස්ථානයට වැටුණි. 2024 එය තවත් පහලට වැටෙමින් 24% ක් පමණක් ලකුණු ලබා 132 වන ස්ථානයට වැටී ඇත. 2023 වන විටත් ශ්‍රී ලංකාව නාස්තිය සහ දූෂණය සම්බන්ධයෙන් වැටුණු දුර්වලතම ස්ථානයට වැටී තිබේ.

2023 Corruption Perceptions Index: Explore the results
https://www.worldeconomics.com/National-Statistics/Corruption-Levels/Sri%20Lanka.aspx

Credit rating දර්ශක අනුව ලංකාව තවමත් සිටින්නේ RD නොහොත් DEFAULT (ණය ගෙවීම් පැහැර හැරීමේ) මට්ටමේය. කෙටි කාලීන ණය සම්බන්ධයෙන්නම් එය යන්තම හොඳය. ඒ වෙනකක් නිසා නොවේ කෙටි කාලීන ණය දිගුකාලීන ණය බවට හැරවිය හැකි නිසාය. දිගු කාලීන ණය බවට හැරවූ සැණින් ඒවාද RD නොහොත් DEFAULT (ණය ගෙවීම් පැහැර හැරීමේ) මට්ටමේය.

සුරංගනා කතා වලට නොරැවටී ජනතාව චන්දය දිය යුත්තේ ජනතා විලාපයන් IMF වෙත රැගෙන යන නායකයෙකුට මිස IMF විලාපයන් ජනතාව වෙත ගෙනෙන වන්දිභට්ටෙකුට නොවේ.         

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress