අවසන් ජන රැලිවලට බස්රථ 1500ක්… රුපියල් කෝටි 200ක්..
Posted on September 17th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් හිමිව ඇතිබව පැවසීය.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු අද (18) දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් රථ 1500ක් පමණ මේවන විට ඉල්ලුම් කර තිබේ.

වැඩිම බස්රථ ප්‍රමාණයක් ජාතික ජන බලවේගය විසින් ලබා ගෙන ඇතිබව සභාපතිවරයා පැවසීය.

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා තිබේ.

ලබන 20 වැනිදා 50% බස්රථ ධාවනයක් රට පුරා සිදුවන බව වැඩිදුරටත් පැවසීය.

මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස්රථ ධාවනය සඳහා එක්කරන බව පැවසීය.

දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවනු ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress