ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ව්‍යවස්ථා වැරදි කළ අය එළිදරව්වන නිසාද?
Posted on September 17th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී පියවර ගත්තේය.

2. ඒ වන විට 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා එම නඩු විශාල නඩු ගාස්තු වලට යටත්කර ප්‍රතික්ෂේප කර තිබුණි.

3. එසේම 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති වූ නීතිමය වැරැද්ද නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර තිබුණි.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2002 දී ජනමතවිචාරණයක් අවශ්‍ය වීමත්, 2015 දී ජනමතවිචාරණයක් නොමැතිව සංශෝධනය කර ගැනීමේත් එකිනෙක පටහැනි තත්ත්වය ගැන සමාජයේ පැවති කතිකාව නැවත ආරම්භ විය.

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේදී නීති විශාරදයන් කිහිප දෙනෙකු සිදුකරන අතපසුවීම් සහ වැරදි සාක්ෂි සහිතව එළිදරව් වීම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙන්නුම් කළේය.

6. නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම් එම සංශෝධනයට මුල් වූ 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී වැරදි කළ නීති විශාරදයන් කවුද යන්න එළිදරව්වන අතර, එය වැළැක්වීමේ අරමුණෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවට නීතිය පිළිබඳ උනන්දුව ඇති අයගේ අවධානය යොමු විය.

7.  නැවත ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ගෙන එන පළමු අවස්ථාවේදී 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් නිවැරදි කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නිවැරදි කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම නීතිපතිවරයාට පැවරේ.

8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නිවැරදි කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම නීතිපතිවරයා වෙත පැවරෙන තත්ත්වයකදී එකී වැරැද්ද නිවැරදි කිරීමට යාමෙන් නීති ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුගේ වැරදි එළිදරව්වන  හෙයින් නැවත ඉදිරියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් නොවී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනවිත් 2015දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී සිදුකළ වැරදි යටපත් කිරීමට කටයුතු සිදුවිය හැකි අතර ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.

(නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11 වන නීති කෘතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” (ISBN 978-955-38965-6-8)
(A referendum being required to amend Article 70 of the constitution in 2002, a referendum not being required in 2015, right to equaluty and Judicial Precedent.*)
එළි දක්වන ලද 2024.09.07 දින උත්සවයේදී.)

http://neethiyalk.blogspot.com/2024/09/22_17.html?m=1

(කෘතිය ලබා ගැනීමට විමසන්න. දුරකථන 0712063394)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress