ගොඩබාන මිලට දහයක් එක්කර ඉන්ධන විකුණන බව අනුර කිවුවා.. දැන් පෙට‍්‍රල් 170ට දෙන්න…
Posted on October 2nd, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඉන්ධන ආනයනය කර මෙරට ගොඩ බාන මිලට තවත් රුපියල් දහයක් එකතුකර අලෙවි කිරීමට හැකියාව තම ආණ්ඩුවකට ඇති බව අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර එහ හැන්සාඩ් ගත වී ඇතැයි හිටපු රාජ්‍ය ඇමති ඩී.වී. චානක මහතා සඳහන් කරයි.

ඒ අනුව දැන් එය ඉටුකිරීමට කාලය එළැඹ ඇති බවත් අද වන විට වරායෙන් පෙට්‍රල් ලීටරයක් ගොඩ බාන්නේ රුපියල් 160ක මුදලකට නිසා දැන් ඔහුගේ ප්‍රකාශය අනුව 170ට පෙට්‍රල් ලීටරයක් ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.

කොළඹදී මේ මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති පොරොන්දුව ඉටු කළහොත් පෙට්ටල් හා ඩීසල් යන ඉන්ධන වර්ග දෙකම රුපියල් 170-190 අතර මිල ගණන් වලට ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදාවෙනු ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress