පාස්කු කොමිෂන් වාර්තාවේ පිටු අඩුවීම ගැන පරීක්‍ෂණයක් කරනවා..
Posted on October 8th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ කරන ලද ජනාධිපති විශේෂ කොමිසම් වාර්තාවේ පිටු අතුරුදහන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා අද ප්‍රකාශ කළේය.

එම පරීක්ෂණවල කරුණු නුදුරේදීම හෙළි කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේය.

එම පිටු අස්ථානගත වූ ආකාරය සහ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ එහි පිටු සියල්ල එලෙසම තිබී ඇත්ද යන්න එම විමර්ශනවලින් සොයා ගැනීමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress