උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි
Posted on October 14th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව එම පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

රටේ පාලන තන්ත්‍රය ජනතා මුදල් අයථා ලෙස සිය රටේ හෝ වෙනත් රටවල ආයෝජනය කර ඇත්නම් භාවිත කරමින් ඇත්නම් එමගින් ඒවා නැවත ලබා ගත හැකි බවත් ඇය පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිතාවේදී උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව ද ඇය පවසන්නීය.

පෙර පැවැති ආණ්ඩුවල පිරිස් ජනතාවගේ මුදල් වත්කම් ඕනෑම රටක ආයෝජනය කර ඇත්නම් සඟවා ඇත්නම් ඒවා නිත්‍යානුකූල ලෙස අත්පත් කරගැනීමට දෙවරක් නොසිතන බව ද ඇය අවධාරණය කරයි.

රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ මුදල් නැවත ගෙන ඒම පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඇය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලය පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පැවසුවාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress