පාස්කු වාර්තාවෙන් මාලිමා ප‍්‍රබලයන්ට චෝදනා.. සගවන්නේ ඒ නිසා.. සදුදා මහා හෙලිදරවුවට මං සූදානම්..
Posted on October 18th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා දෙක තමන්ට අතට පත් වූයේ තැපැල් මගින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අදාළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ වාර්තාවල ඇතුළත් ඇතැම් කරුණු වලට අනුව ජාතික ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වීම හේතුවෙන් බවත් ඔහු කියා සිටී.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද සඳහන් කරමින් වාර්තාවල ඇති ඇමුණුම් පවා තමන්ට තැපැල් මගින් ලැබී ඇති බවත් ඒවා හැර අනෙක් සියළු වාර්තා එළඹෙන සඳුදා මාධ්‍යයට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවද ඔහු යලි අවධාරණය කරයි.

හෙතෙම මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress