අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බවට හිටපු ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)
Posted on October 31st, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

රාජ්‍ය සේවක වැටුප් පිළිබදව ඉදිරිපත් වූ උදය සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර අද පැවැති ජන හමුවකට එක්වෙමින්.

ව්‍යවස්ථාව හරිහැටි නොදැන අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ සිදුකරන බවයි එහිදී ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරයා මාධ්‍යට චෝදනා කිරීමෙන් පලක් නොවන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress