මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්… මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ – ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
Posted on November 3rd, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා ආණ්ඩුව ණය ගෙන නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින්  තම වෙබ් අඩවියේ ආණ්ඩුව විසින් ණය ගත් බව පැහැදිලිව සඳහන් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ ඉකුත් 29 වැනි දා ආණ්ඩුව විසින්  කෝටි 14,500ක ණය ගෙන ඇති බව හා මහ බැංකුව එය සනාථ කර ඇති බවත්ය.

වත්මන් ආණ්ඩුව එක් මසක දී කෝටි 76,875ක් ණය ගෙන ඇති බවත්, මේ වන විට සමස්තයක් ලෙස ආණ්ඩුව කෝටි 95, 875ක් ණය ගෙන ඇති බවත්, එවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැති බවත් ඒ මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress