සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
Posted on November 5th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

2022 දී රට අරාජික කිරීම සඳහා ක්‍රියාත්මක වූ අරගලය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා මුදල් ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු තමන් සතු බවත්, රට නිවැරැදි මාවතට අවතීර්ණ කර ගැනීමේ අවස්ථාව ඔහුගේ මැදිහත්වීම හරහා වැළකී ගිය බවත් සිංහ එෆ්.එම් නාලිකාවේ හිටපු හිමිකරු නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සුභාෂ්කරන් අලිරාජා පිළිබඳව හෙළිදරව් රාශියක්ම සිදුකරයි.

මෙරට රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා කිහිපයක හිමිකරුවන් බවට පත්වී සිටින සුභාෂ්කරන් අලිරාජා ඇතුළු ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු මෙරට තුළ දැවැන්ත මෙහෙයුමක් දියත්කර ඇති බවත්, රන්ජන් රාමනායක  නායකත්වයෙන් යුතු පක්ෂයේ ප්‍රධාන ලේකම් වන්නේ ද සුභාෂ්කරන් අලිරාජා ගේ සමීප මිතුරකු බවත් ඔහු සඳහන් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress