ඉන්ධන මිල සූත‍්‍රය හොද දෙයක්.. අහෝසි කරන්න උවමනා නෑ..- බලශක්ති ඇමති
Posted on November 19th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඉන්ධන අලෙවිය සඳහා මිල සූත්‍රයක් පැවතීම හොඳ දෙයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.

එය සංශෝධනය විය යුතුද නැද්ද යන්න ඉදිරියේදී සලකා බලන බවත් හෙතෙම කියා සිටියේ සිය අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

මිල සූත්‍රය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවද පැවසූ ඔහු සැම විටම මිල අඩු කිරීමට රජය උත්සාහ කරන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා. අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ”

3 Comments to ඉන්ධන මිල සූත‍්‍රය හොද දෙයක්.. අහෝසි කරන්න උවමනා නෑ..- බලශක්ති ඇමති”

  1. වහූ පැටිය කාල කල කියපූ දේවල් කරත්තයට බැන්දම කරන්න බෑ පැටියො.. says:November 19, 2024 at 11:04 pmවහූ පැටිය කාල කල කියපූ දේවල් කරත්තයට බැන්දම කරන්න බෑ පැටියො..ඒ කාලෙ වැටවල් උලා කකා තප්පූ ලලා වතූපිටි උලා කාලා උඩ පැන්නත් කරත්තය ට බැන්දට පස්සේ ඒවා බෑ. ටිකක් ඉවසලා බලන් ඉන්නම් අපි කියල අපෙ තාත්ත අපට කියල දූන්න. ඒ වගේ කරත්ත පැයට හැටට හැටේ දූවන්නට බෑ. දැන් කරත්තෙ බර අරන් ගූටි නොකා ප්‍රවේශමින් දූවමූ ඇමති තූමෝ. බලය හා අලය කියන්නෙ දෙකක්. ටයි කෝට් වලින් ප්‍රශ්න විසදූවෙ සූද්දන්ගෙ කාලෙ.හෙමින් යන්…ජහ්…ජහ්…හොරකොටිය ගෙ වලිගෙ.Reply
  2. මිල සූත්තර පුංචා says:November 19, 2024 at 11:29 pmමිල සූත්තරේ කෝම උනත් අර ඉන්ධන මත රුපියල් 50 බද්ද ඉවත් කරන්ට ඇමති සහෝදරයා.
    ඔයාගෙ සාක්කුවට එන රුපියල් 160 කොමිස් එකත් එපා කියල ජනපති සහෝදරයා කියූ ක්‍රමේට රුපියල් 10ක් ලාභ තියං පැට්‍රොල් රුපියල් 52ට දෙන්න මයේ අප්පා..Reply
  3. Annonymous says:November 19, 2024 at 11:29 pmඉතිං මංගල ඇමතිතුමා ඔය සූතුය හදුන්වාදුන්න වෙලාවෙ උන්දැ ලෝක විනාසය කරන්න හදනවා කියල කෑ ගැහුවෙ ඔයාලම නේ…
    තව ටික දවසක් යනකොට මේ පුටු රස්නෙ වැඩියි ඒ නිසා A C නැතිව බැ….ආන්ඩු වෙ වාහන කම්පටබල් මදි..අලුත් වාහනයක් ඕන..ලොක්කා කියන්නෙ බස් එකෙ පාර්ලිමේන්තු එන්න කියල හොදේ..
    අතින් පෙටුල් ගහන් වාහන දුවන්න බෑ….අතේ සතේ නෑ..ඇමති පඩියකුත් දීමනාත් නෑනේ.ගෙදර ගෑනිත් කෑ ගහනවා ..සමහරැන්ට නං කන්න බොන්න යට ඇදුම් සේරම යාලුවො දෙනවා.ඔබතුමාට නං දෙන අය නැතිව ඇති..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress