මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ – ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
Posted on November 23rd, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

2024 මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී තිබුන ද ගොවීන්ට සහනාධාර ලෙස රු. 15000ක මුදලක් පසුගිය රජය විසින්  ලබාදෙන බව ප්‍රකාශ කර තිබුනද, එම මුදල රු. 25000 දක්වා වර්තමාන රජය ඉහළ දමා ලබාදෙන බව පැවසුවද, මේ වන තෙක් එම 25000ක මුදල කෙසේවුවද 15000ක මුදල පවා ගොවීන්ට නොලැබී ඇති බව ගොවීහු චෝදනා කරති.

වේදිකාවේ කුමන කතා කීවද බලයට ආ පසු ඒ කිසිවක් ක්‍රියාත්මක නොවන බවත් පවසන ඔවුන්, මාසයක් වයසැති ගොයම් පැලවලට අවශ්‍ය මූලික පොහොර ටික පවා යෙදීමට නොහැකි වීමෙන් අනුරාධපුර ප්‍රදේශයේ ගොවීහු දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් පෙන්වා දෙයි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress