ජාතික ජනබලවේග රජයේ දිගු කාලීන සහ කෙටි කාලීන අරමුණු
Posted on December 27th, 2024

Sri Lanka News

මාෆියා ජනසතු කර සහල් ප‍්‍රශ්ණය විසදනවා..- නියෝජ්‍ය ඇමති

{උපුටා ගැන්මලංකා සී නිව්ස් } මාෆියාකාරයන් ටිකක් තවදුරටත් සමහර තැන් වෙලාගෙන තිබෙන බවත් ඒවා ජනසතු කිරීමක් කර ගත යුතු බවත් ජනතාව සමග බද්ධ වුනු ව්‍යාපාර බවට පත් කළ යුතු බවත් ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි.මෙම ගැටළු තේරුම් ගෙන ඇති බවත් ජනාධිපතිතුමාද අදාල තීන්දුව අදාළ ලෙස අරගෙන ඇති බවත් ඔහු කියා සිටී.සහල් ගැටලුව නිසා පුංචි කාල සීමාවක් අපහසුතාවයට පත්ව සිටින බව තමන් දන්නා බවද පැවසූ ඔහු ඉදිරියේදී මේ මෙම ගැටලුව ස්ථිර විසඳුමක් ගෙන එන බවද පැවසුවේය.සාකච්චාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

බාල බෙහෙත් කියලා වර්ගයක් ලෝකයේ කොහෙවත් නැහැ – SPC සභාපති

{උපුටා ගැන්මලංකා සී නිව්ස් } බීමත් බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටීමට හෝ අවලංගු කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නැහැ’ යයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් වීරසිංහ මහතා පවසයි.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.බොහෝ දෙනෙක් කියනවා රටට බාල බෙහෙත් ගේනවා කියලා. බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නැහැ. ඒක සම්පුර්ණ මිත්‍යාවක්. ඒක විශාල ලෙස සමාජගත කරලා තියෙනවා. ඖෂධ කර්මාන්තය කියන්නේ සිවිල් ගුවන් යානා කර්මාන්තයට දෙවැනි වන තත්ත්ව පාලන සහතික සහිත ආයතන.කවුරු හරි සැපයුම්කරුවෙක් මෙහෙ ලියාපදිංචි වෙලා නැත්තම් ඒකටත් වෙනම ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඖෂධ සැපයුම්කරුවන්ගෙන් බලහත්කාරයෙන් ලියාපදිංචිය ගන්න බැහැ. ඒ වගේම ඖෂධ 150ක් 200ක් නැහැ කිව්වා පමණින් හිඟයක් ඇති බවට නිගමනය කිරීම වැරදියි. මොකද යම් ඖෂධයක් රජයේ රෝහලක නොමැති නම් විවෘත වෙළෙඳපොළ හරහා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා.”

ඉතිහාසයේ අඩුම බිත්තර මිල මේ නත්තලටයි..- මාලිමා මන්ත‍්‍රීනී
{උපුටා ගැන්මලංකා සී නිව්ස් }

ජාතික ජනබලවේගයේ නාවලපිටිය ආසනයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය (25) දින මහනුවර දිස්ත්‍රික් පා.ම තුෂාරි ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

නාවලපිටිය ගම්පොල මාර්ගයේ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක නව සම්බන්ධිකරණ කාර්යාලය ස්ථානපය කර ඇත.

සෑම මසකම දෙවන හා හතරවන සිකුරාදා දිනයන්හි මෙම කාර්යාලයෙන් ජනතා ගැටලු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා බව තුෂාරි ජයසිංහ මහත්මිය පැවසිය.

ඉතිහාසයේ නත්තල් සමයකදී  බිත්තරයක අඩුම මිල තම ආණ්ඩුව යටතේ ලබා දී ඇති බවත් රිලා ගැටලුවට විසදුම් ලබාදිමේ නියමු ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති බවයි තුෂාරි ජයසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..

{උපුටා ගැන්මලංකා සී නිව්ස් } බීමත් බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටීමට හෝ අවලංගු කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

බීමතින් රිය පැදවීම බහුලව දැක්විය හැකිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඬුවම් වැඩ වැඩි කළහොත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් පොලිසියේ අදහසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම ඉල්ලීම කිරීමට පොලිසිය සූදානමින් සිටී.

රිලවුන් අල්ලා රන්දෙණිගල, වික්ටෝරියා ජලාශ මැද දූපත්වලට..

{උපුටා ගැන්මලංකා සී නිව්ස් }

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල ඇති දූපත් වෙත මෙම රිලවුන් මුදාහරිණ බව පාර්ලිමේන්තු මන්ත්‍රනි තුෂාරි ජයරත්න මහත්මිය සඳහන් කරයි.

එහිදී එම රිලවුන්ට වනධ්‍යකරණම සැත්කම් ආදී බෝවීම පාලනය කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඇය කියා සිටියාය.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවත් ප‍්‍රදේශවලද ආරම්භ කරන බවත් ඇය පැවසුවාය.

ඊළග සුනාමිය රාජ්‍ය සේවයට එරෙහිවයි… අපට එය නිර්මාණය කල හැකියි..- ලාල් කාන්ත

{උපුටා ගැන්මලංකා සී නිව්ස් } පසුගිය මැතිවරණයේදී මහජන සුනාමියකින් පැවති දේශපාලඥයන් එලවා දැමූ බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ඊළඟ සුනාමිය පැමිණෙන්නේ ස්ථිර වශයෙන්ම රාජ්‍ය සේවයට බවද පැවසූ ඔහු රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් ඇති බවද පැවසුවේය.

අවශ්‍ය නම් රාජ්‍ය සේවයට එරෙහි දේශපාලන සුනාමින් නිර්මාණය කිරීමේ හැකියාවක් තමන්ට ඇති බව ඔහු කියා සිටියි.

නමුත් තාම එසේ සිතන්නේ නැති බවද හෙතෙම කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress