”වීරයන්ට ”ආයාචනයක් – සබඳ  අපි කඳු නොවෙමු උනුන්  පරයා නැගෙන
Posted on January 28th, 2025

 ධර්මසිරි සෙනෙවිරත්න

සරත් –වීර –විමල්  වීර–දිලිත් ‘ වීර  උවිඳු ‘ වීර   ආදී වීර නමින් හැඳින් වෙන්නන් ට  සැබවින්ම මහා  වීරයන් වීමේ අවස්තාවක් දැන් උදාවෙමින් ඇත.  අප නොසිතු අයුරින් සිංහල දේශය,එය  බිහිකළ සිංහලයන් වෙතින් වෙන කවදාටත් වඩා වේගයෙන්  ගිලිහී යමින් පවතී . තිස් වසරක ශාපලත් ”යුද්ධය ” නිසා  මරණ බියෙන් තැතිගෙන සිටි , වසර දාස් ගණනක්ම එක්සේසත්ව තබා ගත්  රට තමන්ට අහිමි වේයයි, දෙකඩ වේ යයි  බියෙන් සිටි සිංහලයන් ඒ මරණ බියෙන් නිදහස්කර ගැනීමට දේශපාලන තීන්දු තීරණ ගැනීමට තරම් එඩියක් ඇති එකෙක්බිහිවනු වැලක් වීමට  දේශ විදේශ සියලු බලලෝභී මංකොල්ල කාරයෝ  ,හෙලබොදු විරෝධියෝ අපේ පාලකයන් ගේ මොලසොදා බය බිරාන්ත කර සිටි සමයක ඉන් එකෙක් මුදාගෙන ඔහු ගේ ඉහමොල සෝදා  ශුද්ධ පවිත්‍රකර එඩිය කෘත්‍රිම ව  එන්නත්කර  සිංහලයෝ ලොව බිහිසුනුම ත්‍රස්තවාදීන් පරාද කර වීම සඳහා තීන්දු තීරණ ගැනීමට ඔහු පෙළඹ වුහ .2009 දී ඔහු එය කළේය .එහෙත් එන්නතේ ශක්තිය ක්ෂය වී ගෙන  යාමත් සමග ඊට වඩා දෙයක් කරන්නට ඔහුට ශක්තියක් නැතිවිය .තාවකාලිකව ”පෙරට ආ රට  පස්සට ගොස්  නැවතත් බඩ පෙරට ” එනබව හැඟුණ    අපේක්ෂා භංග  වූ ජනතාව ඔහු ගෙදර යැවුහ ..

                                                                           කුරහන් කකා හිටි උන්ට  ආප්ප කැවු සමයක් උදාවිය. ජනපති පදවියේ  දිවුරුම් දුන් සිරිසේන අපට  නුහුරු නුපුරුදු ”මෝඩි  ඇඳුමෙන්  ‘ වේදිකාවට අවතීර්ණ  වනවාත් සමගම ඔහුගේ මෝඩකමත් ඔහුට චන්දෙ දුන් උන්ගේ මෝඩකමත් මෙන්ම  අනාගතේ ඉන්දියාවෙන්  ඉල්ලන් පරිප්පු කෑමට සිදුවෙන බවත් ,බඩකට පිරෙන්නට නොලැබුනත් මෙතෙක් කාපු අපට පුරුදු කුරක්කන්  ආයෙත් නොලැබී යන තැනට වැඩ සිද්ධ වෙමින් පවතින බවත් බොහෝ සිංහලයෝ  තේරුම් ගත් හ . ”මෝඩ ව්‍යාජ මෝඩි” ,ටවුමේ රනිල් ගේ රූකඩයක් වී දිනෙන් දින අසහනයට පත්විය. .මීට පෙර දකින්නට නොලැබුන එහෙත් අසන්නට ලැබුන ”හොරෙන් හොරෙන් රෑට රෑට  කල හොරකම් ” වෙනුවට  විදේශිකයන්ද සමග පොඩි පොඩි  බැංකු නොව මහා බැංකු ද  මහදවාලේම කඩන සමයක්  උදාවිය .                                                                                                          

                                                                   ආයෙත්  කලකදී  69 ලක්ෂයක් ජනතාව ගෝටා ගෙනාවේ මහින්ද නොකළ ටික කරගන්නට මෙන්ම ”ඉන්දියාවෙන් ඉල්ලන් පරිප්පු කෑමෙන් ”බේරෙන්නටය . සිංහලේ උරුමය රැ ක ගන්නට හිතා ගෙනය.එහෙත් පවුලේ හොරුන් ගේ හා රට හොරුන් ගේත් ”මාරාන්තික ආයුධ”  හමුවේත්   අසරණව  බය බිරාන්ත වී අන්දමන්ද වික්ෂිප්තවූ  ඒ සෙන්පතියාත් අප  අතරමංකර ආත්මාරක්ෂාව සඳහා පලා ගියේය.ඒ අවු අස්සේ  එදා සිරිසේන ”මෝඩයාට ඇන්දවූ ”ටවුමේ රනිල් බලයට පත් වී ඩෙඟා නටන්නට පටන් ගත්තේ සිංහල බෞද්ධ විරෝධී පිටරට්ටු ඔහුට දුන් ඩොලර් සොච්චමක්  අප ඉදිරියේ එහාමෙහා වීසිකරමින් අපේ ඇස්  නිලංකාර කරමිනි.

                                                                                            මේ සියලු දේ සිදුවුයේ එක්තරා රිද්මයකටය  යම් සැලසුමකට අනුවය 1948 සුද්දා අපට අර්ධ නිදහස දීමට පෙර සකසා පිඹුරුපත් කර තිබු ඒ සැලසුම සීග්‍රගාමී ලෙස ක්‍රියාත්මක කිරීම ඇරඹුණේ 2009 මැ යි 19 න්  පසුවය.මහා ත්‍රස්තවාදියා නන්දිකඩාල් කලපුවේ ගිල්වා දැමීමෙන් පසුවය.. ඔවුන්ට අවශ්‍ය වුයේ ලංකාවේ එකෙකුටවත් විශේෂයෙන් කිසිදු සිංහල බෞධ්ධයෙකුටවත් මේ රට පාලනය කිරීමට නොහැකි බව පෙන් වීමය.තම සැලසුම් විටින් විට පරාජයවුවද ඔවුන් නොසැලී ඉදිරියට යන බව පෙනේ .දුරදර්ශී මේ අධමයින්  තව පියවරක් ගත්හ..

                                                                                ඉන්දියා සෝවියට් සුසංයෝගය ගැන කනස්සල්ලෙන් සිටි බටහිරයන්ගේ තාවකාලික අශීර්වාදයත් සමග බලවත් වූ ජවිපෙ 80 දශකයේ දී  ඉන්දියානු ව්‍යාප්ත වාදයට විරුද්ධව ව  සිංහල ජාතියම අවදි කරමින් උතුම් වූ ජාතික මෙහෙවරක යෙදී සිටියේය. හැම එකාම එපාවී සිටින සිංහල බෞද්ධයන්ට යම් හෙයකින් , .බොහෝ සෙයින්ම සිංහල බෞද්ධ ගැමි තරුණ තරුණියන්ගෙන්  සුසැදි  ජවිපෙ තුලවූ ජාතිකවාදී චින්තනයට මුසුවූ  සමාජවාදී   චින්තනය  සිංහල බෞද්ධ ජනතාවට ආකර්ෂණය වුවහොත්,ඔවුන්ට ලැබෙන පාලන බලය  අහෝසි කිරීම අසීරුවන බව ඔවුන්ට වැටහුනේය .දැන් ඉන්දියාව බටහිර කඳවුරේ මිතුරෙකි. එනිසාම ඉන්දියානු ව්යාප්තවාදයට විරෝධය දක්වන ජවිපෙ ක්ෂය කරන්නට දෙදරවා හරින්නට යොදා ගත හැකි හොඳම ඉත්තා ඉන්දියාව බව බටහිරයෝ  දැන සිටියහ. 3 % වර්ධනය කර රටේ බලය ලබා ගත හැකි”පාඩම ” 6 වෙනි පාඩම ”ලෙසින්  උන් දෙගොල්ලම එකතුවී ජවිපෙ නායකයින් ට ඉගැන්වුහ.සුපුරුදු පන්ති 5 න්  එහා ගිය ඒ පාඩම නම් ”ලිබරල්ලු සමග සහවාසේ ”නම් විය .ඒ  පන්තියට ගිය උන් ආයෙත් ඉන්දියානු ව්යාප්තවාදයක් ගැන කතා නොකරන බවත්,සිංහලේ විනාශ කිරීම සඳහාම කෘත්‍රිමව ඇතිකළ ආර්ථික අර්බුදය  හමුවේ මොවුන් තම සුවච කීකරු සේවකයින්  කරගත හැකිබවත්  කෞ ටිල්ය යෝ දැ න සිටියහ. ”උලමාගේ ශබ්දයද” තරමක් මුසුවී තිබු පැරණි ‘ සීනුහඬේ” ශබ්දයෙන් ජනතාව බියපත් වීම වැලක් වීම සඳහා  හඬක් නැති ව  හැලහොල්මනක් නැතිව යායුතු මග  පෙන්වන මාලිමාව  තෝරා ගැනීමට යෝජනා විය මාලිමාව දිනුවේය.මෝඩි අපේ ජන පති  ”දරු වා” තුරුලු කරගෙන ” රහස් කොඳුරන” හැටි අපි දුටුවෙමු.—-.මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී-

                                                                         ජවිපෙ කල යුතුව තිබුනේ  විජේවීර  ”යළි කියවාගෙන”ඒ මතවාදය තව දුරටත් ජාතිකත්වයෙන් පෝෂණය කර ඔය උලවූ මාක්ස් වාදයේ අලුක් කාලද එමෙන්ම කිසිදු විලිසංගයක්  නැති ලිබරල් වාදයද  ඉවත දමා සිංහල බෞද්ධයන්ට ලොව ඇති එකම භුමිය රැ ක ගැනීම සඳහා සියලු ජාතිකවාදීන් හා එකතු වීමයි .ගැමි බෞද්ධ තරුණ තරුණියන් ගෙන් සුසැදි ජවිපෙට එය ලෙහෙසියෙන්ම කළහැකි එකක් විය.එහෙම කළා නම් උනුත් ගොඩ රටත් ගොඩ.  .එහෙත් ඔවුහු විදේශික උගුලට හසුවුහ. සිංහලේ උරුමය රැක දසරාජ ධර්මය හා සක්විති වත මුසු කල නව දේශපාලන ධර්මයක්  සකසා  ලෝකයට පරමා දර්ශී රාජ්‍ය ක්‍රමයක්  හඳුන්වා දී රටේ ගැලවුම් කාරයන් වීමට ජවිපෙට තිබු මහඟු අවස්තාව ඔව්හු හිතාමතා පැහැර හැරියහ . අද ඔවුන්ට සිදුවී ඇත්තේ එක එකාගේ පදයට නටන්නටය ,කොයි රටට සිංහලේ පාවා දුන්නොත් තමන්ට බලයේ සිටින්නට හැකිදැයි විපරමෙන් සිටින්නටය .වයිශ්‍යා වුර්තිය  සමරිසි අයිතිය  ආදී ලිබරල් ප්‍රමුඛතා ඉවසමින්,,ශ්‍රීමහා බෝධිය යට  අඩියක් ගසන ,ජේතවනාරාමේ ට කුණු පුරවන, දළදා ලබ්බ ගැන කියන උන්ගේ අවලම් කතා නිසා  කලකිරෙන සිංහල බෞධ්ධයන්ගේ පිළිකුලට  ලක් වෙමින්  අනුන්ගේ  පවු ගෙවන්නටය.රට ගොඩ නැගීමට සිටි ගැමි තරුණයා මේ තත්වයට ඇද දැමුවන්ට නම් හොඳක් වෙන්නේ නැත .((මුන්ට ශාප කරන්නට බෞද්ධ මගේ සිත මට ඉඩදෙන්නේ නැත ))

                                                                                     මෙසේ රට අරාජික කරන්නට අසරණ කරන්නට හැකි හැමදේම කර,එනිසා  68 % ජනතාව මාලිමාවෙන් මෙසේ ඈත්වී යන විට  ඊළඟ බටහිර ඉන්දීය තුරුම්පුව වන්නේ  රනිල් හා සජිත්ගේ වෙන වෙනම ඇති  දේශද්‍රෝහිත්වය, වන්චාදුෂණ,  ප්‍රාණඝාත කාමය  හා  හෙලබොදු සංස්කෘතික විරෝධයත් එකට ගලේ ලා  අඹරා, ඒ රොඩ්ඩෙන් බොලිවුඩ් චිත්‍රපටි වලට අවශ්‍ය  ‘ඉන්දු ප්‍රේම විකුම්’ පඹයෙක් තනා රටේ පාලනය භාරදීමය ..ඒ අදියර ක්‍රියාත්මක කිරීම සඳහා දැන් සාකච්චා පැවැත් වෙමින් ඇත.

                                                                                      මේ භයානක අවස්ථාවේ පෙරකී සියලු ”වීරයෝ ” උඩඟු කම් ,අහංකාර  මමංකාර කම්  ,උධ්ධච්චකම් පසෙක ලා  එකමුතු විය යුතුය  . කාලෝ අ යංතේ !

                                                                                  සරත් වීරසේකර රට වෙනුවෙන් සටන් කල රණ විරුවෙකි බුදුසසුනේ චිරස්ථිතිය පතා වැඩ කල කෙනෙකි කළා කරුවෙකි උගත් කමෙන්ද අඩුවක් නැත. 19 ව්‍යවස්ථාවට කෙලින්ම විරුධ්ධවූ එකම මන්ත්‍රී වරයා ලෙස ජනතා ආදරයට පත් වූවෙකි එහෙත් ඔහු තමා චන්ද අපේක්ෂකයෙකු කල උන්ට වඩා තමන්ට චන්දය දුන් ජනතාව ගැන  සිතන්නට පුරුදු විය යුතුය. රාජපක්ෂලා සරත් ව තෝරා ගත්තේ සරත් ගේ ජනප්‍රියත්වයෙන් තමන්ට වාසි ලබා ගත හැකි බැවිනි .මහින්දටත් වඩා සරත්ට චන්ද ලැබුනේ  සරත් සරත් ම වූ හෙයිනි  රාජපක්ෂලා හොරකම්කලත් නොකලත්  මේ තරම් ධනස්කන්ධයක්  දැහැමෙන් සෙමෙන් පාලනය කිරීමෙන් නම් උපයා ගත නොහැකිබව  චන්දෙට පෙර භාරදුන් නාමල්ගේ වත් කම් ප්‍රකාශනයෙන් ම පෙනේ .එනිසා සරත් ප්‍රවේශම් විය යුතුමය .විමල් හා සරත් අතර මනාප ගැටුමක් ද ඇතිබව පෙනේ. පළමු වෙනියාද දෙවෙනියාද  නොව රට පෙරට යනුවෙන්  මේ දෙදෙනාම හිතා ගතයුතුය.  දෙදෙනාගේම  වගකීම  විය යුත්තේ පෞද්ගලික ජයග්‍රහණ  ලබා ගැනීම නොව රට බේරා ගැනීමය.  එසේ වුවහොත්  බෝසත් වරුන් මෙන්  ජනතා පිදුම් ලබනු ඇත.

                                                                          විමල් වීරවංශ යනු  මාක්ස්වාදී  ත්‍රස්තවාදය  පමණක් බැහැර කර  එහි ඇති ධනවාදී අධිරාජ්‍ය විරෝධී පිළිවෙත් පමණක් රැගෙන ජාතිකත්වය වෙත සේන්දු වූ වෙකි.අමරසේකර වැනි ජාතිකවාදීන් ඇසුරෙන් පුහුණුව දැනුම ලබා ගත්තෙකි. වැඩකිරීමේ දක්ෂයෙක්  මෙන්ම  , ජනතාවට කරුණු මැනවින් තේරුම් කරදී ජනතා ආකර්ෂණය දිනාගැනීමට හැකි   විචිත්‍ර කථිකත්වයෙනුත්  අග්‍රගන්ය ය.මාක්ස් වාදෙන් අලුක්කාලක් හෝ විමල් තුල ශේෂ වී ඇති යයි සැලකෙන නිසා විමල්ට වඩා සිංහල බෞද්ධයෝ සරත්ට මනාපවීම අපේ සංස්කෘතිය ඇසුරෙන් විමල් තේරුම් ගත යුතුය .

                                                                             දිලිත් ජයවීර ව්‍යවසායකයෙකැ යි කියැවේ.ව්‍යවසායකයා ගේ කොනකත්  ව්‍යාපාරිකයා හෙවත් මුදලාලි ඇත.මෙය නරකම නරක දෙයක් නොවේ .  මුලින් මී කුනක් විකුනා කෙමෙන්  කෝටිපතියෙකු වූ සාධාරණ ධනපතියෙක් ගැන බෞද්ධ සාහිත්යයේ ද දැක්වේ.  කච්චපුඨයෙක් නොවී දිලිත් සේරිවාණිජ  ලෙසම සිටින ගමන්  බෞද්ධ ආර්ථික ක්‍රමයත් සිංහලේ ජාතික චින්තනයත් ව්‍යවසායට  මුසු කර  ජාතික ආර්ථිකයක් ගොඩනැංවීමට ඔහු උත්සාහ කරන්නෙක් බව ඔහු ඔහුගේ කතාවලින් අපට පසක් කරවන්නට උත්සාහ කරමින් සිටී  එහෙත් මේ ”වයියා කරණ  ”’සාමාන්‍ය ජනතාවට අපබ්‍රංශ වේ . සාමාන්‍ය ජනතාවගේ පපුවලට දැනෙන්නේ, ඇනෙන්නේ   ඔහු ”සිධ්ධාර්තගේ සුස්ති ”’ ගැන කියන කතාය..ජාතික උත්සව වලදී හෝ  අති විශේෂජාතික අවශ්‍යතාවකට  පන්සලකට යනවිට හෝ දිලිත්  ජාතික ඇඳුමෙන් ඉඳහිට හෝ  සැරසී යනු කවුරුත් දැක ඇතිදැයි සැ ක සහිතය. අතිශය කාර්ය බහුල ව්‍යවසායෙකයෙක් වන දිලිත්  සැහැල්ලු පහසු ඇඳුමකින්  සැරසී සිටීමගැන   කාගේවත් විරෝධයක් ඇතිනොවිය යුතුය.මේ කියන්නේ ව්‍යවසායකයාට නොව ජාතිකවාදී දේශපාලනඥයාටය  ..මෙබඳු ධනවතෙක්  ව්‍යවසායකයෙක් සිංහල ජාතියට අත්‍යවශ්‍යය .උපාලි විජේවර්ධන නැති   අඩුව මකන්න දිලිත් ට හැකිවේවා!  දිලිත්  ජාතිකවාදී ආස්ථානයක සිටින දේශපාලනඥයෙක්  නම් ඔහු සතු මාධ්‍ය ජාලය ජාතිකත්වය ඉස්මතු කිරීම සඳහා  අනිවාර්යයෙන්ම යෙදවිය යුතුය . නිකම්ම නිකම් ”බිස්නස් ”එකක්  නොවිය යුතුය උපාලි විජේවර්ධන දිවයින හා අයිලන්ඩ්  පුවත් පත් වලින් එම සේවය ඉටු කල බව දිලිත්ට සිහිපත් කරමි .දිලිත් ජාතිකත්වය ”මාකට් කිරීමක් ” ගැන කතා පැතිරෙන්නට වුයේ  අඩුවශයෙන්  ඔහු විසින්  ගුරු තන්හි ලා  සැ ලකු හා තමන්ට ජාතික ව්‍යවසායක යෙකු වීමට චින්තනය සැපයු   ආචාර්ය නලින්ද සිල්වා ට වත්  ඔහුගේ  මාධ්‍යජාලය තුල  ඉඩක්  ලබා නොදීම නිසාය .උපාලි හා නලින් අතර එවන් සබඳකමක් නැති වුවත් උපාලි  දිවයින හා අයිලන්ඩ් පුවත්පත් මගින්  ජාතිකත්වය ඔසවා තැබීමට නලින් ද සිල්වාට ඉඩහසර වෙන් කලේ ඔහු ජාතික කාර්ය භාරය දිලිත්ට වඩා හඳුනා ගෙන සිටි නිසාදැයි පැනයක් මතුවේ  වාණිජ පරමාර්ථයන් ඉටු කර ගන්නා අතරම තමන්  ජාතික නායකයෙක් ලෙසද  ජනතාවට ඒත්තු ගැන්  වීමට  ඇති මේ  කදිම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නා මෙන් ඉල්ලමි .                                              

                                                               අවසාන වශයෙන් තව එකක් කිව යුතුය.  ඔබට ඇති  ධන බලය නිසා වියදම් කිරීමට ඇති ශක්තිය  බලයක් කරගෙන ඔබට වඩා ජාතිකත්වය වෙනුවෙන් සටන් වැදුන ජෙෂ්ටයින් පරයා නැගී සිටීමට කෙදිනකවත් නොසිතන්න. ඔබ අවංක හා නිගතමානී ලෙස ඔබගේ සම්පත් යොදා ජාතිකවය වෙනුවෙන් කට යුතුකරන විට ඒ ජෙෂ්ටයින්ද ඔබ අතවශ්‍ය නායකයෙක් ලෙස නිරායාසයෙන් පිලිගන්නවා ඇත . එසේ වීමට ඉඩදෙන්න . ධනය  බොහෝ විට මමංකාරය ඇති කරවයි. .කුක්කුර ජාතකයේ (මතකය නිවැරදිනම් ) සුනඛයා පෙර භවයේදී  ලෝ බ  මසුරෙක් ලෙස සිටියදී සැඟවූ නිධානය  උඩට  සුනඛ  භවයේදී  ගිය හැම අවස්ථාවකම  උඩඟුවෙන්  සිය ස්වාමියාට බුරන්නට පටන් ගත්  කතාවක් ඇත  එමෙන්ම මතක තියාගන්න විජේවර්ධනලා සිය පුවත් පත් බටහිර ස්වාමීන් වෙනුවෙන්  මෙහෙයවද්දී  එයට  විරුද්ධව ජාතිකත්වය නැංවීම සඳහා ලකාදීප පුවත්පත  අරඹන්නට  ඩී  බී ධනපාල ලාට  උදවු කලේ  දෙමල මිනිසෙක් බව. එසේනම්  සිංහල බෞද්ධ ඔබට ඔබේ මාධ්‍ය  ජාලය අපේ උරුමය රැකීම සඳහා  සොච්චමකින් හෝ කැපකිරීමට ඊට වඩා සියදහස් වාරයක යුතුකමක් ඇත .   .   .

                                                                                  උවිඳු විජේවීර  යනු පියාගේ  අඩුපාඩු පවා හඳුනාගත්  බොහෝ විෂයයන් ගැන පුළුල් දැනුමක්  ඇති  දක්ෂ කථිකයෙකි. ජාතිකත්වය  අගය කරන්නෙකි. සිංහල රටේ ඉතිහාසය ගහකොළ සතාසීපාවා ගැන මෙන්ම  ජාත්‍යන්තර  දේශපාලනය ගැනද  බොහෝ රටවල භූ දේශපාලනය ගැනද මැනවින් හැදෑරු තරුණයෙකි.තමන් කවුදැයි ජනතාව මැනවින් හඳුනා ගන්නා තෙක් විවිධ ශාස්ත්‍රීය  වැඩසටහන් මෙහෙයවමින් හදිසි නොවී හෙමින් ගමනක් යන මේ තරුණයාද  මේ ජාතික ව්‍යාපාරයට අවශ්‍යම අයෙ කි .

                                                                                වීර නම් නැතත් තව දෙන්නෙක් ගැනද  කිව යුතුය.ගෙවීදු කුමාරතුංග තරුණ කාලයේ සිටම ජාතික ව්යාපාරයට අනුබධ්ධව සිටි කෙනෙකි .ඔහු චින්තන පර්ෂදයේ  මුල්ම සාමාජිකයෙක් විය. එහෙත් සක්‍රිය  දේශපාලනයට  අවතීර්ණවූ ඔහු චින්තන පර්ශදයෙන්ද ඉවත් වී ගියේය. ගුරුතුමාවූ නලින්ද සිල්වා ඇසුරෙන්ද තරමක් දුරස් විය.දේශපාලන බලය ලබානොගෙන ජාතික කාර්යභාරය ඉටු කිරීමට නොහැකියි සිතාදෝ ඔහු  මාක්ස් වාදී අදහස් මුළුමනින් ම ඉවත් නොකළ විමල් වීරවංශ ඇසුර  පැතුවේය .ඉන් සිදුවුයේ  සිංහල බෞධ්ධයන්ගේ පරම අයිතීන් වෙනුවෙන් ඔහුගේ ඉදිරිපත්වීම  සීමා වී ඔහුගේ ස්වාධීනත්වය  නැති වීම ය යි සමහරු සැක කරති

                                                                                චන්න ජයසුමන ද ගෙවිදු මෙන්ම  ජාතිකත්වය අගයකල  චින්තන පර්ෂදයේ සාමාජිකයෙක්  ලෙස නලින්ද සිල්වා ශුරීන්  සමග  එකට වැඩ කල අයෙකි ඔහු ප්රියන්තා සේනානායක මහත්මියට හඳුන් වාදී   රජරට වකුගඩු  රෝග පර්යේෂණයට යොමු කලේ නලින්ද සිල්වා ය. එනිසාම රට තුල චන්නද ජනප්‍රිය චරිතයක් බවට පත් විය. අවසානයේදී ඔහු කෙතරම් ජනප්‍රිය වුයේද යත් මන්ත්‍රී වරයෙක් මෙන්ම ඇමති වරයෙක් බවටද  පත් විය . එහෙත් වකුගඩු රෝග  පර්යේෂණ පොත ලියා පල කිරීමේදී ඔහු නලින් ද සිල්වා ට නියමිත තැන  දෙන්නට අමතක කළේය ඒ පොත හැඳින්වීමට   දුසුම තැනැත්තා නලින් ද සිල්වා වුවද චන්න ඒ  වෙනුවට තෝරාගත්තේ එයට කිසිදු සම්බන්ධ කමක් නැති  ගුණදාස අමරසේකරය. ඒ සක්රිය  දේශපාලනයට  ගියවිට සිදුවෙන අත්රවැරදීම්ද ?. ජාතිකවාදියෙක්   මේවා  ගැන මීට වඩා සිතිය යුතුය . පොහොට්ටුව දෙදරා ගිය විට  එකට එකතුවී සිටි ජාතිකවාදීන් අතුරෙන්   විමල්  චන්දය නොඉල්වීමට  තීරණය කලවිට චන්න  වැන්නෙක් සජිත්ට එකතුවී නොමිනේෂන් ගන්නට  උත්සාහ කළේය යයි ප්‍රවුර්ති පලවිය   . ශාෆි  දොස්තර පුවත  නිසා චන්න සමග කුපිතව සිටි මුස්ලිමුන් ගේ විරෝධය නොතිබුනේ නම් සජිත් ගෙන් නොමිනේෂන් ලැබෙනු ඇත..චන්න මේ තත්වයට වැටිය යුතු කෙනෙක් නොවේ . . එය වැරදුන විට ඔහු දිලිත් ට එකතුවුනත්  දිලිත් පොලොන්නරුව සංවිධායක කම තම ගෝලයෙකුට දුන්නේය.මෙය  චන්නට පාඩමකි  

                                                          ඉහතකී සියලු දෙනාම දැන් තම ආයු කාලයෙන් හරි අඩකට වඩා ගෙවා ඇත  ඉතින් දැන් මෙසේ සිතන්න                                                                 අපි කවූ රු අතිනුත් වැරදි සිදුවේ.කාම රාග පටිඝ තුනී වෙන්නට හෝ සකෘදාගාමී  වත් වියයුතුය. අහෝසි වන්නේ අනාගාමී වීමෙන් පසුවය .ඉතින් ඇයි පසුබාන්නේ..වැරදි තේරුම් ගෙන සින්හල දේශයේ  බුද්ධ භුමියේ  පුණ්‍ය භුමියේ නාමයෙන්  තම දුර්වලකම් හදා ගෙන මේ සියලු දෙනාම අත්වැල් බැඳගෙන සංවිධාන ගත නොවුනොත්.පරයන්ට රට අයිති වී වසර දහස් ගණකක් තිස්සේ රට හදා වඩා රැක ගත්  සිංහල බෞද්ධයාට ලෝකේ ඇති එකම රට  නැති වෙනු ඇත.දේශපාලනඥයන් ලෙස  ජාතිකත්වය වෙනුවෙන්  වරක් ඉදිරිපත්වී  පසුව  ඒ ජාතිකවාදීන් අතරමන් කර  දමා යන්නට .විශේෂයෙන් ආත්ම ලාභය සඳහා හතුරන් හා එක්වන්නට ඔබ කිසිවෙකුට   අයිතියක් නැත..එය මහා පාප කර්මයකි .

 ධර්මසිරි සෙනෙවිරත්න                     . .              .      

  .   .        .    .        .   .   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress