ශ්‍රී ලංකාවේ USAID සංවිධානයේ මැදිහත්වීම සහ ජූලි චන්ගේ මෙරට මෙහෙයුම් ගැන සුවිශේෂී අනාවරණය මෙන්න…
Posted on February 7th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

USAID, ඇමරිකානු තානාපති කාර්යාලය, ඇමරිකානු නියෝජිත ජූලි චුන්ග්, IREX සහ MEND වැඩසටහන් මගින් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට ද්විමය-ලිංගික භාෂාව” වළක්වා ගන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා ඩොලර් මිලියන 8 ක් වෙන් කිරීම මේ වන විට ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ. 

ශ්‍රී ලාංකික දේශපාලනඥයින්, ඉහළ පෙළේ සමාගම්, ශාස්ත්‍රඥයින්, නීති ක්ෂේත්‍රය, මාධ්‍ය ආයතන, කලාකරුවන් සහ ක්‍රීඩා තරු, “කීර්තිමත්” වෘත්තිකයන්, සිවිල් සමාජය/රාජ්‍ය නොවන සංවිධාන වෙත ඇදී ගොස් ඇති අරමුදල් දෙස සමීපව බැලීමේ දී ඔවුන් “සැලකිලිමත් පුරවැසියන්” ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලන බිඳවැටීමට දායක වූ ද්‍රෝහීන් බවට මේ වන විට හෙළිදරව් වී ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව්වක් සිදුකරමින් පර්යේෂණාත්මක ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක නිරතවී සිටින පර්යේෂිකාවක වන ෂෙනාලි වඩුගේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ USAID සංවිධානයේ මැදිහත්වීම සම්බන්ධයෙන් සුවිශේෂී වාර්තාවක් පළකර තිබේ.

USAID ආයතනය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් සහ හෙළිදරව් වී ඇති තොරතුරු පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ වහාම විගණනයක් අවශ්‍ය වන බවත්, එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ මුදල් අනිසි ලෙස භාවිතා කර ඇති සියලුම දේශීය ආයතන හෙළිදරව් කිරීම අවශ්‍ය වන බවත් ඇය එම වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

USAID (ඇමරිකා එක්සත් ජනපද ආයතනය), ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික දායාදය (NED), ජාතික ජනරජ ආයතනය (NRI), ජාත්‍යන්තර ජනරජ ආයතනය (IRI) යන එක්සත් ජනපද  නියෝජිත ආයතන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද ෂෙනාලි වඩුගේ මහත්මිය විසින් හෙළිදරව් කිරීම් රැසක් සිදුකර තිබේ.

USAID හවුල්කාරිත්වයන් ක්‍රියාත්මක වූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සම්බන්ධයෙන්ද මෙම වර්තාව තුළ කරුණු සඳහන්කර තිබේ.

අදාළ වාර්තාවේ සබැඳිය පහළින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress