දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -2
Posted on February 22nd, 2015
නලින් ද සිල්වා
එළාර පාසල් හා විශ්වවිද්‍යාල ඇති නොකළාට මහාවිහාරය අවනත කරගත් බව පෙනෙයි. එමගින් ඔහු මෙරට ජනමතය රුවන්නට ඇත. ඇතැම් සිංහල බෞද්ධයන් එදා මිස්ට එළාරට පක්ෂ වූයේ මෙදා ඇතැම් සිංහලයන් මිස්ට ප්‍රභාට පක්ෂ වූ ආකාරයට ය. ඇතැමුන්ට අනුව ප්රභාකරන් විමුක්තිදායකයෙක් විය. මේ සියල්ල මතවාදවල ප්‍රතිඵල ය. මා සමසමාජ හා නවසමසමාජ පක්ෂවල සාමාජිකයකු ව සිටිය දී මා මෙහෙයවනු ලැබුයේ ට්‍රොට්ස්කිවාදී මතවාද මගිනි. එයට අමතර ව මට බටහිර විද්‍යා මතවාද ද විය. එහෙත් දැනට අවුරුදු තිහකට පමණ ඉහත දී ඒ සියල්ලෙන් කැඩී වෙන්වීමට මට හැකි විය. අද මා මෙහෙයවනු ලබන්නේ මා දකින සිංහල (හෙළ) බෞද්ධ මතවාදයෙනි. එයින් ද කැඩී සියලු මතවාදවලින් නිදහස්වීමට මට අවශ්‍ය වෙයි. එහෙත් ඒ කළ හැක්කේ නිවන් අවබෝධයෙනි. එතෙක් නිවන් දකින තුරු සිංහල (හෙළ) බෞද්ධ මතවාදයක් මත පදනම්වීම බටහිර යුදෙවු ක්‍රිස්තියානි මතවාදයක් හෝ වෙනත් මතවාදයක් මත පදනම් වීමට වඩා යහපත් වන්නේ නිවන් අවබෝධය පිණිසම ය, සියලු මතවාදවලින් නිදහස් වීමට ය. මතවාදවලින් නිදහස්වීමට සිංහල බෞද්ධ මතවාදයට වඩා හෙළ බෞද්ධ මතවාදය රුකුල් දෙයි. එහෙත් ඒ පෞද්ගලිකව ය. රටක් ලෙස ගත්කල සිංහල බෞද්ධ මතවාදය පැවැත්ම සඳහා වඩා උචිත ය. මිහිඳු මහා රහතන් වහන්සේ අපට රටක් ලෙස පදනම් වීමට සිංහල බෞද්ධ මතවාදයක් ඉදිරිපත් කළහ. ගැමුණු රජු මේ බව තේරුම් ගන්නට ඇත.
එළාර ඔහුගේ ඊනියා ධර්මිෂ්ට කතා මගින් මිහිඳු හිමියන් පිහිටු වූ මහාවිහාරය අවනත කරගෙන ජනමතය හැසිරවූ බව පෙනී යයි. ඔහු දක්ෂයකු වූවා නිසැක ය. එමෙන් ම ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම කපටි රජෙක් විය. ඔහු අවුරුදු හතළිස් හතරක් ම අනුරාධපුරයේ සිට මහවැලිය දක්වා රජ කළේ මේ ව්‍යාජ ධර්මිෂ්ට මතවාදය ආධාර කරගනිමින් විය යුතු ය. ඔහුට මිත්‍ර වැනි සිංහලයෝ පක්ෂපාතී වූහ. නන්දිමිත්ර තම මාමා වූ මිත්‍රට එරෙහිව මාගමට පළා ගියේ ය. අනුරාධපුරයේ එළාර විසින් දුෂණය කරනු ලැබූ සිංහල බුද්ධාගමක් වී නම් මාගම හෙළ බුද්ධාගම යටපත් කරගත් සිංහල බුද්ධාගමක් විය. සිතුල්පවුව ඇතැම් විට තරමක වෙනස් මතයක් හෙළ බුද්ධාගමට පක්ෂපාතිව දැරුවා විය හැකි ය. මෙරට පහළ වූ ශ්‍රෙෂ්ඨතම හෙළ බෞද්ධ කාන්තාවක වූ විහාර මහා දේවියගේ අනුග්‍රහය සිතුල්පවුවට ලැබෙන්නට ඇත. ගැමුණු කුමරු ලෙස ඇගේ කුස පිළිසිඳ ගත්තේ එහි වැඩ විසූ සාමනේර වහන්සේ නමකි. ඒ සඳහා විහාර මහා දේවියට උන්වහන්සේට කිහිප වතාවක් ඇවිටිළි කිරීමට සිදුවිය.
චිත්‍රපටියට අනුව ගැමුණු රජු අන් අයගේ නිවන වෙනුවෙන් තම නිවන කල්දමා ගත් බෝධිසත්වයෙකි. එහෙත් මහාවංශය එසේ නො කියයි. මහාවංශයට අනුව ගැමුණු කුමරු මෛත්‍රී බුදුන් වහන්සේගේ අගසවු තනතුර දරනු ඇත. මේ වෙනසටත් හේතුවක් ඇතැයි සිතමි. ඒ සිංහල බුද්ධාගමෙහි හා හෙළ බුද්ධාගමෙහි වෙනසකි. සිංහල බුද්ධාගමෙහි මහානාම හිමියන් ගැමුණු රජුට දිය යුතු පුර්ණ ගෞරවය දී නොමැති බවක් පෙනී යයි.
ගැමුණු කුමරු කොත්මලේට පැන යයි. ඒ පියාට අකීකරු වීම නිසා විය හැකි ය. එළාරට විරුද්ධව ඉක්මන් යුද්ධයක් පියාට අවශ්‍ය නො වී ය. එහෙත් පුතාට ඉක්මණින් යුද්ධයක් අවශ්‍ය විය. එළාර පරාද කිරීම කල්දැමීම මගින් සිංහල බෞද්ධ සංස්කෘතිය තව තවත් දුෂණය වන බව පුතාට වැටහෙන්නට ඇත. ගැමුණු කොත්මලේ දී හිද්දලයා විය. කොත්මලේ යක්ෂ ගම්මානයකි. හිද්දලයා හිත දැඩි අයකු බව යක්ෂයෝ ද වටහා ගත්හ. ඔහු ගොවිතැනෙහි අති දක්ෂයෙක් විය. යක්ෂයෝ ද මූලික වශෙයෙන් ගොවියෝ වූහ. කාලිංගයෙන් පැමිණි නිශ්සංකමල්ල ගොවි කුලයට ලංකාවේ රජකම අහිමි කරමින් පොළොන්නරුවේ ලිපි කෙටුවේ වත්මන් ගොවිගම කුලය ගැන සිතා නොව යක්ෂ ගෝත්‍රිකයන් ගැන සිතමිනි. දඹදෙණි යුගයේ ගොවියා පුත් මහෞෂධ පඬිතුමා ද යක්ෂ ගෝත්‍රයට අයත් වූ බව පැහැදිලි ය. ගොවිතැන් කරන අතර ගැමුණු රන්මැණිකාට පෙම් බැන්දේ ය. ඇය සහේට ගත්තේ ය. සාලිය උපන්නේ ය. චිත්‍රපටියෙහි කුඩා සාලිය ජීවයෙන් පිරුණු දරුවෙකි. මහාවංශයෙහි අපට සාලිය හමුවන්නේ අශෝකමාලා සමග ය. එතෙක් ඔහු සිටියේ කොහේ දැයි මහානාම හිමියෝ අපට නො කීහ.
සාලියට රජකම අහිමි විය. ඇතැමුන් කීමට තැත්කරන්නේ ඒ සිංහල සම්ප්රදාය අනුව රජකම පුතාට නොව සහෝදරයාට හිමිවන බැවින් එසේ වූ බව ය. එහෙත් ඒ එසේ නොවන බව මහාවංශයෙන් ම තහවුරු වෙයි. සද්ධතිස්ස රජුගෙන් පසු රජකම දිඝගාමිණීට හිමි නො වීය. රජකම සද්ධාතිස්ස රජුගේ පුතුනට හිමිවිය. බොහෝ දෙනා නොසලකන කරුණක් නම් කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ගැමුණු කුමරුට රජකම හිමි නොවූ බව ය. රජු මියයන විට ගැමුණු කුමරු සිටියේ කොත්මලේ ය. ඔහු කොත්මලේ සිටි බව කාවන්තිස්ස රජු ද දැන සිටින්නට ඇත. එහෙත් රජුට කුමරු අල්ලා දඬුවම් කිරීමේ අවශ්යතාාවක් නො වීය. රජු තම අවසන් කාලයේ දී ගැමුණු කුමරු නිවැරදි බව අවබෝධ කරගත් බවට චිත්‍රපටියෙන් අපට ඉඟි සැපයෙයි. ප්‍රතිභාපුර්ණ කලාකරුවකු වූ ජයන්ත චන්ද්‍රසිරිට බොහෝ දෙනාට නොමැති තෙවැනි ඇසක් ඇත. පුතා නිවැරදි බව වටහාගත්ත ද එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට පියා අකමැති විය. රජුන් වුවත් පියවරු පුතුන් නිවැරදි බව නො පිළිගනිති. සමහර විට රජුන් සම්බන්ධයෙන් ගත්කල ඒ ගර්වය වැඩිවනවා විය හැකි ය.
ගැමුණු කුමරු කොත්මලේ සිට ගෙන්වාගෙන ඔහුට රජකම දීම ප්‍රශ්නයක් නො වීය. ලංඩනයේ සිට කුමරුන් ගෙන ඒමට වළිකන සංස්කෘතියකට එය ප්‍රශ්නයක් විය නො හැකි ය. එහෙත් කාවන්තිස්ස රජුගේ ඇවෑමන් පසු රජකම ලැබුණේ තිස්ස කුමරුට ය. තිස්සගෙන් රජකම ගැනීමට ගැමුූණුට යුද්ධකිරීමට සිදුවිය. ගැමුණු කොත්මලෙන් ගෙන්වා ගැනීමට උත්සුක වන්නට ඇත්තේ විහාර මහා දේවියය. තිස්සට රජකම දීමෙන් සිංහලයේ ස්වාධීනත්වය නැතිවන බව ඇය වටහාගන්නට ඇත. තිස්ස රජකමට පත්කරනු ලැබුයේ යක්ෂ බුද්ධාගමට එරෙහි වූ සිංහල බුද්ධාගම විසින් යැයි සිතෙයි. ගැමුණු යක්ෂ ගෝත්‍රයෙන් පෙළවහක් කරගැනීම මෞර්ය සංස්කෘතියට ප්‍රශ්නයක් වූවා නිසැක ය. ගැමුණු තිස්ස යුද්ධය මෙරට ඉතිහාසයේ තීරණාත්මක සංසිද්ධියකි. ගැමුණු ඉන් ජයනොගත්තේ නම් සිදුවීමට තිබූ දෙය ඉදිරි මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ හෙවත් මහේන්ද්‍ර අගමැති නොවුණහොත් සිදුවනු ඇත. මැතිවරණයට පෙර මහේන්ද්‍ර තව තවත් දුෂ්ටයකු බවට පත්කිරීමට බටහිර ඇංග්ලො සැක්සන්ලා සමග එකතු වූ නූතන මෞර්යයන් උත්සාහ දරණු ඇත. (මතු සම්බන්ධයි)
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 22
February 22nd, 2015 at 7:04 am
Namaste; In those days there was no India or Indian Empire. Jai Hind.
February 22nd, 2015 at 9:40 am
මහේන්ද්‍ර ජය නොගන්නවාන ම් එසේ වන්නේ සමහරුන්ට අවශ්‍ය විදිහට සිංහල බෞද්ධයන් ”’ මයිත්‍රී මයිත්‍රී”’ කියමින් බකන් නිලාගෙන හිටියොත් තමය් ඒ ටික කරන්න ද්‍රෝහියෝ වලිකති රට රකින්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කුමක් දය දන්නා.අ යය්
දැන් සමහරු අහය් මොකක්ද යකෝ හෙළ බුධ්ධාගමය් සිංහල බුධ්ධාගම්ය් අතර ඇති වෙනස කියල . බොහෝ දෙනෙකුගේ විෂය පථයට මේවා ගෝචර නොවේ මහින්ද මෙවෙනවිට සෑහෙන්න කරුණු තේරුම් ගෙන අතය් සිතමු. මහින්ද ”’ පන්ඩි තානන්ච සේවනා ”’ එටකොට සියල්ල හරියය්
February 22nd, 2015 at 11:57 am
ගරු මහාචාර්ය තුමනි,
ඔබ තුමාගේ ලිපි මා ලඟින් ඇසුරු කරන්නේ දේශපාලනය කටගාගන්නා ළමා වියේ සිට තරුණ වියට එළඹෙන කාලයේ සිටය. මා සහ ඔබගේ රචනා අතර අතීතයක් ඇති නිසා මා මේ කීමට සැරසෙන දෙය කියන්නේ මාගේ මමත්වය උලුප්පා දැක්වීමට කරන උත්සාහයක් සේ මොහොතකටවත් නොසිතන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
චිත්‍ර ශිල්පියෙකු ලෙස අතීත හෙළ කලාවන් පිළිබඳව කල අධ්‍යනයකදී, මාහට ඔබ කියන මෞර්යයන් විසින් යක්ෂයන් වැනි දේශීයයන් යටපත් කෙරීමක් සිදුවන්නට ඇතැයි යන සැකය ඇතිවිය. මා හට එම සැකය ඇති වුයේ මුර ගලෙහි විකාශනය පරීක්ශාවේදීය. 2011 දී Lankaweb අඩවියට මා ලියු ලිපියක මා එය සඳහන් කලෙමි. මාගේ සැකය තහවුරු කරගැනීමට මාහට ඉවහල් වූ අනෙක් සාධකය වුයේ වී ගොවිතැනට සම්බන්ධව සිංහල භාෂාවේ ඇති වචන පාලි හෝ සංස්කෘත මුලයන්ගෙන් හට ගෙන නොතිබීමයි. මා විසින් සැක කල දෙයක් පිළිබඳව ඔබ වැනි වියතෙකුද සිතා තිබීමම මා හට ඉමහත් ප්රබෝධයක් ඇති කරවන්නකි. එම ලිපියෙහි යොමුව මවිසින් පහතින් යොමු කොට ඇත. එය කරුණාවෙන් කියවා බලන ලෙස ගව්රවයෙන් ඉල්ලා සිටිමි.
http://www.lankaweb.com/news/items/2011/02/15/triangle-of-the-dilemma-ben-silva-dr-gunaratne-and-awsadahamy-part-19-ii/
මහාචාර්ය තුමනි, මා විසින් තේරුම් ගත් අනෙක් කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ කුලවාදයේ හටගැන්මට මෙම මෞර්යාගමනය හේතු වුවා විය හැකි බවය. උදාහරණයක් ලෙස ගතහොත්, ඇතැම් ගැමි කලා සහ ඇදහිලි පවතින්නේ මෙම තලා පෙලා දමා ඇති කුලවල අය අතය. සුනියන් දෙවියන්, මහසොහොන්, නාථ දෙවියන් ආදී දෙවි වරු මේ ජනයා විසින් අදටත් පවත්වාගෙන යන ඇදහිලිය. භාරතයෙන් මෙරටට පැමිණි මෞර්යයන් විසින් යක්ෂයන් වැනි දේශීයයන් යටපත් කොට පිටස්තරයින් බවට පත් කිරීම, ඉංග්‍රීසියෙන් කියතොත් ‘Othering’, හේතුවෙන් කුලවාදය හට ගත බව මට සිතේ. මම ලංකාවේ සිටියානම්, මෙම පර්යේෂණය දිගටම කරගෙන යාමට ඔබ සමග එකතුවීමට ඉල්ලා සිටීමට ඉඩ තිබිණි.
මෙය රත්තරන් ලිපි පෙළකි. තව තවත් අගනා අදහස් ඔබගෙන් දැනගැනීමට නොඉවසිල්ලෙන් පසුවෙමි.