මෛත්‍රිගේ හා චන්ද්‍රිකාගේ බලපෑම් පරාජය කරමු
Posted on July 12th, 2015
නලින් ද සිල්වා
එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තු තවමත් සම්පූර්ණ නැත. මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් මුල සිට ම කටයුතු කළ කිහිප දෙනකුට ම නාමයෝජනා අහිමි වන ලකුණු පහළ වී ඇත. එයට ප්‍රධාන හේතු වන්නේ චන්ද්‍රිකාගේ හා මෛත්‍රිපාලගේ බලපෑම් යැයි වාර්තා වෙයි.
මේ දෙදෙනා ම විවිධ අවස්ථාවල ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වූවෝ වෙති. ඔවුන්ගේ වත්මන් ගෝල බාලයන් වන ප්රාජිත චම්පක ආදීහු බටහිර ගැති සිංහල විරෝධී එ ජා පක්‍ෂය සමග දැනටමත් සංධාන ගත වී ඇත්තාහ. එ ජා ප සංධානගත වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒ පක්‍ෂයට තනිව ම තරග කර ජයග්‍රහණය කිරීමට නො හැකි බව ය. ඒ අරුතින් දැනටමත් එ ජා පක්‍ෂය පරාජය පිළිගෙන ඇත. ඒ පක්‍ෂය සමග සංධානගත වන ප්රාජිතලා චම්පකලා දේශපාලන අනාථයෝ වෙති.
ඔවුන්ගේ ස්වාමියා හා ස්වාමි දියණිය වූ මෛත්‍රිපාලට හා චන්ද්‍රිකාට අද රටේ ජනතා පදනමක් නැත. ඔවුන් දෙදෙනාට ම කළ හැක්කේ නූල් සූත්තර ඇදීම පමණකි. ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය ඔවුන්ගේ බලපෑම්වලට යටවිය යුතු නො වේ. පක්‍ෂයෙන් ගිය පක්‍ෂයට ද්‍රෝහි වූ අයට කදසිම ඉඩක් නොදිය යුතු ය.
ඔවුන්ගේ අවශ්‍යතාව ශ්‍රී ල නි ප හා සංධානය පරාජයන කිරීම මිස වෙනත් දෙයක් නො වේ. ඔවුන් බලපෑම් කරන දිස්ත්‍රික්ක වෙතොත් තවදුරටත් සංධානයේ ලැයිස්තුවෙන් ඒ දිස්ත්‍රික්ක තරග කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. අද කළ යුත්තේ අඩුම තරමින් එවැනි දිස්ත්‍රික්කවල වෙනත් ලැයිස්තුවලින් මල්පොහොට්ටුවෙන් හෝ වෙනත් ලකුණකින් හෝ තරග කිරීම ය.
අද පක්‍ෂවලට වඩා මහින්ද රාජපක්‍ෂට රටේ වැදගත්කමක් ඇත. ජනතාව ඡන්දය දෙන්නේ මහින්දගේ පක්‍ෂයට මිස ශ්‍රී ල නි පක්‍ෂයට හෝ සංධානයට හෝ නො වේ.
නලින් ද සිල්වා
2015 ජූලි 12
July 13th, 2015 at 2:53 am
දේශප්රේමී ආචාර්ය නලින් මැතිතුමනි, මේ ඊට කාලයයි; අවස්ථාවයි. ඔබට අවශ්යව ඇති කදිම අවස්ථාව උදාවී ඇත. රනිල් ප්රමුඛ බටහිර ගැති රට පවා දෙන්නන් දුර්මුඛ කර, ඔවුන් පාර්ලිමේන්තුව තුලම නිරුවත් කර සිංහල ජාතිකත්වය පාර්ලිමේන්තුවේ රජකරවීමට මේ අවස්ථාවයි; කාලයයි. ඔබතුමාගේ සැබෑ දේශප්රේමී හඬ පාර්ලිමේන්තුව තුල ගිගුම් දියයුතු කාලයයි. දැන් ඉතින් මාධ්ය තුලින් නැගූ හඬ හොඳටම ප්රමාණවත්. රට බෙර ගැනීමට ඒ අත්යාවශ්ය හඬ පාර්ලිමේන්තුවට ගෙන යායුතුය. ඔබගේ ස්ථාවරය ගැන ප්රකාශයක් කර ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට දුන් අවස්ථාව බාරගන්න ලෙස ජාත්යාලයෙන් යුතුව ඉල්ලා සිටිමි. රනිල් ප්රමුඛ බොහෝ දේශපාලුවන් සිතන්නේ ඔබ මුල්ලකට වී බෙරිහන් දෙන අගුටුමිට්ටේකු ලෙසිනි. පාර්ලිමේන්තුවට ගොස් ඔවුන්ගේ අගුටුමිටි බවත් ඔබතුමාගේ යෝධ නැණ හැකියාවත් පෙන්වියයුතු අවස්ථාවයි. කේවට්ටයන් එලවා දැමීමට කාලයයි. කොටින්ට එරෙහිව යුධ පෙරමුණට යාමට නොහැකි වූ ඔබට ඊටත් වඩා හොඳින් කලයුතු වූ සටනට යෑමට අවස්ථාව ලැබී ඇත. කාලය එලඹී ඇත. අපේ රට ගලවා ගැනීමට ඔබතුමාට යෝධ ශක්තියත් දිර්ගයුෂත් පතමි.