සීගිරි ළඳුන් සිංහලද ?
Posted on September 8th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් එච්.සී.පී.බෙල් මහතා අනුමාන කලේය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බවයි.
සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් දෙස බැලීමේදී ඔවුන් තුලින් යුරොපියොයිඩ් ලක්ෂණ පෙනෙන්නට තිබේ. නාසයේ හැඩය, ශරීර වර්ණය ඇසේ හැඩය යන මානව රූපී ලක්ෂණ සලකා බැලීමේදී මේ ළඳුන් යුරොපියොයිඩ් ලක්ෂණ කලවම් වූ පර්සියානු රූමතියන් බව සිතේ. අතීතයේ ලක් රජුන් වෙත උතුරු ඉන්දියාවෙන් , පර්සියාවෙන් (වර්තමාන ඉරානය) පමණක් නොවේ ඊජිප්තුවෙන් ද අභිරූපිකාවන් අන්තඃපුර ස්ත්‍රීන් ලෙසට ගෙන ආ බවට සාධක ඇත. මේ අනුව රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුරයේ සිටි පර්සියානු ළඳුන් විය නොහැකිද ?
මෙම චිත්රයේ පසු පස සිටින නිල්වන් කාන්තාව දෙස බලන්න, ඇය කෙරෙන් සිංහල කතකගේ වාර්ගික ලක්ෂණ පැහැදිලිව දැකිය හැක.
September 9th, 2015 at 1:47 am
සිංහල නෝනා ලැජ්ජ බය ඇති නොසා උඩුකය වසාගෙන සිටී.
September 9th, 2015 at 8:54 am
please any English translation…. tks