ආයුබෝවන්!අන්තරේ නජිත් සහ ලහිරු
Posted on September 18th, 2015
ධර්මන් වික්‍රමරත්න විශේෂාංග ලිපියක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) 29වැනි කැඳවුම්කරුවූ කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසු නජිත් ඉන්දික වෙනුවට එහි 30වැනි කැඳවුම්කරුවූ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාවන ශ්රාස්ත්ර පීඨයේ ළහිරු වීරසේකර ඉකුත් සෙනසුරාදා එනම් සැප්තැම්බර් 12 වැනිදා කැළණි සරසවියේ පැවති රැස්වීමකදී තෝරාපත් කර ගැණිනි. ලහිරු සහ නජිත්ට පිළිගැනීම සහ වෙන්වීම යන දෙකම වෙනුවෙන් පරස්පර අර්ථයන් දෙකකට ලොව භාවිතා කරන එකම වචනයවන ආයුබෝවන් කියා කියමු.
අධ්‍යාපනික අයිතීන් ලබාගැනීම සදහා සරසවි සිසුන් 5,000කට අධික සහභාගිත්වයකින් යුත් පෙළපාලියකින් ජනාධිපති මන්දිරය අසළට එන නජිත් ඉන්දික.
අන්තරේ ආරම්භ වූයේ 1969 ජුනි 28වැනිදා පේරාදෙණිය සරසවියේදී වන අතර එහි ප්‍රථම සභාපතිවරයා වූයේ මැල්කම් විජේසිංහය. අන්තරේ දේශපාලන නායකත්වය 1969 සිට 1972 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රගතිශීලී ශිෂ්‍ය සංවිධානයේ 1973 සිට 1977 දක්වා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයටද 1978 සිට 2011 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයටද 2012 සිට අද දක්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයටද හිමිවිය. එදා සිට අද දක්වා අන්තරේ කැඳවුම්කරුවන් 29 සමඟ වෘත්තීය මිතුරන් වශයෙන් කටයුතු කරන්නට ලියුම්කරුට හැකිවිය. එදා අ.වි.ශි.බ.ම නමින් කෙටි නමින් හැදින්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අන්තරේ නමින් 1986දී කෙටි නමක් හදුන්වා දුන්නේ දිවයින පුවත්පත මගිනි.
අන්තරේ හිටපු කැඳවුම්කරුවන නජිත් සහ අන්තරේ ලාංඡනය.
අන්තරේ කැඳවුම්කරු වශයෙන් නජිත් ඉන්දික කටයුතු ඇරඹුවේ 2014 පෙබරවාරි 9වැනිදාය. එසේ වෛද්‍ය සිසුවෙකු අන්තරේ කැඳවුම්කරු වූයේ වසර 25කට පසුවය. තංගල්ල රන්න උපන් 26 හැවිරිදි නජිත් ඉන්දිකගේ පියා ගොවියෙකු වන අතර වැඩිමහල් සොහොයුරිය වෛද්‍යවරියෙකි. නජිත්ගේ සොහොයුරා වර්තමානයේ පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වන අතර නජිත් සොහොයුරා වීමේ හේතුවෙන්ම ආරක්ෂක අංශවල තාඩන පීඩනවලට ලක්විය. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට පොහොසත් ඉතිහාසයක් ඇත. සීමාවන් ජයගැනුමට නිරතුරුවම ප්රයත්න ගනු ලැබීය. ඔවුන්ගේ දෘෂ්ඨිය පුළුල්ය. ශක්තිය ප්රබලය. හඬ උද්වේගකරය.
අන්තරේ නව කැඳවුම්කරු වශයෙන් පත්වූ ලහිරු විජේසේකර උද්ඝෝෂණයකදී සරසවි සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින්.
පේරාදෙණිය සරසවියේ වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 සිට 2015 ජුනි 20 දක්වා ඝාතනයට ලක්වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 632කි. ඉන් 623ක් ඝාතනය වූයේ ජවිපෙ දෙවන කැරළි සමය වන 1986 සිට 1990 දක්වාය. ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනයට ලක්වූ සරසවි සිසුන් 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් විය. ජවිපෙ දෙවන කැරළි සමයේදී ඝාතනයට ලක්වූ පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976 සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,959කි. සරසවි සහ පාසැල් සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ගැලවුම්කාරයා බවට වර්තමානයේ පත්ව තිබෙන්නේද අන්තරේය.
1986 සිට 1990 දක්වා අන්තරේ කැඳවුම්කරුවන්ව සිටිමින් පසුව ඝාතනට ලක්වු සරසවි ශිෂ්‍යයින්. (වමේ සිට) පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රංජිතම් ගුණරත්නම්, කොළඹ නීති පීඨයේ සරත් එදිරිසූරිය, කැළණිය ශ්රාස්ත්ර පීඨයේ මච්චාගම සේනාරත්න, මොරටුව ඉංජිනේරු පීඨයේ නිමල් බාලසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල දිසානායක, කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න සහ කොළඹ වෛද්‍ය පීඨයේ සිසිර කීර්ති ජයවර්ධන.
ජවිපෙ දෙවැනි කැරළි සමයේදී 1986 සිට 1990 දක්වා අන්තරේ කැඳවුම්කරුවන්වූ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රංජිතම් ගුණරත්නම්, කොළඹ නීති පීඨයේ සරත් එදිරිසූරිය, කැළණිය ශ්රාස්ත්ර පීඨයේ මච්චාගම සේනාරත්න, මොරටුව ඉංජිනේරු පීඨයේ නිමල් බාලසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල දිසානායක, කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න සහ කොළඹ වෛද්‍ය පීඨයේ සිසිර කීර්ති ජයවර්ධන යන කැඳවුම්කරුවන් සියළු දෙනාම ඝාතනයට ලක්විය. එයට අමතරව කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් 9, රුහුණු වෛද්‍ය පීඨයේ 2 සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ 21ද ඇතුළු වෛද්‍ය සිසුන් පමණක් 31 ඝාතනයට ලක්විය. මේ සියළු කරුණු කාරණා වෛද්‍ය සිසුවෙකු වූ නජිත්ට ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමට මහඟු මගපෙන්වීමක් වූවාට සැක නැත. සම සෞඛ්‍ය අරගලය ඇතුළු ශිෂ්‍ය අරගලයන් පමණක් නොව ගමේ දු දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්ද මාලඹේ පෞද්ගලික වෙද විදුහලට එරෙහිවද ඔහු සටන් කඳවුරු බැන්දේය. අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියක් බව සමාජගත කළේය. නජිත් වෛද්‍ය සිසුවෙකුවීම මගින් අන්තරේට පොදු ජන ආකර්ෂණය වැඩි විය.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහි විරෝධතා පාගමනක්.
ඉකුත් වසර 4 තුළදී පමණක් සරසවි සිසුන්ගේ පන්ති තහනම් කිරීම් 1,471ක් විය. නඩු පැවරීම් 414ක් විය. සිරගතවීම් 79ක් විය. මැර ප්‍රහාර අවස්ථා 78කදී සිසුන් 190ට ඒවාට මුහුණදීමට සිදුවිය. සිසුන් පැහැරගැනිම් 3ක් විය. නජිත්ගේ නායකත්වය යටතේ අන්තරේට පන්ති තහනම් කල සියළු සිසුන්ගේ වාරණයන් ඉවත්කර ගැනීමටද ආණ්ඩුවට සිදුවිය. නජිත් ඉන්දික පමණක් නොව අන්තරේ වෙනුවෙන් මෑත කාලයේදී එහි කැඳවුම්කරුවන් කල සේවය මෙහිදී සඳාකල් රැදෙනු ඇත.වෛද්‍ය උපාධිය සමත්වීමෙන් පසු නජිත් පමණක් නොව නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරුන් බවට පත්වූ සහ පත්වන වෛද්‍යවරුන් සිය වෛද්‍ය සේවය ජනතා හදගැස්ම මත ක්‍රියාත්මක කරනු දැකීම සැමගේ පැතුම වනු ඇත. (The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)
September 19th, 2015 at 1:07 am
How justified is their demand that Malambe medical faculty be scrapped? While they are in agreement of private education in other fields, why only medecine be the sole domain of government medical colleges? If there are short comings in the private medical colleges the Medical council can set up a mechanism to montor and correct them. Isn’t it a crime to deny anyone of their education just to facilitate lucrative PP’s of a few? Denying them their clinical practices in government hospitals is also a denial of their rights as citizens of this country and above all an obstruction of them being successful,fullyfledged Medical practitioners.Government hospitals are not the private estate of the GMOA or the IUSF.
In a country where thousands quacks practice medecine which surprisingly the medical GMOA which behaves like a mafia hardly ever opposes but are dead agaist the Malambe medical faculty.
By the way, I am not a student or a parent of a student but just an impartial observer.