වර්ධරාජා පෙරුමාල්ගේ අවතාරය උතුරේ යළි ඇවිදියි
Posted on April 29th, 2016
ලංකා නිව්ස්
ඉන්දියාවේ විරුද්ධ පක්ෂ නායකයාට එරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එක්ව ගොස් හමුදා කඳවුරුවලට ඇතුලුවිය නොහැක. ඇසෑමයේ මහ ඇමැතිට ද ඉන්දීය හමුදා කඳවුරුවලට ඇතුල් වීමට ඉඩක් නොමැත. එහෙත් උතුරේ අද පවතින තත්ත්වය කෙසේද කීවොත් ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්දන් කිලිනොච්චි හමුදා කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීම සිද්ධිය ගැන දැන් යටපත් වන බව වාර්තා වේ.
කිලිනොච්චි හමුදා කඳවුර යනු හෝටලයක් නොවේ. ඕනෑම කෙනකුට කඳවුරට ඇතුළු විය නොහැකිය. එසේ නම් සම්පන්දන්ට මෙම කඳවුරට ඇතුළු වීමට ඉඩ ලැබුණේ කෙසේද? සම්පන්දන් මෙම හමුදා කඳවුරට ඇතුළු වී ඇත්තේ සංහිදියා ක්‍රියාදාමයට මග සාදනු පිණිස කැවුම් සහ කොකිස් සොල්දාදුවන්ට රැගෙන ගොස් නොවේ. මේ පසුබිම මැද මෙරට එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු දැන් ජාත්‍යන්තරය පුරා ගෙන යන ප්‍රචාරයක් වී ඇත්තේ හමුදාව ද්‍රවිඩයන් සතු ඉඩම් අක්කර 67000 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවයි. මෙයට සමානව ද්‍රවිඩ සංධාන මන්ත්‍රි ශ්‍රීධරන් ප්රමුඛ පිරිසක් පලෙයි වෙත ගොස් පොල් වගා කිරීමේ මණ්aඩලය සතු රජයේ ඉඩම් මැනීමට මිනින්දොaරුවන් ගත් උත්සාහයට බාධා පමුණුවා ඇත.
ප්රභාකරන්ගේ මස්සිනා වූ එම්. කේ. ශිවාජිලිංගම් උතුරේ දිසාපති කාර්යාලයට කඩාවැදීමේ සිද්ධියක් ද වාර්තා විය. මේ අනුව බලන කල උතුරේ රජයේ ඉඩම් නැත. උතුරේ ඇත්තේ ද්‍රවිඩයන් සතු ඉඩකඩම් පමණකි.
මෙයට වසර ගණනකට පෙර ප්රභාකරන් උතුරේ කච්ෙච්රියේ තිබූ සියලු ඔප්පු තිරප්පු ගිනි තබා වනසා දැමීය. ඔහු ඉඩම් රැසක් මියගිය කොටි ත්රස්තයන්ගේ පවුල්වලට බෙදා දුන්නේය.
එදා සම්පන්දන්ලා සිටියේ කොටි සමගය. මේ නිසා ද්‍රවිඩයන් සතු ඔප්පු තිරප්පු වැනසීම ගැන සම්පන්දන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු කොටි හමුදා කඳවුරුවලට කඩාවැදුනේ නැ එහෙත් අද සිදුවන්නේ කුමක්ද? උතුරු – නැගෙනහිර පළාත් සභාව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු යෑයි යෝජනා සම්මත කර ගනී. එසේම ද්‍රවිඩ සංධානය පවසන්නේ මුස්ලිම් ජනතාවටත් දේශයක් තිබිය යුතු බවයි.
මෙවන් තත්ත්වයක් මැද සම්පන්දන් උතුරේ හමුදා මූලස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වීම සමස්ත හමුදාවටම කළ අවමානයක් නොවේද? සම්පන්දන්ට කිලිනොච්චි හමුදා කඳවුරට ඇතුළු විමේ අවශ්‍යතාවක් නැත. එහෙත් රජයේ බලධාරීන් පවසන්නේ සම්පන්දන්ට ඊට ඇතුළුවීමට ඉඩ කඩ ඇති බවයි.
උතුරේ ආරංචි මාර්ග දක්වන්නේ මෙතෙක් සම්බන්දන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වී නැති බවයි. එසේම සම්පන්දන් සමග ගිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට එරෙහිව ද නීතිමය පියවරක් ගෙන නැත.
මේ හැර හමුදා බලධාරීන්ව සම්පන්දන්ගේ සිද්ධිය ගැන ක්‍රියාත්මක වීමට පසුබෑ තිබේ. මින් සනාථ වන්නේ මෙරට නීතිය දෙවිධියකට ක්‍රියාත්මක වන ආකාරයයි. කොටි හිතවාදීන් උතුරේ ක්‍රියාත්මක වන සමයේ පොලිස් අධිකාරී චාල්ස් විඡේවර්ධන බිහිසුණු ලෙසින් ඝාතනය විය. ඉන්පසු වඩමාරච්චි හමුදා මුරපළ කඩාදමනු ලැබීය. මේ පසුබිම අමතක කළ හැකිද?
උතුරේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී නැති බව දේශපාලනඥයන් මෙන්ම හමුදා ප්‍රධානියකු පවා මෑතකදී පවසා තිබිණි. උතුරේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවී නැත්නම් සම්බන්දන්ලා හමුදා කඳවුරුවලට ඇතුළු වීමට කටයුතු කරන්නේ කෙසේද?
කොටින්ගේ රූකඩය මෙන් ක්‍රියා කළේa ද්‍රවිඩ සංධානයයි. එම ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිරට ස්වයංපාලනයක් ඉල්ලා සිටි උතුරු මහ ඇමැති විග්නේශ්වරන් උතුරු නැගෙනහිරට වෙනම ප්‍රාන්ත රටක් දිය යුතු යෑයි කියා සිටී. මේ පසුබිම මැද රජයට සම්බන්ධවී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් සියරාලියෙන් යුද අධිකරණයේ නඩු අධ්යක්ෂවරයා මෙරටට ගෙන්වා උතුරට යවා රහස් සාකච්ඡාවල නිරත කර ඇතැයි හෙළි විය.
සම්බන්දන්, විග්නේශ්වරන්, සිවාජිලිංගම් ඇතුළු උතුරේ සිවිල් සංවිධාන කල්ලිය උතුරේ සිදු කරන මෙම මෙහෙයුම් අනාගත ඉලක්කවල පෙරහුරුවේ.
aඅපි තවම ඉලක්කය සපුරාගෙන නැතැයි ද්‍රවිඩ සංධානය වරක් පවසා තිබිණි. එහෙත් එම ප්‍රකාශයේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමට මෙරට රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වී ඇත .
මෙලෙස සම්බන්ධන් මෙන්ම විග්නේශ්වරන් උතුරේ පෙඩරල් පාලනයක් සහ පොලිස් බලතල ඉල්ලමින් හඬනැඟීම මෙරට බහුතරයෙන් වසන් කරලීමට විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු දැඩි උත්සාහයක යෙදී සිටිති. එවන් තොරතුරු ජනතාවගේ දැන ගැනීම සඳහා මාධ්‍ය මගින් හෙළි කිරීම ජාතිවාදී යෑයි විදෙස් අරමුදල් ලබන්නෝ ප්‍රකාශ කර ඇත.
එහෙත් සත්‍යය වසන් කළ හැකිද?
යාපන අර්ධද්වීපය ප්රභාකරන්ගේ ග්රහණයෙන් බේරා ගැනීමට සෙබලුන් හා නිලධාරීන් 400 කට අධික පිරිසක් දිවිපිදූහ.
වන්නි මෙහෙයුමේදී 6000 කට අධික සෙබළු කොටි ත්‍රස්තවාදයෙන් වන්නිය හා රට බේරා ගැනීමට දිවි පුදනු ලැබූහ. එහෙත් කිසිවක් නොකළ විග්නේශ්වරන් සහ සම්බන්දන් උතුරේ පාලනය බන්දේසියක තබා ඉල්ලා සිටී. මෙයට පෙර වර්ධරාජා පෙරුමාල් උතුරේ ඊළම් රාජ්‍යය ප්‍රකාශයට පත් කරනු ලැබීය. එකල ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මහතා විගස උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට ක්‍රියා කළේය.
මෙවන් පසුබිමක් මැද උතුරේ පවතින්නේ අයහපත් තත්ත්වයක් බව පැහැදිලිය. සම්පන්දන් හා විග්නේශ්වරන් හිතුවක්කාරී ලෙස ක්‍රියා කළත් රජය නිහඬ වී ඇත.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන විදේශ තානාපතිවරුන්ව දැනුවත් කරන බව ද්‍රවිඩ සංධානය ප්‍රකාශ කර තිබේ. මෙහිදී නැගෙනහිර ප්රශ්නය නම් විදේශ රටවල්වල තානාපතිවරුන්ට අවශ්‍ය ලෙස මෙරට කටයුතු සිදු විය යුතුද යන්නයි.
– කීර්ති වර්ණකුලසූරිය
උතුරේ ෆෙඩරල් යෝජනාව කෙටුම්පත් කළේ ස්විස් ආයතනයක්
කීර්ති වර්ණකුලසූරිය 27/04/2016
උතුරු පළාත් සභාව සම්මත කළ ෙµඩරල් යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ ප්රිබුක් ෙµඩරල් ආයතනය බව හෙළිවී ඇත. කොළඹ ස්විස් තානාපති
කාර්යාලයේ දේශපාලන අංශයේ නිලධාරියකුගේ සහායෙන් ප්රිබුක් ෙµඩරල් ආයතනයේ දේශපාලන විශේෂඥයන් තිදෙනකු යාපනයට පැමිණ ශ්‍රී ලංකාවේ ෙµඩරල් පාලනයක් ඇති කිරීම සඳහා උතුරු පළාත් සභාවට උපදෙස් දී තිබේ.
උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මෙම ස්විස් කණ්ඩායමට මෙරටට පැමිණීමට ඇරයුම් කර තිබිණි.
තානාපතිවරුන් සඳහා බලපාන වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරීන් එකී ෙµඩරල් විශේෂඥ කණ්ඩායම මෙරටට ගෙන්වා ඇත.
මෙ අතර මෙම යෝජනාව සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවට දැක්වෙන යෝජනාව සඳහා බටහිර තානාපති කාර්යාලවල සහාය ලබාගැනීමටද ද්‍රවිඩ සන්ධානය තීරණය කර ඇත.