යාපනයේ ස්‌වාධීන රාජ්‍ය මිත්‍යාව -03 එදා මිෂනාරින් ඇටවූ උගුලට වර්තමානයේ බලෙන් අසුවීම හෙවත් යාපනයට ලන්දේසීන් පැමිණීමේ කතාව
Posted on July 23rd, 2017
පියසිරි අමරකෝන්,ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ හිටපු සභාපති උපුටා ගැන්ම දිවයින
ප්‍රොතෙස්‌තන්ත්‍ර ආගමිකයෙකු නොවේනම් රැකියා, තනතුරු ලාභ නැත.
උඩරට රජුගේ අයිතියෙන් ලන්දේසීන්ට පැවරූ ප්‍රදේශ ගණනාවකි.
ඊළාම් ඉතිහාසයේ වංචාව ලන්දේසි යුගය ඇසුරින්
බොහෝ දෙමළ දේශපාලනඥයන් යාපනය ගැන කතා කිරීමේදී එහි ස්‌වාධීන රාජ්‍යයක් තිබූ බව කියමින් දැඩි ලෙස සිංහල විරෝධී බවක් ඉස්‌මතු කරති. මෙය ඇත්ත වශයෙන්ම මිෂනාරීන් විසින් බුදු දහම යටපත් කිරීමටත් උතුරු පළාතේ වෙනම ජාතියක් ජීවත් වූ බෞද්ධ විරෝධී සමාජයක් බව හුවා දැක්‌වීමටත් ඇටවූ උගුලක ප්‍රතිඵලයකි. සාමාන්‍යයෙන් සිංහල ඉතිහාසය තුළ දෙමළ ආක්‍රමණ විශාල සංඛ්‍යාවක් ගැන සඳහන් වුවත් ඒ හැම ආක්‍රමණයකටම මුහුණ දෙමින් සිය ස්‌වාධීනත්වය රැක ගැනීමට සිංහල රජ පරපුර සමත් විය. ප්‍රබල යුරෝපීය අධිරාජ්‍ය තුනක් සමඟ දිගු කාලීන අරගලයක යෙදෙමින් මහත් දුෂ්කරතා මැදින් ආ විරෝදා ඉතිහාසයක් සිංහලයාට උරුමව ඇත. බොහෝ වෙහෙස දැරූවද මිෂනාරි ප්‍රයත්නය ගොදුරු වූයේ 5% ටත් අඩු සංඛ්‍යාවකි. එම නිසා සිංහල බෞද්ධ සමාජය දුර්වල කිරීමට සිංහල බෞද්ධයන්ට හතුරකු ලබා දීමට මිෂණාරීන් ඇටවූ උගුලින් ගැලවුණේ බිහිසුණු යුද්ධයකින් පසුවය. දැන් නැවත වුවමනාවෙන් එම උගුලට අසුවෙමින් සිටිමු.
මේ ලිපියේ අරමුණ ලන්දේසි යුගයේ අප උතුරේ යාපනය සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාවල ඇත්ත පාඨකයාට දැනගැනීමට සැලසීමයි. එමගින් දැනට නිර්මාණය වී ඇති විරසක බව තුරන් කිරීමට යම් පසු බිමක් සැකසීමට උත්සාහ දැරීමයි. රටක් දියුණු වීමට නම් ජාතීන් අතර සමඟිය පැවතිය යුතු වේ.
ලන්දේසි යුගයේ යාපනය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී සිංහල රජු සහ යාපනය වැසියන් අතර තිබූ හොඳ සම්බන්ධතාවය අනාවරණය වන අවස්‌ථා බොහෝය. මෙහි පළමු අත්දැකීම් 1658 ජුලි 23 වන දින ලන්දේසි යාපනය කොටුව අත්පත් කර ගත් පසු සිදු වූ කුමන්ත්‍රණයයි. යාපනය කොටුව යටත් කර ගැනීමෙන් පසු යටත් වූ පෘතුගීසි සොල්දාදුවන් සමහරක් ලන්දේසි යටතේ තවදුරටත් සේවය කිරීමට එකඟ විය. දොන් ලුවිස් ද මුදලිවරයකු වශයෙන් එලෙස සේවය කිරීමට බැඳුණි. දෙවන රාජසිංහ රජු ලන්දේසීන් රටට වැද්ද ගත් අතර ගිවිස ගත් පරිදි තමන් යටත් කරගත් බලකොටු රජුට භාරදීමේ පොරොන්දුව ඉටු නොවුණි. මේ නිසා රජු ලන්දේසි සමඟ අමනාපයකින් පසු විය.
ලන්දේසි යටතේ සේවය කළ ස්‌වදේශිකයන් මෙහෙයවා පෘතුගීසි භටයන්ද හවුල් කරගෙන (පෘතුගීසි භාෂාවෙන්) දේව මෙහෙය කරගෙන යන අතර මෙම කුමන්ත්‍රණයක් දියත් කිරීමට නියමිතව තිබී ඇත. මේ අවස්‌ථාවේ කොරමැන්ඩල් වෙරළේ නාග පට්‌ටනම් බලකොටුව ආක්‍රමණය කිරීමට ආරක්‌ෂක භටයන් ගොස් සිටින නිසා යාපනයේ ආරක්‌ෂාවට සිටියේ සුළු පිරිසකි. ඉන්ද බහුතරය පෘතුගීසි භටයන්ය. මේ දුර්වල අවස්‌ථාව මේ කුමන්ත්‍රණයට සුදුසුම වේලාවයි. කොටු දොරකඩ දේශනාව කරමින් සිටියදී එහි වූ උස්‌තැනක සිට පෘතුගීසි භටයන් මෙහෙයවා ආරක්‌ෂාවට සිටි අය ද ප්‍රධාන නිලධාරීන්ද වෙඩි තබා මරා දැමීමට කුමන්ත්‍රණකරුවන් සූදානම් කර තිබුණි. බැල්දියස් සඳහන් කරන අන්දමට එය අපහසු කාර්යයක් නොවන බව දක්‌නට තිබී ඇත. එහෙත් මැනුවල් අන්ද්‍රදි නමැති ලස්‌කිරිඤ්ඤ කපිතාන්ට පෘතුගීසී බටයන්ගේ හැසිරීම නිරීක්‍ෂණය කිරීමේ දී සැකයක් පහල වී ඇත. වෙඩි තැබීමට තුවක්‌කු එල්ල කර ගෙන සිටි කුම්ත්‍රණකරුවන් වහා අල්ලාගෙන ඇත. එසේ අල්ලා ගත්තේ දින කිහිපයක් මෙම සැක සහිත ප්‍රයත්නය නිරීක්‌ෂණය කිරීමෙනි. පසුව කරුණු වග විභාග කර වරදකරුවන්ට දඬුවම් නියම කෙරිණි. ඒවා ඉතා කෲර වද හිංසාවන්ය. කෙසේ වුවද මෙම සිද්ධියෙන් මරණයට පත් වූ මන්නාරමේ වැසියෙක් ද දොන් ලුවිස් පුත්ත තම්බි ද තවත් පෘතුගීසි භටයෙක් ද රාජසිංහ රජුගේ අරමුණක් ඉටු කිරීමට උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ උඩ රට රජු හා යාපනය වැසියා අතර තිබූ බැදීමයි. අද කතා කරන ජාති වාදයක් එදා නොතිබූ බව පෙනේ. යාපනය වේදිකා ගත කරන ”පුත්ත තම්බි නාඩකම්” නම් නාඩගම ලියා ඇත්තේ මෙම සිද්ධිය පදනම් කරගෙනය. එහෙත් 1835 දී නාඩගම රචනා කිරීමේ දී ජාතිවාදී කොටස් ඊට එකතු කර ඇත. නාඩගම කලා කරුවාගේ නිර්මාණය ඉංග්‍රීසි යුගයේ දී කල ජාතිවාදී නිර්මාණයකි.
ඊළඟට හමුවන්නේ 1675 දී යාපනයේ සිදු වූ කැරැල්ලයි. යාපනය යටත් කර ගත් පසු පැවති තෝම්බු සංශෝධනය කර බදු අය කිරීමේ නව පිළිවෙතක් සකසා ඇත. එහි දී පෙරට වඩා අධික බදු අය කිරීමක් සිදු වී ඇත. මේ දුෂ්කර බදු ගෙවීම වඩා අපහසු වුණේ එවක පැවති දරුණු නියඟය නිසා කෘෂිකාර්මික නිෂ්පාදන ඉතා දුර්වල වී ජන ජීවිතය දුක්‌බරව පැවති නිසාය. මේ හේතු කොටගෙන යාපනයේ ආරච්චිවරු කැරැල්ලක් ඇති කරන ලදී. ලන්දේසීන් ඉතා දරුණු අන්දමින් කැරැල්ල මර්දනය කළ අතර ආරච්චිවරු වන්නියට පළා ගොස් ඇත. එහිදී දෙවැනි රාජසිංහ රජුගේ ආධාර ඉල්ලූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් හත්කෝරලයේ (කුරුණෑගල) තෙන්නකෝන් දිසාවගේ නායකත්වයෙන් පැමිණි හමුදාවක් වන්නියේ ලංදේසි බල මධ්‍යස්‌ථාන සියල්ලටම පහරදී ඇත. මේ ගැටුම්වල අවසානයේ ලන්දේසීන්ට ජය අත් විය. කැරලිකරුවන් යටත්වී ආපසු යාපනයට පැමිණ ඇත. යපානයේ වැසියන් පිළිබඳ උඩරට රජුගේ බැඳීම මේ සිද්ධියෙන් ද මැනවින් පැහැදිලි වේ.
යාපනයේ ඉතා දුප්පත් දුර්වල මිනිසුන් සිටි ප්‍රදේශයක් ලෙස පෘතුගීසි ලේඛකයන් සඳහන් කරතත් ලංදේසි යටතේ දුම්කොළ වගාව දියුණු වීමත් සමඟම ඉතා සමෘද්ධිමත් ප්‍රදේශයක් බවට පත්විය. මලබාර් වැසියන්ගේ පැමිණීමත් සමඟ ජනගහනය ද වැඩි විය. අලුත් වෙළෙඳ සමාජයක් බිහි වූ අතර සමාජ නායකත්වය ඔවුන් අතට පත් විය. මේ නිසා ලන්දේසීන්ගේ බදු ආදායමද ඉහළ නැගුණි. සමාජ වෙනස්‌වීම් සලකා 1707 දී තේසවලාමේ නීතිය ලන්දේසීන් විසින් පනවන ලදී. යාපනයේ ඉඩම් දේපළ උරුමය පිළිබඳ වූ විශේෂ නීතියක් ලෙස මෙය හැඳින්විය හැක. මේ නීතියට මලබාර් නීතිය යයිද කියනු ලැබේ. යාපනේ අලුත් ධනපති සමාජය වෙල්ලාල වංශික රදල දේශපාලන නායකත්වයට තල්ලු වූයේ ඉංග්‍රීසි යුගයේ මිෂනාරි අධ්‍යාපනය සමඟයි. ඊට ජාතිවාදයේ ගිනිදැල් එකතු කළේ චෙල්වනායගම්ය.
දුම්කොළ වගාවෙන් සමෘධිමත් වුවද ආගමික කාරණා වලදී ජනයා තලා පෙලා දැමීම ලන්දේසි ප්‍රතිපත්තිය විය. ප්‍රොතෙස්‌තන්ත්‍ර ආගමිකයකු නොවන්නේ නම් මුදලි තනතුරු, ගොවිබිම් හෝ රජයේ රැකියා කිසිවක් නොලැබුණි. ලන්දේසීන්ට යටත් වූ වහාම කතෝලික පූජකයන්ට යාපනයට ඇතුළු වීම තහනම් කෙරිණි. 1658 සැප්තැම්බර් 19 වන දින ප්‍රසිද්ධ දැන්වීමක් මගින් කතෝලික පූජකයන්ට රහසේ ඉන්නට ඉඩ පහසුකම් සලස්‌සන්නන් හට මරණීය දණ්‌ඩනය නියම කර තිබුණි. 1682 දී අනෙකුත් ආගම් වල උත්සව හා පෙරහැර තහනම් කරන ලදී. 1690 නත්තල් දා දේව පූජාවට රැසA වූ කතෝලික භක්‌තිකයින් අත්අඩංගුවට ගෙන කස පහර දී ඇත. මේ දුක්a පීඩාවන්ට ලක් වූ කතෝලික භක්‌තිකයන් ගැන සොයා බැලීමට ජොසප් වාස් පියතුමා යාචකයකුගේ වෙස් ගෙන යාපනයට පැමිණ ගම්බිම් වල සංචාරය කර ඇත. එතුමා 1711 ජනවාරි 07 වැනි දින මහ නුවරදී ජීවිතක්‌ෂයට පත් වී ඇත. මේ ආගමික පීඩාකාරී වාතාවරණය මැද දෙවැනි රාජසිංහ රජු උඩ රට ගම්මාන දෙකක කතෝලික ජනයා පදිංචි කර විය. වහකෝට්‌ටේ ඉන් එකකි. තවද දෙවන රාජසිංහ රජු වරෙක මීගමුවේ ලංදේසි ප්‍රධානියාට දන්වන ලද්දේ “මේ දිවයිනේ කොතනක ජීවත් වුවත් කලු හම ඇති මිනිසුන් රජුගේ යටත් වැසියන් බවය. මේ ප්‍රකාශයේ අදහස රටේ මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වීමට රජුය ඇති අයිතියද අනෙක් අතින් සිංහල වේවා, දෙමළ වේවා, මුස්‌ලිම් වේවා, ක්‍රිස්‌තු භක්‌තිකයකු වේවා, බෞද්ධ වේවා, හින්දු වේවා ඔවුන් සියල්ල රැකීමට රජු කටයුතු කරන බවයි.” එසේ නම් ලංකාවට ජාතිවාදය ගෙන ආවේ කවුද කවදාද යන්න යලි සිතා බැලිය යුතුය.
යාපනයේ ඉතිහාසය පිළිබඳව ඇති යාල්පාන වයිපවමාලේ ග්‍රන්ථය 1736 ලන්දේසි යුගයේ ලියූ බවත්, ඡේන් මැක්‌කාරේ නම් ආණ්‌ඩුකාරයාගේ ඇරයුමෙන් ලියූ බවත් එම පොතේ සඳහන් වේ. තවද, මැක්‌කාරේ යාපනයේ ආණ්‌ඩුකාරයා යෑයි සමහර ලේඛකයන් සඳහන් කරයි. එහෙත් මේ ආණ්‌ඩුකාරයා 1736 ජුනි 07 වැනි දින සිට 1736 ජුලි 23 දක්‌වා දවස් 46ක රාජකාරි කාලය ඉටු කළේ කොළඹ දීය. ඔහු යාපනයේ ආණ්‌ඩුකාරයා යෑයි කීම වැරදිය. තවද මේ යුගයේ හින්දු ආගම තහනම් කර, හින්දු කෝවිල්වල උත්සව පෙරහැර තහනම් කර හින්දු භක්‌තිකයන් තලා පෙලා ඇති එවැනි අවධියක මයිල්වාකනම් නම් පුලවර්වරයකුට එබඳු පොතක් ලිවීමට ඇරයුම් කලා යෑයි සිතිය හැකිද, එසේ කලත් එවැන්නක් ඉටු කරයි ද. තවද, මේ යුගයේ දෙමළ හා ලන්දේසි බසින් මුද්‍රණය කළ හැකි මුද්‍රණාල තිබී ඇත. පරිවර්තකයන් ද සිට ඇත. එසේ තිබියදී දෙමළ බසින් තල් කොළ වල මෙවැනි පොතක් ලිවීමට හේතුවක් නැති බව යාපනයේ දෙමළ ලේඛකයකු විසින් පෙන්වා දී ඇත. එසේ වුවද මුද්‍රිත පිටු 58 න් යුක්‌ත ඉංග්‍රීසි පොත සී. බ්‍රිටෝ විසින් පරිවර්තනයක් ලෙස 1879 දී මුද්‍රණය කර ඇත. එය පිළිගන්වා තිබුණේ පී. ඒ. ඩයික් නැමති උතුරු පළාතේ රජු ලෙස හැඳින්වූ ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ඒජන්ත වෙතටයි. වයිපව මාලේ පොත කියවන්නෙකුට යාල්පානම් චරිත්‍රම් පොත ද කියවිය හැකි නම් වයිපව මාලේ චරිත්‍රම් පොතේ සංස්‌කරණයක් බව පෙනේ. තවද ජෝන් එච්. මාර්ටින් නැමති දෙමළ ලේඛකයා නොට්‌ස් ඔන් ජැෆ්නා (Notes On Jaffna)) නමැති පොතේ පරිශ්ඨය පුරාම ලියා ඇත්තේ වයිපවමාලේ 1736 ලියූ පොතක් නොවන බවයි. එම නිසා එම ඉතිහාස පොත ලන්දේසි කාලයේ ලියූවා යන්න පිළිගැනීම අපහසුය. කයිලාස මාලය වයියපඩාල් වැනි පොත්වල ලියූ දෙයට තවත් ගෙතූ කතා එකතු කර ඉංග්‍රීසි යුගයේ දී මෙම පොත මගින් ජාතිවාදී ඉලක්‌කයක් ගොඩනංවා ඇත.
1664 දී දෙවැනි රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් පැනනැගී අතර එම කැරැල්ල මෙහෙයවා ඇත්තේ යාපනයේ අවසාන රජුගේ දුවට හා බදුල්ලේ කුමරසිංහ කුමාරයට දාව උපන් අඹන්වෙල රාල විසින්ය. තවද 1766 පෙබරවාරි මස 18 වැනි දින උඩරට රජු හා ලන්දේසීන් අතර ගිවිසුමක් ඇති කරන ලදී. මේ අනුව මුහුදුබඩ පළාත්වලින් ගව්වක් ලන්දේසීන්ට පැවරුණි. මේ පැවරීමේ ගිවිසුම මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ වෘත්තාන්තය නැමති එස්. ඕ. කනගරත්නම් මහතා ලියූ පොතේ 17 වැනි පිටුවේ දැක්‌වෙන අතර ඒ අනුව යාපනේ, මන්නාරම, කල්පිටිය, ත්‍රිකුණාමලය හා මඩකලපුවද උඩරට රජුගේ අයිතියෙන් ලංදේසීන්ට පැවරී ඇත. ඉන් ද පෙනෙන්නේ යාපනේ ස්‌වාධීන රාජ්‍යයක කතාව පදනම් විරහිත බවයි.
උඩරට රජු හා ලන්දේසීන්ගේ ගිවිසුම අනුව මුහුදුබඩ පළාත්වල අයිතිය පැවරීමෙන් පසු ලන්දේසි ආණ්‌ඩුකාරයාගේ යටතේ පුත්තලම, කොළඹ හා කළුතර ද ගාල්ලේ අණ දෙන නිලධාරිය යටතේ ගාල්ල, මාතර හා හම්බන්තොට ද, යාපනේ ආණ්‌ඩුකාරයා යටතේ මන්නාරම යාපනය හා මඩකලපුව කුඹුක්‌කන් ඔය දක්‌වා පැවතී ඇත. ලන්දේසි ආණ්‌ඩුකාරයා හා මල්වත්තේ නායක හාමුදුරුවන් අතර 1769 දී පැවැත් වූ සාකච්ඡාවක් පිළිබඳව Agricultural Commercial and Financial Interests of Ceylon යන පොතේ 451 වැනි පිටුවේ සඳහන් වේ. මෙවැනි වැදගත් සාකච්ඡාවකදී ඊළාම් රාජ්‍යයක් පිළිබඳව කිසිම තැනක සාකච්ඡා කර නැත. එයින් පෙනෙන්නේ එවැන්නක් පිළිබඳව ලන්දේසීන් පවා නොදැන සිටි බවයි.
බ්‍රොහියර්ගේ ලක්‌දිව පුරාතන වාරිමාර්ග නමින් මහවැලි කේන්ද්‍රය මගින් පල කළ පොතේ හයවන පරිච්ඡේදයේ නැගෙනහිර පළාත පිළිබඳව විස්‌තර ලිවීමේදී 51 වැනි පිටුවේ දැක්‌වෙන කොටසක් අවසාන වශයෙන් මෙහි උපුටා දක්‌වමු. ”කරුණු මෙසේ පවතින අතර උතුරු දෙසින් මලබාර් ප්‍රධානීන් දකුණ බලා එන්න පටන්ගත්තු යෑයි ප්‍රයිඩම් ලියා තිබේ. මොවුනතුරෙන් කෙනෙක් වන්නියා නම් තනතුරු නමක් ආරූඪ කරගෙන මඩකලපු දිස්‌ත්‍රික්‌කය ආණ්‌ඩු කළේය. වැද්දන් විසින් ඔහු රටින් නෙරපනු ලදුව පොයින්ට් පේදුරුවලට පසු බැස, මඳ කලක් ගිය පසු මුක්‌කු ගොත්‍රයන් වූ නැව් හතක් සමඟ ආපසුවිත් ඔවුන්ගේ සහායෙන් වැද්දන් පලවාහැර නැවත තමන්ගේ බලය පිහිටුවා ගත්තේය. කල්යාමේ දී මුක්‌කුවෝ කැරලි ගැසූහ. ඉන් පසු උඩරට රජු විසින් කැරැල්ල බිඳුවා ඔවුන් කීකරු කොට මුළු දිස්‌ත්‍රික්‌කයටම දිසාපති කෙනෙක් පත් කරන ලදී. පුරාණ පදිංචි කාරයන්ගේ කොටසක් නාඩු කාඩුවේ වාසය කොළෝය. පානම ඌවට යා කරන ලදී. ඉතිරි මුහුදුබඩ රට පත්තු හතකට බෙදා, මුක්‌කුවා ජාතියේ පවුල් හතක් අතර එක්‌කෙනාට එක පත්තුව වැටෙන ලෙස බෙදාගත්තෝය. වැඩි කලක් යන්නට මත්තේන් දෙමළු කණ්‌ඩායමක් යාපනෙන් පැමිණ එහි ලැඟුම් ගත්තාහුය.”
මේ බ්‍රොහියර් ලියා ඇති ලන්දේසි යුගයේ නැගෙනහිර පළාතේ සිදු වීමක්‌ය. මේ අනුව දුම්කොළ වගාව යාපනයට පැමිණි මලබාරයන් නැගෙනහිරට පැමිණ ඇති බව පෙනේ. මේ කරුණු අනුව ඊලමේ ඉතිහාසය වංචාවක් බව ලන්දේසි යුගය ඇසුරෙන් ද පෙනේ.
July 24th, 2017 at 7:48 am
Mother Lanka has 4 children, one of her own and 3 adopted. Sinhalese Buddhists, then came the catholics after parangi invasion who changed converted to line up their pockets, then tamils after
dutch brought them to work in tobacco plantations and british brought them to work in tea estates, then the mussies
who came as traders. Today mussies have used their dirty trick of multiplying multiplying with their Baby Machine
Wives have taken over every town in the country. This is the dirty trick they used to change old Buddhist iran,
afganisthan, pakesthan, bangladesh, maldives, malayasia and indonesia to mussies within a few hundred years of
their arrivals in those country (don’t take my word for it, Google Buddhist heritage of those countries to see for
yourself).
The dutch and the british didn’t import tamil kings from tn. They brought cheap labour. Their
ancient kingdoms (mythical) exist only in books and www. They don’t have an ancient bricks to substantiate their
absurd claim. They don’t have any Anuradhapuras, Polonnaruwa. Tamils are living in 3 areas. North and the east
(dutch imports to work in tobacco plantations), then the upcountry (british handy work) and the coastal belt
(kallathonis who crossed the seas to save their lives in the sever famine in tn in the 60s). Surprise, surprise
they all are natives. Some even have the audacity to call Sinhalese are foreigners.
Ancient civilisations to exist they needed one very important thing. Water. Water in abundance! Even the Sinhalese
kings didn’t have kingdoms in the north due to their non availability of water. Anuradhapura had Kala Weva.
Polonnaruwa had Parakrama Samudraya. North? They had tap water? That’s the simple reason. These foreigners
chant this mantra knowing Sinhalse won’t make a lot of fuss about it. These guys are followers of god-based
religions of conveniences which don’t regard lying as a sin. Charles Darwin’s Theory of Evolution destroyed the
creator god concept. If these guys are following a true religon like Buddhism which regard lying is a sin, they won’t
keep chanting this absurd mantra. As a consequence, they won’t be two legged creatures in their next lives! Sorry
guys you can’t chant the absurd mantra in your next lives if you are born here.
July 25th, 2017 at 3:45 pm
By occupying towns and cities, the Muslims have gradually taken over country’s economy. With this, they are able to buy off the corrupt Sinhala politicians who are only interested in lining their pockets. THIS IS WHAT IS HAPPENING IN THE COUNTRY TODAY.
They are building mosques all over the country and soon from the sky it will look a Muslim country. They are also educating future Jihadi fighters in the Islamic Schools called Madrasas. Illegal immigrants too are being planted in land robbed from government owned land either in the wild life sanctuaries or in other government owned forested lands. They have already taken over land belonging to Buddhist archaeological sites such as Kuragala, Muhudi Maha Vihara and Digavapiya. Already Tamils in Mulaitivu – Mukalanduwa are protesting Muslims being settled in forested areas around Malaitivu.
I am sure they are already amassing arms for a possible future armed conflict similar to what is happening in South Thailand and Mindanao in the Philippines.
I DO NOT KNOW WHAT CAN PREVENT SRI LANKA FROM BECOMING A MUSLIM MAJORITY COUNTRY IN THE NEAR FUTURE.
July 26th, 2017 at 12:39 am
As long as Sinhalaya LOVE PARTICULAR POLITICIANS, there is no way to PREVENT SRI LANKA FROM BECOMING A MUSLIM MAJORITY COUNTRY IN THE NEAR FUTURE.