ගම is ok: දෙන්න දෙයක් නැහැ, තිබුනත් දෙන්නෙත් නැහැ
Posted on December 11th, 2017
BY MALINDA SENEVIRATNE
කොහොම වුනත් ‘අපි වෙනස්’ කියන කතාව පරණයි. ඒ විතරක් නෙවෙයි ඒක අර්ධ සත්‍යයක්. ජවිපෙ මේ රට පාලනය කරපු කාලයක් තිබුන, හරියටම එල්ටීටීඊ සංවිධානය රට පාලනය කළා වගේ. යටින්. ඒ කාලේ ජවිපෙ තමන්ව හැඳින්වූවේ ‘පුංචි ආණ්ඩුව’ කියල. ඒ පුංචි ආණ්ඩුව මහා ආණ්ඩුව කරන වඩාත් කෙරුව, විශේෂයෙන්ම ‘මර්දනය’ කියන විෂයට අදාලව.
ඒවා ‘විප්ලවයේ වාස්තවික තත්ත්වයන්’ කියන එකට බැර කරමු. එත් ජවිපෙ ඍජුව හෝ වක්‍රව මේ ‘දෙපැත්තට’ ම උදව් කලේ දේශපාලන කපටිකමටද අඥානකමට ද නැත්තම් කරකියාගන්න දෙයක් තිබුනේ නැති නිසා ද? විප්ලවයක් කර ගන්න බැරි නිසා (වාස්තවික තත්ත්වයන් අවශ්‍ය තරම ට මෝරලා නැති නිසා කියමුකෝ) නිර්මාල් රන්ජිත් දේවසිරි කියන විදිහට ‘අඩු තීව්‍රතා විප්ලවයක්’ කරන තැනට පසු බසින්න වුනාද? ඒ සඳහා ‘හොරුත් සමග හෙළුවෙන්’ ඉන්න වුන එක විප්ලවයේ ජීව ගුණය කියා පානවා කියල ජවිපෙ හිතනවද?
ජවිපෙ ‘දෙපැත්ත’ කියල කියන්නේ කාටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ට ද? පොහොට්ටු කාරයෝ ‘කෑවේ නෑ’ කියලද ජවිපෙ කියන්නේ? නැත්තම් එයාලත් ‘ශ්‍රීලංනිපය’ තුලට දාල ද මේ ‘දෙපැත්තක්’ ගැන කතා කරන්නේ? කෙසේ වෙතත් ඔය කියන දේශපාලන පක්ෂ හෝ සන්ධාන හෝ බලවේග සියල්ලටම ‘කන්න’ කෑම මේසය ලැස්ති කරන්න ජවිපෙ දායක වුනේ නැද්ද?
ජවිපෙ කියන්න හදන දේ ටිකක් අපැහැදිලියි. ජවිපෙ ද දෙපැත්තෙන් ම කෑවේ? මොනවාද කෑවේ? නැත්තම් කියන්න හදන්නේ ජනතාව (නැත්තම් ‘ගම’) දෙපැත්තෙන් ම කෑව කියලද? කෑවේ මොනවාද? ජරාවද ගුටි ද?
ජවිපෙ පණිවුඩය අපැහැදිලියි. ඒකෙ ලොකු අවුලක් නැහැ, මන්ද ජවිපෙ පරණ නිසා. එන්නේ මොකාටද, යන්නේ කොහෙටද කියන එක අමුතුවෙන් විභාග කල යුතු නැති නිසා. ඒ කියන්නේ 88-89 ට පසුව ජවිපෙ අළුත් වුනා නම් ඒ ‘අළුත් ජවිපෙ’ දැන් පරණ වෙලා. ශ්‍රීලංනිපයට, එජාපයට, ඉපැරණි වමට වගේම පොහොට්ටු කාරයින් ට වඩා තරුණ වුනාට ජවිපෙ කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද යනාදිය හිතාගන්න පුළුවන් තරමට ජවිපෙ මහළු වෙලා. පෝස්ටරයක මොන දේ කිව්වත්, මොන තරම් නිර්මාණශීලී වුනත්, ජවිපෙ කව්ද කියන එක මිනිස්සු දන්නවා (එජාපය ගැනත්, ශ්‍රීලංනිපය ගැනත්, පොහොට්ටු කාරයෝ ගැනත් එච්චරයි).
ඒ වුනාට අපැහැදිලි විදිහට හරි ඉදිරිපත් කරලා තියෙන පෝස්ටරය පවතින දේශපාලනය තේරුම් ගන්න ඉවහල් වෙනවා.
‘අපට ඡන්දේ දෙන්න’ කියන හැම පොස්ටරයකම දේශපාලන සංවිධාන කරන්නේ තමන් විසින් තමන් සමග තමන් සඳහා ‘ගම’ ගසාකන එක. ගමේ හඬ නෙවෙයි ඇහෙන්නේ ගම විකුණන් කන්න සෙට් වෙන අයගේ හඬ. මෙය ගමටත් රටටත් පොදු තත්ත්වයක්. ගමෙත් රටෙත් ඉරණම මෙම දේශපාලන මොහොතේ තීන්දු කෙරෙන විදිහ විස්තර කරන ක්‍රියාවලියක්.
මේ විදිහට හිතමු.
ප්‍රාදේශීය සභාව තිබිය යුත්තේ ගම තුලයි. ඒත් ගම තියෙන්නේ ප්‍රාදේශීය සභාව තුලයි. ප්‍රාදේශීය සභාව තියෙන්නේ (අදාළ) දේශපාලන පක්ෂය තුලයි. පක්ෂ තියෙන්නේ නායකයින්ගේ සාක්කුවේ (දේශපාලන නායකයෝ ඉන්න ඕනේ පක්ෂයේ සාක්කුවේ, ඒත් එහෙම වෙන්නේ නැහැ). නායකයෝ ඉන්නේ සමස්ථ දේශපාලනය තුල තම තමන් ස්ථානගත වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තුල යි.
ජවිපෙට වගේම අනෙකුත් දේශපාලන පක්ෂවලට ගමත් දීල රටත් දීල ගම කාගත්ත හැටිත් රට කාගත්ත හැටිත් ජවිපෙ වත් අනෙකුත් දේශපාලන පක්ෂ කතා කරන්නේ නැහැ.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කලේ පක්ෂ දේශපාලනය. මේ එකෙකුට වත් ගමවත් රට වත් දීල ආයෙත් කෙලවගන්නේ මොකටද කියන ප්‍රශ්නේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගම ඉතුරු කරගන්න නම්, රට ඉතුරු කරගන්න නම්, ගමෙනුත් රටෙනුත් මේ දේශපාලන තක්කඩි එලව ගන්න ඕන.
ඡන්දේ හිඟා කන්න එන ඕනෑම එකෙකුට කියන්න තියෙන්නේ මෙච්චරයි: ‘සොරි සහෝ, උදව් එපා, වදත් එපා, වද නොදී යන්න, ඕකේ?’
December 12th, 2017 at 12:35 am
අන් කිසිම රටක නැති, අපේ රටේ පමණක්ම ඇති, මෝඩ ලක්‍ෂණය නම් මොනවා හෝ කරුණකට රටට වඩා දේසපාලුවන්ට ආදරය කරන ජනතාව සිටිමයි. අර මහත්තයා මේ මහත්තයායි අමතමින් කිසිම මහාත්ම ගතියක් නැති පල් හොරුන්ටම චන්දය දෙන මෝඩයෝ ඉන්නේ ලංකාවේ සහ තමිල් නාඩුවේ පමණකි.
දේස පාලුවෝ කරන්නේ උන්ට අපි පඩි ගෙවන ඩියුටිය බැවින් උන් අපේ සේවකයෝ මිස බොස් ලා නොවෙනබව දන්නේ කී දෙනාද ?
December 12th, 2017 at 5:57 am
To have proper democracy there must be the ability for a constituent to contest for a constituency on his own. Whether it be for the Pradesheeya Sabha,Provincial council or parliament.
With out that democracy is being dictated by party secretaries and none of parties who are clamoring to protect democracy won’t utter a word about this deficiency.