විජේදාස දැයක සටන අරඹයි.. හම්බන්තොට චීනයට දීම ව්‍යවස්තා විරෝධීයි කියා නඩු දමයි.. පළමු දිනයේදීම නීතිපති අඩි ගානක් පසු බහී..
Posted on January 26th, 2018
lanka C news
වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය චීනයට ලබා දීමට එරෙහිව හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබේ.
සිය පෙත්සම මගින් ඒ මහතා සදහන් කරන්නේ මෙම ගිවිසුම මගින් රජය මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංගණය කර ඇති බවයි.
මෙම පෙත්සම සම්බන්දයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයා කාලය ඉල්ලා සිටි නිසා මෙම පෙත්සම සලකා බැලීම එළැඹෙන අපේ‍්‍රල් මස 04 වැනි දා දක්වා කල් දමනු ලැබීය.
පැමිණිලිකාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයා ලෙස පෙනී සිටින්නේද ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතායි.