බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් එකතුවී රවී කරුණානායක බිල්ලට දුන්නා
Posted on January 31st, 2018
Rajith Keerthi Tennakoon Executive Director/CaFFE
බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් සියලු දෙනා එකතු වී තිලක් මාරපන කමිටුව හරහා රවී කරුණානායක බිල්ලට දී, තමන් බේරී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. රවී කරුණානායක මහතා අර්ජුන ඇලෝසියස් සමග සබදතා පැවැත්වූ බව කොමිෂන් වාර්තාවේ දැක්වෙනවා. ඔහුට යම් ප්‍රතිලාභයක් ඒ මගින් ලැබෙන්නට ඇති බව අනුමාන කරන්නට පුළුවන්. නමුත්, බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් එජාප නායකයා හා ඔහුගේ ගජ මිතුරන් බව ඉතා පැහැදිලියි. තිලක් මාරපන කමිටුව සැබෑ හොරුන් බේරා එජාප උප නායකයා ‘බිල්ල’ ට දී තියෙනවා. මේක පැහැදිලි මැතිවරණ ඇස්බැන්දුමක්’ යැයි ද පැවසීය.
මාතර සරසි හෝටලයේ පැවති රැස්වීමක් අමතමින් තවදුරටත් කථා කළ තෙන්නකෝන් මහතා, අද වන විට ලංකා දේශපාලනය ඇත්ත හොරුන් හා ගජ මිතුරන් එකතුවී හොර පූසන්,ගෙන් තමන් ව්‍යාග්‍රයින් බවට පත් කොට ‘හොර පූසන්’ බිල්ලට දෙන ක්‍රමයක් බිහි කර තිබෙනවා යැයි ද පැවසීය.
බැදුම්කර වංචාවට සම්බන්ධ සැබෑ පුද්ගලයින්ට දඩුවම් කළ යුතුයි. මහ බැංකුව තව දුරටත් අගමැති අතේ තියාගෙන ඉන්නට ජනාධිපතිවරයා ඉඩ දි ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය තිබෙන නිසා ද? කියා මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි යැයි ද පැවසීය.