රනිල් සුලග නොනැවතේ.. එජාපයේ තවත් හතරක් දිවුරන්න සූදානම්..
Posted on October 30th, 2018
lanka C news
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රිවරුන් සිවු දෙනෙකු නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුරයන්හි හෙට (31) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ජනාදීපති කාර්යාලයේ ආරංචි මාර්ග සනාථ කරයි.
මේ වන විට කැබිනට් ඇමති ධුරයන්හි පුරප්පාඩු වේගයෙන් සම්පුර්න වෙමින් ඇති බවත් නව ඇමතිවරුන් දිවුරුම් දීම ඔවුන් විසින් යොදා ගන්නා වේලාවන් අනුව හෝ ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන වේලාවකට අනුව ඉදිරි දින කිහිපය තුල සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.
ඇමතිවරුන් දිවුරුම් දීම සිදුවන්නේ දිනකට කෙනෙකු හෝ දෙදෙනෙකු බැගින් බවත් ඉදිරි දින කිහිපයේදීම මෙම සිදුවීම් දැකගත හැකි වනු ඇති බවත් තව දුරටත් වාර්තා වෙයි.
මේ අතර නියෝජ්‍ය ඇමති ආනන්ද අලූත්ගමගේ මහතා සදහන් කරන්නේ එජාපයේ තවත් 06 දෙනෙකු හෙට දිනයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙන බවත් එජාපයේ 20 ඉක්මවූ පිරිසක් මීලග පාර්ලිමේන්තු සැසියට පෙර ඇමතිවරුන් ලෙස නව ආණ්ඩුවට එක්වනු ඇති බවත්ය.
October 30th, 2018 at 7:52 pm
The UPFA/JO should IMMEDIATELY organize a MASSIVE RALLY to DEMONSTRATE OVERWHELMING PUBLIC SUPPORT of the NEW GOVERNMENT!