කිරිපිටි සහ ඌරු තෙල්
Posted on February 25th, 2019
කතු වැකිය උපුටාගැණීම මව්බිම
80 දශකයේ මැද භාගයේදී පිටරටින් ගෙන්වන කිරිපිටිවල ‘විකිරණ’ ඇතැයි ආරංචි පැතිර යෑම නිසා මහත් ආන්දෝලනයක් රට තුළ ඇති විය. සෝවියට් දේශයේ (රුසියාවේ) චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ පිපිරීමක් නිසා ‘විකිරණ’ මෙලෙස කිරිපිටිවලට එකතු වී ඇතැයි පැවැසිණි. යළිත් එවැනි ආන්දෝලනයක් 2010 වසරේ ඇති වූයේ ආනයනික කිරිපිටිවල මිනිස් සිරුරට අහිතකර මෙලමයින් රසායන අඩංගු බව ‘මාධ්‍ය’ පළ කළ පුවතක් නිසාය. මේ දිනවලද ආනයනික කිරිපිටිවල සත්ත්ව මේදය හෙවත් ‘උෟරු තෙල්’ ඇතැයි පළ වන පුවත නිසා මහත් ආන්දෝලනයක් මතු වී ඇත.
ලෝකයේ කිරිපිටි වර්ග දෙකක් තිබේ. පළමු වැනි කිරි වර්ගය ස්වාභාවික මේදය ඉවත් නොකර විසිර වියළන ලද කිරිපිටිය. ඉවත් කරන ලද ක්ෂීර මේදය වෙනුවට බාහිරින් මේද වර්ග ආදේශ කර විටමින් හා ඛනිජ ලවණද පිටතින් එකතු කර නිෂ්පාදනය කරන කිරිපිටි දෙවැනි වර්ගයයි. අපේ රට වැනි තුන් වැනි ලෝකයේ රටවල වෙළෙඳපොළේ ඇත්තේ දෙවැනි වර්ගයේ කිරිපිටි වේ.
කිරි මේදය ඉවත් කර ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කිරීම නිෂ්පාදන
සමාගම් සිදු කරන අතර චෝදනාව වී ඇත්තේ උෟරු තෙල් මේ කිරිපිටිවලට මිශ්‍ර කරන බවය. සත්ත්ව තෙල් වර්ග අතර මෝර, හැලිබට් ලිවර් ප්රමුඛ වේ. මේ තෙල් ලබාගන්නේ අදාළ මත්ස්යයන්ගෙනි. බැටළු තෙල්, ගව තෙල් හා උෟරු තෙල්ද ආහාර නිෂ්පාදනයේදී පාවිච්චි කෙරේ. පොල් තෙල් මිල අධික නිසා ෆාම් තෙල්, සෝයා තෙල්, සුරියකාන්ත තෙල් හා අචනඥඵඥඥඤ තෙල්ද යොදා ගනී.
ශ්‍රී ලංකාවට ආනයනය කරන සෑම කිරිපිටි වර්ගයකම පාහේ මේදයෙන් 30%ක් දක්වා ෆාම් තෙල් අඩංගු බව පැවැසේ. සත්‍ය කතාව නම් ස්වාභාවික කිරි මේදය අඩංගු කිරිපිටි මිලදී ගැනීමට ලංකාව වැනි රටක පාරිභෝගික ජනතාවගෙන් අති බහුතරයට නොහැකිය.
‘කිරිපිටි’ බීමට මෙරට වැඩිහිටියෝද දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. ඒ නිසා කිරිපිටිවල උෟරු තෙල් කතාවලින් ඒ ඇබ්බැහියෙන් ඔවුන් ගලවා ගත නොහැකිය. කනගාටුව වන්නේ කොතෙක් උත්සාහ කළත් ‘දේශීය කිරිපිටි’
නිෂ්පාදන නැංවීමට මෙරටට තවමත් නොහැකි වීමය. එළකිරි ගොවියාට ‘මිලක්’ නොමැති වීමෙන් එළකිරි පාරේ හැලීමට ඔවුන්ට සිදුවෙයි. ඒ, විරෝධය දැක්වීම සඳහාය. දියර කිරි හෙවත් එළකිරි ජනප්‍රිය කිරීමට ගත් වෑයම යම් පමණකට සාර්ථක වී තිබුණද තවමත් ගොවියා හා පාරිභෝගිකයා තෘප්තිමත් වන අදියරකට දියර කිරි කර්මාන්තය පැමිණ නැත. කිරිපිටි කර්මාන්තයේ තත්ත්වයද ඊට වෙනස් නැත.
මේ ආකාරයට බලන විට කිරිපිටිවල උෟරු තෙල් තිබුණා කියා ප්‍රශ්නයක් නැත. ප්රශ්නය වන්නේ මේ කිරිපිටිවල ගුණයක් නැති වීමය. පිටරටින් කිරිපිටි ගේනවා වෙනුවට මෙරට කිරිපිටි කර්මාන්තය දියුණු කිරීමත්, දියර කිරි නොඑසේ නම් එළකිරි කර්මාන්තය නැංවීමත් කළ යුතුය.