ආරක්ෂාව, ආර්ථිකය, මත් උවදුර මැඩලීම මුල් කර ගත් අවබෝධතා ගිවිසුමට නිදහස් පක්ෂය සහ ගෝඨාභය අත්සන් තබයි
Posted on October 19th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා.
ඒ කොළඹ – 07 බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදීයි. <br /><br />අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන් පැවති උත්සවයේ තේමාව වී තිබුණේ රට වෙනුවෙන් ගෝඨාභයට අත යන්නයි.
එම උත්සවයේ වැඩ කටයුතු ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ වුණා.
අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එක්ව සිටියා.
දෙපාර්ශවය අතර, අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අත්සන් තැබුවා.
ජාතික ආරක්ෂාව සුරැකීම, ආර්ථික සංවර්ධනය, පාතාල මර්දනය, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුලූ කරුණු ගණනාවක් මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්.
මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ සෑම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුගේම සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට කටයුතු කරන බවයි.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ උත්සව සභාව අමතමින් කියා සිටියේ සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් ආර්ථිකයක් ඇති කිරීම ඇතුළු ප්‍රතිපත්ති මාලාවකට එකඟතා ඇතිකරගත් බවයි.