මන්ත්‍රී ඩලස්ගෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකාට චෝදනාවක්
Posted on October 23rd, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීමේ උත්සහයක නිරතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ද එක්ව සිටියා.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරවලින් සමන්විත වන බවට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කළා.